අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමි ගේ වර්ෂ පූර්ණ ගුණ සැමරුම පැරීසියේදි පැවැත්විණි.
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා මහතා, දඹර අමිල හිමි , ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ගිණුම්කරණය සහ කළමනාකරණ අධ්‍යයන වාණිජ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රධාන ආරාධිතයෝය.
සිංහල, දෙමළ, මුස්ලිම් සියලූම ජාතීන් එකම සහෝදරයන් ලෙස ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය කරන්නේ කෙසේද? හා ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කර ගන්නේ කෙසේද ? යන්න ගැන දීර්ඝ විස්තරයක් කරමින් දඹර අමිල හිමියෝ දේශනයක් පැවැත් වූහ.
රටේ වර්තමාන මුල්‍ය අර්බූදය, බැදුම්කර වංචාව, හා ශ්‍රී ලංකාවේ ආර්ථික කළමනාකරණය ප්‍රධාන කොට දේශනයක් ආචාර්ය අනිල් ජයන්ත පැවැත්වීය.
ප්රබුද්ධ සංවාදශිලි සභාවක්ද පැවැත්විණි. පසුදින පැරීසියේ ශ්‍රී ලාංකික සිංහල, දෙමළ, මුස්ලිම් සමාජ ක්‍රියාකාරීන් හා සාකච්ඡාවක් තානාපති කාර්යාලයේදි අමිල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ප්රශ්නය - ප්‍රංශය යනු රාජ්‍ය හා ආගම වෙන්ව පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති නිදහස් රටක්. නමුත් අපේ රටේ ව්‍යවස්ථාව ආගම් රාජ්‍ය ආගම් ලෙස සලකනවා. රාජ්‍ය ආගම ලෙස බෞද්ධාගමට විශේෂ තැනක් හිමි වෙනවා. ජනගහණයෙන් වැඩි ප්‍රතිශතය බෞද්ධයෝ. මේ වන විට හැම පාරක, හන්ඳියක බුදු පිලිම ඉදි වෙනවා, පැය 24ම පිරිත් ඇසීමට ලැබෙනවා, විශේෂ දිනවල පන්සල්, පල්ලි, කෝවිල් සුදු ඇඳගත් සැදැහෑවතුන්ගෙන් පිරී ඉතිරිලා, රටම පින්වතුන් ගෙන් පිරිලා. නමුත් හාමුදුරුවණේ ප්‍රංශයේ ඕනෑම රාත්‍රියක කාන්තාවකට තනියම පාරේ ඇවිදීමට ඇති නිදහස මෙතරම් පිරිසිදු නිර්මල ධර්මයක් ඇති ලංකාවේ නොමැති බව සිදුවන දේවලින් අවබෝධ වෙනවා. එහෙම වෙන්නෙ ඇයි?
පිළිතුර - ඔබ තර්කයක් ගෙනාවා ආගම ප්‍රධාන කොට නොසලකන ප්‍රංශයේ ඕනෑම වෙලාවක කාන්තාවකට පාරේ බැහැලා යන්න පුළුවන් කියලා. ඒක ඇත්ත. ඒ වගේම ආගම ඉතාම දැඩි ලෙස සලකන සෞදි අරාබිය කියන රටේ කාන්තාවකටත් මේ වගේම පාරේ බැහැල යන්න පුළුවන්. මොකක්ද වෙනස ?. ආගම ඉතාම තදින්ම ඇති සමහර අය මූලධර්මවාදී යැයි සලකන සවුදි අරාබියේ එක මිනීමැරුමක්වත් නැහැ. ස්ත්‍රී දූෂණ නැහැ. එහෙම වෙන්නේ ඇයි ? ප්‍රංශයේ ප්රජාතන්ත්රවාදය තියෙනවා. විනය නීතිය අකුරටම තියෙනවා. සෞදිය වගේ රටවල ප්රජාතන්ත්රවාදය කෙසේ වෙතත් රාජකීය මධ්‍යගත පාලනයක් පවතිනවා. එහි නීතිය අකුරට ක්‍රියාත්මක වෙනවා. විනයක් තිබෙනවා. දැන් බලන්න සමාජවාදි ක්‍රමයට හැඩ ගැසුණු චීනය, උතුරු කොරියාව, කියුබාව වගේ රටවලූත් අතීතයේ නැගෙනහිර යුරෝපය ඇතුළු රුසියාවෙත් ආගම ප්‍රධාන කොට සැලකුවේ නැහැ. නමුත් එම රටවල් අධ්‍යාපනය, සෞඛ්‍ය ආදි දේවලින් ඉතාමත්ම හොඳ දියුණුවක් ලබා තිබෙනවා. එයින් කියැවෙන්නේ මොකක්ද? ඉහත ඔබගේ ප්‍රශ්නයට හේතුවක් ලෙස ආගම අදාල නැහැ. විනය හා නීතිය හරි හැටි ක්‍රියාත්මක කළ යුතුයි. ඒ රටවල් ඒ ටික හොඳට දියුණු කර තිබෙනවා. අපේ රට වලත් ඒ ටික කළ යුතුයි.
