ඔස්ට්‍රියාවේ ස්ටයිරියා ප්‍රාන්තයේ පිහිටන ගෲනර් සී උද්‍යානය වැන්නක් ලොව වෙනත් කිසිදු පෙදෙසකින් සොයාගත හැකිවේදැයි සැකය.
මේ උද්‍යානය වසරේ එක් කාලයක් පවතින්නේ සම්පූර්ණයෙන්ම පාහේ දිය යටය .එසේ තිබී වසරේ අවසාන භාගය එළැඹෙන විට එහි ඇවිද යා හැකි සාමාන්‍ය උද්‍යානයක් බවට පරිවර්තනය වේ.
ගෲනර් සී පිහිටා තිබෙන්නේ හිමෙන් වැසී ගිය හොච්ස්වැබ් කදු පාමුලය.
සෑම වසන්ත සමයකදීම හිරුගේ උණුසුමින් දියවී යන හොච්ස්වැබ් කදු මුදුනේ රැදී තිබෙන හිම නතර වන්නේ පාමුල ඇති උද්‍යානයේය.මෙනිසා වසන්තය ඇරඹී සති කිහිපයක ඇවෑමෙන් උද්‍යානය දිස්වන්නේ විසල් ජල තටාකයක් මෙනි.මාළුවෝ ඒ මේ අත පිහිනති.ජලජ ශාකද ඕනෑ තරම් දැකිය හැකිය.උද්‍යානයේ තිබූ බංකු ආදී සියලූ දේ ජලයේ ගිලී පවතින්නේ හදිසි ජල ගැල්මක් සිදුවී සියලූදෙනා උන්හිටි තැන් අතහැර ගොස් ඇති බවක් පෙන්වන්නාක් මෙනි.
මේ සමයේ ගෲනර් සී කිමිදුම්කරුවන් අතර ජයප්රියය.
වසන්තය ගෙවී ගිම්හානය එළැඹෙන විට හිරුගේ රැස් ක්‍රමයෙන් දුර්වල වීමට ගනී.හොච්ස්වැබ් කදු මුදුනෙන් ගලන දිය පහරද නවතී.දැන් උද්‍යානයේ පරිවර්තනය සිදුවන කාලයයි.උද්‍යානයේ රැදී තිබෙන ජලය සියල්ල ක්‍රම ක්‍රමයෙන් ඉවත්ව යෑම සිදුවන්නේ මේ සමයේදීය.ගිම්හානයේ අවසන් භාගය වන විට උද්‍යානයේ දිය බිදක් හෝ තිබුණු බව සොයාගැනීමටවත් නොහැක.
දැන් උද්‍යානයේ සක්මන් කළ හැකිය.මෙතෙක් කල් දියේ ගිලී තිබූ බංකු වලටද අලූත් පණක් ලැබී ඇත්තාක් මෙනි.පරිසරයද සුන්දරය.මේ සමයේ ගෲනර් සී ජනප්‍රිය වන්නේ කදු නගින්නන් හා කූඩාරම් සංචාරයන්හි යෙදෙන්නන් (කෑම්පර්ස්) අතරය.
සීත සෘතුව ගෙවෙන තෙක්ම මෙසේ පවතින ගෲනර් සී වසන්තය එළැඹිමත් සමග නැවත දියෙන් පිරේ.
උද්‍යානයේ ඇති ශාඛ පවා මේ විපර්යාසයට ගැලපෙන සේ හැඩගැසී තිබෙන බව සදහන්ය.එම ශාක වලට දිය යට ගිලී පැවතීමේ හැකියාව මෙන්ම සාමාන්‍ය පරිදි ජීවය පවත්වාගැනීමටද හැකියාව ඇතැයි පැවසේ.
ගෲනර් සී ස්වභාව ධර්මයාගේ මහිමය කියාපාන හොදම උදාහරණයකි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම සුන්දරයි.පින්තූර බැලුවමත් මනසට සැහැල්ලුවක් දැනෙනවා (නි)
නාලී යුරෝපයේ නෙවෙයි මේ ඕස්ට්‍රේලියාවේ (නදී)
සිතට ගතට පුදුම සුවයක් දැනුනේ ඒ පින්තුර ටිකටයි පුවතටයි... ඔබට තුති ලංකාදීප (අ)
කොච්චර ලස්සන තැනක්ද ? (නදී)
අනේ හරිම ලස්සනයි. පුදුමයි බෝම ස්තූතියි. අපට බලන්න පල කලාට. (නදී)
හරි ෂොක් අනේ හරිම ලස්සනයි (නදී)
වතුර නැතිවුන ගමන් මේ විලේ ඉන්න මාළු ටික උඩම කොමෙන්ට් එක දාපු "ලංකා" අල්ලගන්නවා ඇති. මට ඇතිවුනු ප්‍රශ්ණය වුණ වතුර නැතිවුණ විට මාළුන්ට මොකද වෙන්නේ.? යන්නට කිසියම් පිලිතුරක් තිබුණත් නැවතත් මාළු ඇති වෙන්නේ කොහොමද.? කියන එක තමයි ප්‍රශ්ණය. (ර)
හරි ලස්සන දෙයක්.(හේ)
අන්න ආශ්චර්යය...(හේ)
ලංකාදීපයට ස්තුතියි මේ වගේ විස්තරවලින් අපිව දැනුවත් කරනවට. (නදී)
මේ රටවල් වල සුන්දරත්වය සමහර කොටස් විනාශ කරනවා (නදී)
මමත් හරි කැමතියි මේ රටට (නි)
මේක නම් අපුරු ලස්සන තැනක්. බලන්න යන්න හිතෙනවා (නි)
දෙවියන්වහන්සේගේ මැවීම් වල අපුර්වත්ය, මෙය මිනිසාට දුන් ත්‍යාගයක් (දිල්)
මේ වගේ ලිපි හැමදාම දාන්න. අපි නොදන්නා ලස්සන ලෝකය හරිම පුදුමයි. (නදී)
ස්තුති කරන්නම හිතුනා. ඊළඟ යුරෝපා සංචාරයේදී බලන්න යන්න ඕනා. (නදී)
සුන්දර පුවතක්...'ස්තුතියි ලංකාදීප...' (ස)
ඇත්ත හරිම ලස්සනයි. (ස)
ඉතා අලංකාරයි (නදී)
හොද වැඩක්. (ර)
බොහොම අගෙයි. රූපයේ ඉන්න මාළුවන් හදුන්වන්නේ throtha යන නාමයෙන්. ඉතාමත් ප්‍රනීත රසයෙන් යුක්තය. මාළුවාගේ ඇතුලත තැබිලි පැහැයක් ගනී. සොලොමන්(සල්මොනේ) නම් මාළු විශේෂයට අයත් මාළු වර්ගයකි (නදී)
හරිම ලස්සනයි (නි)