ප්රශ්නය - පෙර පාලනය හා වර්තමාන පාලනය අතර සාපේක්ෂතා හැදින්වීමේදි ඔබ වහන්සේ කීවා. වර්තමානයේ පවතින මාධ්‍ය නිදහස, ව්‍යවස්ථා සංශෝධනය, තොරතුරු දැන ගැනීමේ පනත, කොමිෂන් සභා, ජාත්‍යයන්තර දිනා ගැනීම, ආදියෙන් රට ඉදිරියට පැමිණි බව සත්‍යයක් වුවද, දේදුනු විප්ලවයට එක්වුණු බලාපොරොත්තු සුන්වූ ජනතාව දේදුන්නෙන් ඈත් වෙමින් ඉන්න ප්‍රවණතාවයක් දකින්න ලැබෙනවා. එය සුබ දායකද?
පිළිතුර - ඒකට හේතුව ලබා ගත් ජයග්‍රහණ ගැන ජනතාවට කියන්නේ නැහැ. ඔවුන්ට අවබෝධ කරවන්නේ නැහැ. ඒ ලබා ගත් ජයග්‍රහණ මැණික් තරම් වටිනවා. ජනාධිපතිට තිබුණු අත්තනෝමතික ඒකාධිපති බලය ව්‍යවස්ථා වෙනසෙන් සංශෝධනය කළා. එය වටින්නේ නැද්ද ? එය ජනතා පෙරලියක් නොවේද?. තවම අවුරුද්දයි එකහමාරයි ආණ්ඩුව ඇවිල්ලා. ආණ්ඩුව මේවා ජනතාවට කියන්නේ නැහැ. එතකොට සෝෂල් මීඩියා වලින් එන පණිවුඩ තමයි ජනතාවට දෙන්නේ. ආණ්ඩුව වැටෙයි, රට බෙදනවා, දැන් සතුටුද ආදි ලෙස ජනතාවට බොරු මවා පානවා. මොන ක්‍රමයකින් හෝ ආණ්ඩුව බිදවැට්ටීම තමයි සතුරන්ගේ බලාපොරොත්තුව. විරුද්ධ වාදියෝ ආණ්ඩුවට වඩා මුලම්ය අතින් ප්‍රබලයි. එම නිසා ඔවුන් ආණ්ඩුව අස්ථාවර කරන්න එම මුල්‍ය බලය යොදනවා. නමුත් දැන් මිනිස්සු ඒවට රැවටෙන්නේ නැහැ. ඔක්කොම හරියි කියල මම කියන්නේ නැහැ. තව අඩුපාඩු තිබෙනවා ඒවා හදාගෙන අපිට ඉදිරියට යන්න වෙනවා. බලන්න කොතරම් දුෂණයෙන්, නාස්තියෙන්, හොර කමින් ජරාජීර්ණවූ රටක්නේ භාර ගත්තේ. ඒක හරි මගට ගේන්න එක රැයකින් බැහැ. ඒකට කල්ගත වෙනවා. ඒ ගමන දැන් ආරම්භ කරල තියෙනවා. කෝ දැන් විදුලි පුටු, ජාත්‍යයන්තර අධිකරණ, විදේශ නඩුකාරයෝ, මොනවත් නැහැ. ඉස්සර මහ හයියෙන් ඕවා ගැන බෙරිහන් දුන්නා. අද ඔක්කොම නිහඬයි. ආණ්ඩුව ඒවා හොඳට කළමනාකරණය කරලා තියෙනවා. එහෙම වෙන කොට අභියෝග එනවා. අපි ඒවා ජය ගත යුතුයි. එබැවින් දේදුනු විප්ලවයට එකතු වුනු ජනතාව තවම ඉන්නවා. ඔවුන් නිහඬ නැහැ. අපි ඔවුන්වත් රැක ගෙන හොඳ ගමනක් යා යුතුයි. ඒ ගමන අපි යනවා. ඒක නවත්වන්න කාටවත් බැහැ.
ප්රශ්නය - අපි දශක හතරක පමණ සිට සංහිඳියාව ගැන කථා කරනවා. ඒ අතර තුර යුද්ධයක් ඇතිවෙලා දැන් අවසන්වී තිබෙනවා. තවමත් සංහිඳියාව ගැන කථා කරනවා. ඔය සංහිඳියාව තවම ඇති වෙලා නැද්ද ? නොඑසේ නම් ඇති වෙලා ක්රියාවේ නැද්ද? එසේත් නැත්නම් අද සංහිඳියාවේ තත්වය කුමක්ද?
පිළිතුර - සිංහල දෙමළ අපි දේශපාලන වේදිකා වල සුරංගනා කතා කියලා සංහිඳියාව කියන එක හදන්න බැහැ. සංහිඳියාව කියන්නේ චාටු බස් වලින් හදන්න පුළුවන් දෙයක් නොවේ. ඒ සඳහා නීති රීති හදන්න ඕනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ රටක නීතියයි. එබැවින් සංහිඳියාවට අදාල කරුණු කාරණා එම නීති පද්ධතියට ඇතුළත් කරන්න ඕනේ. වාර්ගික පදනමෙන් තොරව රැකියාවක් ලබා ගැනීම, නිවසක් ලබා ගැනීම, ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමක් ඇදැහීමට නිදහස තියෙන්න ඕනේ. ඒවාට ගරු කරන්න ඕනේ. එම නිසා වෛරයෙන් ජාතික සමගිය බිඳ දැමීමට පෙරමුණ ගන්නා සංවිධාන හා පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. එම සංවිධාන තහනම් කරන්න ඕනේ. අන්තවාදීන්ට එම පසුබිම ඇති කරන දේවල් ඉවත් කරන්න ඕනේ. එහෙම වුනොත් ඕනෑම ජාතියක අන්තවාදීන්ට ජාතික අසමගිය ඇති කිරීමට ඉඩ ප්‍රස්ථාව නැතුව යනවා. ඒකට දැන් අනර්ඝතම අවස්ථාවක් ලැබිල තිබෙනවා. අපි එයින් ප්‍රයෝජන ගන්න කටයුතු කළයුතු වෙනවා.
ප්රශ්නය - පසුගියදා ආබාධිත රණවිරුවන්ට කොළඹදී සිදුවූ ප්‍රහාරය හෙලා දකිමින් පැරීසියේදි උද්ඝෝෂණයක් පැවැත්වුණා. එහි තිබුනු සටන් පාඨ අතර මෙවැනි වදනක් ප්‍රදර්ශනය වුණා. ”දඹර අමිලට සහාය දෙන්නෝ රණවිරුවන් පාවා දෙන්නෝ ” යනුවෙන් සඳහන්වී තිබුණා. ඒ ගැන මොකද කියන්නේ?
පිළිතුර - රණවිරුවන්ව විකුණ ගෙන කන එක හැර වෙන කිසිම ව්‍යාපෘතියක් නැති අනාථ වුණු පිරිසකගේ සටන් පාඨයක් තමයි ඔබ සඳහන් කළේ. වෙල්ලමුල්ලිවෛයිකාලෙන් රණවිරුවන්ගේ කාර්ය භාරය අවසන් කළා. රණවිරුවෝ රණවිරුවෝ කියමින් නීති උල්ළංඝනය කරන්න, රණවිරු නාමය පාවිච්චි කරමින් කොන්ත්‍රාත් එකට මිනීමරන එක හරිද?. ඒවා හොයන එක වැරදිද?. එයාලට එක නීතියක් තව කෙනෙකුට තව නීතියක් තියෙන්න බැහැනේ. එම නිසා රණවිරුවා කියන්නේ කවුද? කියලා අපි මුලින්ම අවබෝධ කර ගත යුතුයි. ඒ වේලාවේ ශ්‍රීලංකාවට එල්ල වුණු ත්‍රස්තවාදි උවදුරෙන් රට බේරා ගන්න රාජ්‍යයේ හා මහජනයාගේ ඉල්ලීම මත එයට ඉදිරිපත්වී එම කැරැල්ල මැඩපැවැත්වීමට යුදමය වශයෙන් සහාය දුන් පුද්ගලයා රණවිරුවා ලෙස අපි සලකනවා. එයට මුහුණ දුන් සමහරුන් අබාධිතයෝ වෙලා ඉන්නවා. ඒක ඇත්ත. නමුත් ඒ අයට සළසන සුබ සාධනය අන් කවරදාටත් වඩා හොඳින් අද ඔවුන්ට ලබා දෙනවා. පසුගියදා උපවාසයට සම්බන්ධ විශ්‍රාමික ආබාධිතයන් 2009 යුද්ධයෙන් පසු බිහිවූ අය. 2015 වෙන කම් මහින්ද රාජපක්ෂ රටේ ජනාධිපති ලෙස සිටියා. ඔහු රණවිරුවගේ එකම ගැලවුම්කරු ලෙස පෙනී හිටියා. ඇයි එහෙනම් එම ප්රශ්නය ඔහු විසඳුවේ නැත්තේ. වර්තමාන ජනාධිපති එක පෑන් පහරින් එම ප්‍රශ්න විසඳලයි තිබුනේ. එවැනි පරිසරයකයි ඔවුන් ඇවිත් උද්ඝෝෂණ කළේ. ඊට පස්සේ එතැන මොකද වුණේ ? අර ඊනියා ජාතිවාදි කොටස් එම උද්ඝෝෂණය මංකොල්ල කෑවා. බෙංගමුවේ නාලක හාමුදුරුවෝ ආබාධිතයෙක්ද? නැහැනේ. එම හාමුදුරුවොයි ඒ වටා ඉන්න සිවුරු දරා ගත් ජාතිවාදි කල්ලිය ඇවිත් මහ කෝලහාලයක් ඇති කරලා කඳුළු ගෑස් ගස්සවා ගත්තා. ඊට පස්සේ මහා ඝෝෂාවක් නගමින් ඔබ ඉහත සඳහන් කළ පරිසරයට මාතෘකාවක් හදා ගත්තා. ඒකනේ වූනේ. දැන් අපි වුනත් පොදු ජන ජීවිතයට බාධා වන ලෙස හෝ පොදු දේපල වලට හානි වෙන ලෙස හැසිරුනොත් එය විසුරු වන්න නීතිය පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. එතකොට ප්‍රථමයෙන් කරුණු කාරණා පැහැදිලි කරලා දෙනවා. එහෙම නැත්නම් අවම බලය යොදලා අධි පීඩක ජලය විදිනවා. ඊට පසු කඳුළු ගෑස් ගහනවා. එහෙම නැත්නම් රබර් බුලට් වලින් වෙඩි තියනවා. ඒක තමයි මර්දනය කරන ක්‍රමවේදය. එදා වුනේ එහෙම දෙයක්. ඒයාල ඒක ඉල්ලගෙන කෑවා. සිංහල දෙමළ සමගියට සිටි එකම බාධකය තමයි කොටි ත්‍රස්තවාදය. එය අපි හොඳින් තේරුම් අරගෙනයි හිටියේ. එම නිසා කොටින්ට විරුද්ධව මම බඩගින්නේ උපවාස කළා. එහි ප්‍රතිඵලයක් ලෙස පෙනහැල්ලේ ආබාධයකට මම අදටත් බෙහෙත් බොනවා. එතකොට කවුද කියන්නේ මම කොටි හිතවාදියෙක් කියලා. දන්නෝ මා ගැන හොඳට දන්නවා. එම නිසා ඊනියා රණවිරුවෝ කවුද කියලත් මම දන්නවා. රණවිරු මුවාවෙන් වැඩ කරන්නේ කවුද කියන එකත් මම දන්නවා. රණවිරුවා විකුණා ගෙන කන්නේ කවුද කියලත් මම දන්නවා. ඔය තුන් ගොල්ලම මම හොඳට දන්නවා. එම නිසා එම තුන් ගොල්ලටම මම පහර ගහනවා. මගේ විවේචනයට හසු වෙනවා පමණක් නොවේ එසේ කිරීමටත් මම කිසි විටෙකත් බියත් නැහැ. ඒ කටයුත්ත මම ඉදිරියටත් කර ගෙන යනවා.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඹර අමිල හිමියන් කියන ඒවා එතරම් ගණන් ගතයුතු නෑ. වැඩිම විදෙස්ගතව සේවය කරණ කාන්තාවන් දුෂණය වන හිංසා පිඩා කරන රටවල් මුස්ලිම් රටවල් බව ලංකාවම , හා ලෝකයම දන්නවා. ආණ්ඩුවට කඩේ ගියාට ෂොපිං යන්න හොදනෑ. (බ)
සිවුරු දරාගත් උන්වහන්සේලා කරන වැඩ දැක්කහම මේක බුදුදහමේ රටක්ද කියලා හිතෙනවා. ඒ අතින් අමිල හිමියෝ කරන්නේ ලොකු ජාතික සේවයක් (නි)
ඔය පැරීසියේ රණවිරුවන් වෙනුවෙන් බෝඩ් එල්ලගෙන හිටිය අය ගැන අපි දන්නේ නැද්ද? මමත් අවුරුදු 35 පැරිසියේ ඉන්නේ. පන්සල් ඇතුළට දේශපාලනය ගෙනාවෙත් කවුද කියලා අපි දන්නවා (නි)
ඔබ වැනි හිමිවරුන් අපිට ශක්තියක් (නි)
ආචාර්ය දඹර අමිල හිමියනි, ඔබවහන්සේගේ දේශනය තර්කානුකූලයි. බුද්ධ ධර්ශනයට ලෙන්ගතුයි. එදත් අදත් හෙටත් ඔබවහන්සේ ජාතිවාදයට, ආගම්වාදයට, වර්ගවාදයට, කුලවාදයට, අන්තවාදයට එරෙහිව එඩිතරව පෙරමුණේ සිටින බුද්ධ පුත්‍රයෙක්. බෞද්ධ අපිට ඔබවහන්සේ ශක්තියක්. සාදු ...සාදු...සාදු ....!!! (නි)
මහකන්දේ විජිතසිරි හිමියනේ, ඔබවහන්සේ වැඩසිටින්නේ කොහේද? ඉක්මණින් ඉහළ සිට පහළට වඩින්න (නි)
හාමුදුරුවනේ, බණ ටික නම් නියමයි. කියලා වැඩක් නැහැ (නි)
පැරිස් ජීවත්වෙන අපි කාලෙකට පස්සේ හොඳ බණපද ටිකක් ඇහුවා (නි)
දන්නෙ නැති නිසයි අහන්නේ. පැරිස් වල පන්සල් තියෙනවද? හාමුදුරුවන් වහන්සේලා වැඩ සිටිනවද? පෙනෙන්න නැතිනිසයි අහන්නේ (නි)
ඇත්තටම පැරිස් වල පන්සල් දකිනෙකාට අපිට ගොඩක් දේ හිතෙනවා (නි)
අනේ පැරිස් පන්සල් ....! බුදුහාමුදුරුවො මේවා දැක්කා නම්...? (නි)
හොඳ සෙනඟක්. පින්කම සාර්ථකයි (නි)
මේ තියෙන්නේ යහපාලනේ! අහන්නකො කතාව (නි)
රහත්වෙන්න පෙරුම්පුරන පැරිස් ස්වාමින් වහන්සේලා පැරදුනු දේශපාලුවන්ට කඩේයන යෑම දකින අපිට දුක හිතෙනවා (නි)
අනේ මන්දා එහේ තියෙන්නේ පන්සල්ද මහින්දගේ මැතිවරණ කාර්යාලද කියලා (නි)
රට යන්න සල්ලි හම්බවෙන්නේ කොහෙන්ද? (නි)
දඹර අමිල හිමිගේ මේ දේශනයේ අඩංගු දේ වලට උත්තර දෙන්න කාටහරි පුළුවන් නම් බොහොම වටිනවා. (නි)
ගිහින් බලන්න ඕනෑ උතුර හා නැගෙනහිර සිංහල බෞද්ධයන්ට හා ජනතාවට වෙලා තියන දේ. මොකක්ද මේ පැරිස් ගිහින් කරන්නේ? යන්න ඕනෑ අපේ රටේ උතරට හා නැගෙනහිරට (නි)
ඔබවහන්සේට ජය! (නි)
පෙරේරා පැරිස් දන්නේ නැතයි කිවූ නිසයි ලියන්නේ .පැරීසියේ පන්සල් නැහැ .තියෙන්නේ ජාත්‍යන්තර මධ්‍යස්ථාන . සමහර පන්සල් දැන් දේවාල වෙලා .ඒවගේ දෙහිත් කපනවා .(ර)
අනේ මන්දා අපේ හාමුදුරුවරු දැන් කරන්නේ කියන්නේ මොනවද කියලා (නි)
ඇයි හාමුදුරුවනේ මේ රටේ ජනතාවට බණ දේශනා කරන්න බැරි? (නි)
බුදුහාමුදුරුවනේ පැරිස් වල පන්සල් වලට මේ මොකද වෙලා තියෙන්නේ .? (බ)
බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කරන්න ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ ඇත. ශ්‍රී ලංකා රජයේ එය වගකීමක් එතකොට පැරිස් වල .... දබර අමිලට යන්න සමස්ත සංගරත්නයට හා චීවරයට නිගා කිරීමක් . නරකද නීතිපති තුමාට මේ ගැන යෙමුකළොත් (බ)
පැරිස් ශ්‍රී ලාංකීය වැදගත් උගත් බුද්ධිමත් ජනයා කල්පනාකාරී වෙන්න (ර)
සාසනය විනාස කරන්න පැරිස් අන්තවාදී පිරිසක් පටන් අරන් ..වගකිය යුත්තේ කෝ .? (ර)
අන්තවාදයට එරෙහි ලොකු සෙනගක්. (ර)
පැරිස් අන්තවාදී සුළු පිරිසක් සාසනයට නින්දා කරලා (ම)
පැරිස් වල අන්තවාදී ජාතිවාදීන්ට බුදුහාමුදුරුවන්ටත් වඩා මහින්ද රාජපක්ෂ ලොකු ද .? (ම)
පැරිස් ජාතිවාදී , අන්තවාදී , අතලොස්සක් චීවරයට නින්දා කරලා .බෞද්ධයෝ නිහඩයි (බ)
ඇයි මේ හැමෝම ඉන්න රටේ නම දාන්නේ පැරිස් කියාලා ලොකු කම පෙන්වන්නද අනේ.පැරිස් කියල දන්නා ඕනි නැ තමන්ගේ නම විතරක් ඇතිනේ (බ)
දැන් ඉතින් හාමුදුරුවෝ කිවුවා වගේ පැරීසියේ ඉන්න ඔක්කොම එකතුවෙලා සංහිඳියාව ගොඩනඟන්න වැඩ පටන් ගන්න එකයි ඇත්තේ . (නි)
අනේ මේ! අපි නොදන්න සංහිඳියාව. අනේ මගේ කට! (නි)
කුමාර් මෙන්ඩිස්, පැරීසියේ වෙන වැඩ ගැන දන්නේ අපි මිසක් ඔයාලද? (නි)
මම දන්නේ නැති නිසයි අහන්නේ. ඇත්තටම දඹර අමිල හාමුදුරුවෝ වැඩවිසුවේ පැරීසියේ මොන මධ්‍යස්ථානයේද? දැන් පැරීසියේ පන්සල් නැහැ කිවුවනේ. එ්කයි එහෙම ඇහුවේ. (නි)
කුමාර් මෙන්ඩිස්, පැරිස් ඉන්න අපි පැරිස් නොකියා ඇමරිකා කියන්නද? (නි)
මෙන්ඩිස්, තුවාලයේ ඉන්න පණුවා කන්නේ තුවාලෙමයි. පැරිස් ඉන්න අපි ‘පැරිස්‘ නොකියා වෙන මොනවා කියන්නද? (නි)
කුමාර් මෙන්ඩිස්, ලංකාවේ මෙන්ඩිස් බෝතලයක්වත් පාවිච්චි කළාද? (නි)
ගෝමස් පැරිස්, ඔබගේ අදහස ඉතා හොඳයි. පැරිස් එකමුතුව නීතිපතිට මේ ගැන යොමුකළා නම් ඉදිරියේදී ශාසනයේ ගෞරවය රැකේවි (නි)
ගෝමස් පැරිස්, ඔබගේ මතයට මමද එකඟයි. අධිකරණ ක්‍රියාමාර්ගයකට යෑම ඉතා සුදුසුයි (නි)
චීවරයට නිගාකිරීම නම් කරන්න එපා. ඒවා මෙලොවදීම පටිසන්දෙන පවු! (නි)
කුමාර් මෙන්ඩිස්, ඔබේ අනන්‍යතාවය ගැන ඔබේ බොළඳ තර්කය විසින්ම අපට පැහැදිලි කර දෙනවා. (නි)
ආචාර්ය දඹර අමිල හිමියනි..... ඔබ වහන්සේගේ පැරිස් වැඩමවීම ජාතිවාදී අන්තවාදීන් සක්වල ගලින් එපිටට පන්නා දමන්න ලොකු රුකුලක් වුනා දැන් පැරිස් බුද්ධිමත් ජනයා හොදින් දැනුවත් . සාදු...සාදු ....සාදු .. . (බ)
මෙන්ඩිස් කුමාර් ...නුසුදුසු දේවල් වලට ෂොපින් යන්න එපා ...(බ)
මෙතන පැරිස් පන්සල් වලට හරි, එහි වැඩ සිටින ස්වාමීන් වහන්සේලාට දොස් පරොස් කියන්නේ මොකද? අමිල හාමුදුරුවො වැඩම කෙරෙව්වේ වෙන කව්රුවත්. ඉතින් පන්සල් එ්කට මොකද කරන්නේ? උන් වහන්සේ වැඩම කරලා, අදාළ කරුණ නිමා කරන්න ඇති. මෙතන මිනිස්සු වලිගය පාගාගෙන දඟලනවා. ලැජ්ජයි අපේ සිංහල මිනිස්සු ගැන. (නි)
ජාතිවාදී අන්තවාදීන් පැරිස් ශ්‍රී ලංකා ජනයා හොඳින් හඳුනාගත්තා (නි)
බෞද්ධයාගේ විනාශය බලලෝභී දේශපාලනයේ ආරම්භයයි (නි)
පැරීසියේ මහීපාල ගෝමස්ගේ අදහස ලෙස මෙය නීතිපතිට යොමුකරන එක හොඳයි. නමුත් ඊට පෙර පැරිසියේ අහවල් අධිකරණයට යොමුකරලා බලමු මොකද වෙන්නේ කියලා. සාධාරණ තීන්දුවක් නැත්නම් අපි නීතිපති මඟින් පුළුවන් දෙයක් කරමු. (නි)
ගාමිණී, දැන් පැරීසියේ පන්සල් නැහැ. ඉස්සර තිබුණා. දැන් ඒවා ඔක්කොම දේවාල බවට පරිවර්තනය කරලා. (නි)
දඹර අමිල හිමියනි, සෞදියට ගිහින් සහජීවනය ගැන දේශනාවක් කරලා බලන්න (නි)
අධීකරණ සංඝනායක, මහා සංඝනායක, ප්‍රාදේශීය සංඝනායක, පළාත් සංඝනායක යනුවෙන් පැරිසියේත් ඉන්නවා නේද? ගෝමස්ගේ ප්රශ්නය ඒ කෙනෙකුට දාලා බලන්න. ඉතාලියේ නම් ඔය හැම නායකයෙක්ම ඉන්නවා (නි)
කුසල්, මෙතන පන්සල වලට බනින්නේ නැහැ. පැරිසියේ පන්සල් නැහැනේ. ඔය නිකන් ඉන්න වෙලාවකට ගිහිල්ලා බලන්නකෝ (නි)
දඹර හිමියන්ට කවදත් රට ජාතිය ගැන කැක්කුමක් තිබුණා (නි)
අකිල, සුගත්, මිනිස්සු කැමතිනම්, මිනිසුන්ට ප්‍රයෝජනවත් නම් පන්සල්වල මොනවා කළත් අපිට මොකද? ඉටියෙන් හරි මැටියෙන් හරි මිනිස්සු ශාන්තිය හොයනවා ඇති. කාගේවත් විශ්වාස වලට අපි පහරදිය යුතු නැහැ. (නි)
කුසල්, කරගන්න එපා යනතැනට අකුසල්.... වීඩියෙව නරඹා ඔබගේ අදහස් ලියන්න (නි)
අකිල පැරිස්, ඔබ හරි. පැරිස් වල පන්සල් වලට වැඩිය තියෙන්නේ දේශපාලන කාර්යාල (නි)
මොනවා කියන්නද කියලා මට නම් තේරෙන්නෙ නැහැ (නි)
අතුකෝරල පැරිස් .... ඔයාකියන්නේ ප්‍රංශයේ අධිකරණ සංඝනායක අතිපූජ්යයන් වහන්සේටද නියමයි .(බ)
ගලිගෙදර වත්ත ...ඉදිරියේ පැරිස් වල බුදු පිළිම ඉවත් කරලා ...මහින්දගේ ... පිළිම තිබුනෙත් අපි පුදුම වෙන්නේ නැ ..වෙනදේ වල හැටියට ..(බ)
සිසිර හෙට්ටිආරච්චි රෝමය ....සිසිර ඔයා කියන ජාතියේ පැරිස් වල ඇත .හැබැයි ...සොපින් යන ...(බ)
පන්සල් වල බණ වෙනුවට... ආගම්වාදය ජාතිවාදය... වපුරන වැඩ හොදද .? (බ)
අනේ හැබැටම පැරිස් වල මෙහෙමත් පන්සල් (බ)
නිර්මලා, පැරීසියේ පන්සල් නැහැනේ. තියෙන්නේ බෝ පැල හිටවපු ජාත්‍යන්තර මධ්‍යස්ථාන. පැරීසියේ බුද්ධිමත් අය ඒවා නරඹලා පිං පෙට්ටි පුරවලා ගෙදර ඇවිල්ලා නිදා ගන්නවා (නි)
ගාමිණී, අමිල හාමුදුරුවෝ මොන මධ්යස්ථානයකවත් වැඩවිසුවේ නැහැ. වැඩවිසුවේ අසපුවක (නි)
දැන් ඔක්කොම පන්සල්, කෝවිල්, දේවාල ගැන කතා කරනවා. ඒක නෙමෙයි, හාමුදුරුවෝ කියපු සංහිදියාවට මොකද වෙන්නේ? (නි)
අපි වැඩ කළොත් අපේ බඩ පිරෙයි . ඔය කවුරුවත් අපේ බඩ පුරවන්නේ නැහැනේ . ඔය ඕන කෙනෙක් ඕන හිදියාවක් කර ගත්තු දෙන් . කෝ මෙච්චර කල් කතා කළාට වෙච්ච සංහිදියාව ? බයිලා තමයි (බ)
සුසන්ත සිල්වා, මතක නැද්ද ගිය රජකාලේ කළුතර පැත්තේ කරපු සංහිඳියාව? මොනතරම් අගේද? (නි)
සාදු සාදු සාදු!!!
පැරිස් වල පන්සල් වලට රතුපාට සාටකය විතරයි අඩු සමන්මලී පැරිස් නෝනේ. (නි)
පැරිස් පන්සල් වලට මහින්ද රාජපක්ෂ සරණයි! (නි)
රොජර් පෙරේරා ජර්මනි, පැරිස් පන්සල් මහින්ද සරණං ගච්ඡාමි කියයිද? දෙයියනේ, පන්සල් වලට මේ මොකද වුණේ? (නි)
අපෙයි ...අපොයි ...අපොයි .....පැරිස් ....වල ....පන්සල් ...වල .....වින්නැහිය ..අබුද්ධස්ස කාලේ ...මි අඹත් තිත්තළු ....(බ)
ගොඩක් සෙනඟ ඉන්නවා. සාදු ...සාදු ...සාදු..!!! (නි)
මේවා අහනකොට පසුගිය කට්ටිය බුද්ධාගමට කරලා තියෙන විනාශයක මහත! සංඝ බේදය ආනන්තරීය පාපකර්මයක්. පටිසන් දෙන්න ගන්නකොට...?
පිරිස් ජර්මනි, අන්තවාදීන් පිරිසක් පැරිස් වල පන්සල් ටික විනාශ කරලා කියලා මේවා කියවනකොට අපිට හිතෙනවා (නි)
මේවා කියවනකොට හිතෙනවා පැරිස් බෞද්ධයෝ වැස්සකටවත් පාසලකට ගොඩවෙලා නැද්ද කියලා (නි)
සුමිත් ඩුබායි ..ඔබහරි (බ)
ලෝක විනාශයේ පෙරනිමිතිද මේ? (නි)
ඔහොම ගියොත් නිවන් යා හැකිද හිමියනේ? (නි)
ඔබවහන්සේට අපේ ස්තූතිය! (නි)
සාදු... සාදු....සාදු...! දඹර අමිල නා හිමියනි, ඔබවහන්සේ පැරිස් වැඩමවීම ශාසනයේ පෙරළියක් (නි)
ඔය පැරීසියේ රණවිරුවන් විකුණාගෙන කන අය තමයි පැරීසියේ පන්සල් දේශපාලන කාර්යාල බවට පත්කරලා තියෙන්නේ (නි)
සමහරුන්ගේ අදහස් දැක්කහම පුදුමත් හිතෙනවා (නි)
අබුද්දස්ස කාලේ පැරිස් වලින් අහන්න ලැබෙන්නේම බෞද්ධ අපේ අයට දුකහිතෙන දේවල් (නි)
අමිල නාහිමියනි, නැවත පැරිස් වඩින්න, බණ දේශනා කරන්න (නි)
දඹර අමිල අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේගේ බණ ශ්‍රවනය කරලා පැරිස් අන්තවාදීන් නිහඬයි. කටඋත්තරත් නැහැ (නි)
සමහර පැරිස් අන්තවාදීන් බුදුදහම වනසලා ළඟදීම අධිකරණයටත් යාවිද දන්නෙ නැහැ (නි)
ඔබවහන්සේගේ ජාතික මෙහෙවරට අපෙන් ප්‍රණාමය! (නි)
චීවරයට පැරිස් වලදී නිගාකිරිම ජාතිවාදී කුමන්ත්‍රණ කියලා අපි දන්නවා (නි)
ඔබවහන්සේට දිගාසිරි වේවා! (නි)
අමිල හිමියනි, ඔබවහන්සේට නිගාකළේ කවුද කියලා අපි දන්නවා (නි)
එන් .ජි . ඕ වල සල්ලි බලෙන් පැරිස් වලදී සාසනයට නිගා කරලා දබර අමිල හිමියනි ඔබවහන්සේට නොවෙයි මුළු සාසනයටමයි .(බ)
පැරිස් වලදී අපේ බුද්ධාගමට නින්දා කළේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ (නි)
ඔබවහන්සේ දැයට වාසනාවන්! (නි)
බුද්ධදාස ඇමරිකා, ඔබ හරි. ජාත්‍යන්තර කුමන්ත්රණකරුවන් ශාසනය වනසන්න ක්‍රියාකරනවා (නි)
ජාත්‍යන්තර කුමන්ත්‍රණ පැරදවීමට අපිට උදවු වෙන්න හිමියනි (නි)
ඔබවහන්සේ අපිට ශක්තියක් (නි)
මුදල් වලට බුද්ධාගම පාවාදීමේ වැඩපිළිවෙළ නවතන්න පෙරමුණ ගන්න හිමියනි (නි)
අමිල හිමියනි, ඔබවහන්සේ නිවැරදියි (නි)
දඹර අමිල හිමියනි, නැවතත් පැරිස් වඩින්න. අපි බලාසිටිනවා (නි)
අමිල හිමියනි, ඔබවහන්සේගේ බණ ඉතා අගෙයි (නි)
සාදු... සාදු... සාදු...! (නි)
හිමියනි, මම බුදුබණේ මහිමය දැකගත්තෙමි (නි)
කාලයට දීපයට රටට ගැළපෙන බණ පද ඇසුවා (නි)
සාදු...සාදු.. අනේ සාදු ...! (නි)
කොහොමද අදහස් ගොඩ? අමිල හාමුදුරුවන්ට සෑහෙන ප්‍රතිචාරයක් තිබෙනවානේ! (නි)
බලනකොට මෙතන බහුතරය අග්‍ර පණ්ඩිතයන්නේ. (නි)
සෙනඟ ගොඩක් ඇත. වැඩේ නම් කාලයට අනුව නියමයි. (නි)
අහනවා නම් මෙන්න කතාව අපේ හාමුදුරුවන්ගේ (නි)
ලැජ්ජයි බෞද්ධයිනේ අද සිද්ධවෙන දේවල් දකිනකොට (නි)
අමිල හාමුදුරුවනේ, බුදුදහමටත් පැරිස් වලදී මහින්දගේ පිහිටයි! (නි)
දඹර අමිල හාමුදුරුවන්ගේ බණ අහලා සමහරුන්ට දරාගන්න බැහැ (නි)
බල්ලෝ බුරති, හඳ පායති, සිංහයෝ බය නැති.... අපේ හාමුදුරුවෝ බණ දෙසති... බොහෝ දන සවන්දෙති... (නි)
අපේ හාමුදුරුවනේ දැන් පැරීසියේ සංඝමිත්තා ,යසෝදරා ,ප්රජාපතිගෝතමිලාටත් පුද පුජා පවත්වනවා . නැත්නම් පින් පෙට්ටි හිස් .ඉතින් මොකක් හරි බලියක් නටනවා පෙට්ටිය පුරවා ගන්න (බ)
බණ අහන්නත් ඉතින් පින් කරන්න ඕනෑලුනේ. (නි)
අමිල හාමුදුරුවනේ, බුදුන්ගේ කාලේ දෙව්දත්තලා, චිංචිමානවිකාවලා හිටියා නම් පැරිස් වල ඉන්න එක අරුමයක්ද? (නි)
අරුණ පැරිස්ගේ කතාව ඇත්ත. පැරිස් විරෝධයේ බෝඩ් උස්සාගෙන ඉන්න චිංචිමානවිකාවලා, දෙව්දත්තලා අපිත් දුටුවා.
දඹර අමිල හිමිට බුදු සරණයි! (නි)
කවුරු ...කවුරුත් ...පනින්න පෙර සිතා බලනු කිවුවේ කට කහනවට නෙමෙයි .(හේ)