දත් මැදීමෙන් පමණක් දත් දෙපළ සුරැුකේයැයි සිතා සිටිනවානම් එය නැවත සිතාබැලිය යුතුව ඇත.
ජර්මනියේ දන්ත වෛද්‍ය පර්යේෂක කණ්ඩායමක් පවසන්නේ අපගේ සෞඛ්‍ය පුරුදු,හැසිරීම් රටාවන්,ආහාර පුරුදු ආදී දෛනික දිවියේ එදිනෙදා කි‍්‍රයාකාරකම් සියල්ලම පාහේ අඩු හෝ වැඩි වශයෙන් දත් දෙපළේ මෙන්ම මුඛ සෞඛ්‍යය කෙරෙහි බලපාන බවයි.
පහත දැක්වෙන්නේ දන්ත සෞඛ්‍යයට අහිතරක බලපෑම් එල්ල කරන බවට පර්යේෂක පිරිස හඳුනාගෙන ඇති අප කිසිදිනෙකවත් අපගේ දත් වලට හානිගෙන දෙනු ඇතැයි නොසිතන කි‍්‍රයාකාරකම් කිහිපයකි.
සීත කාලගුණයකදී සිරුරට ප්රබෝධයක් දීම සඳහා පානය කරන තේ වීදුරුව
උණුසුම් වීමට යැයි කියා පානය කරන තේ හෝ වෙනත් කිසියම් උණුසුම් පානයකින් දතෙහි මතුපිට ඇති දන්තිනයට හානි පැමිණීමට ඉඩ ඇති බව පර්යේෂකයෝ කියති.
දතට අනන්‍ය වර්ණය ලබාදෙන දන්තිනය නොනවත්වාම උණුසුම් පානයන් හා ගැටුනහොත් එය ඉරිතැලෙන බවද මෙම ඉරිතැලීම් දිගින් දිගටම වර්ධනය වුවහොත් එම පැලූම් ඔස්සේ දතෙහි අභ්‍යන්තරයට ඇතුලූවීමට ඉඩ ඇති බැක්ටීරියා වලින් විවිධාකාරයේ ආසාදනයන් ඇතිවීමට ඉඩ තිබෙන බවද ඔවුහු අනතුරු අගවති.
මෙනිසා හොදම දෙය සීත යැයි කියා ඉතා උණුසුම් පානයන් පානය කිරීමෙන් වැළකී ඒවා පමණට උණුසුම් වූ පසු පානය කිරීම බව ඔවුහු පවසති.
කට ඇරගෙන පිහිනීම
ජලය පිරිසිදු කිරීමට යොදාතිබෙන ක්ලෝරීන් දත් දිරායාමටත්,දත් අවපැහැ ගැන්වීමටත් හේතුවන බව හඳුනාගෙන තිබෙන්නකි.
මෙනිසා හැකි සෑම විටම කට වසාගෙන පිහිනීමට උත්සාහ කිරීම සුදුසුය.
සෙම්ප්‍රතිශ්‍යාවට ගනු ලබන ඇතැම් ඖෂධ
ඇතැම් ඖෂධ ඛේට ග්‍රන්ථි වල කි‍්‍රයාකාරීත්වයට බලපාන හෙයින් වියළි මුඛයක් ඇතිවිය හැකි බවත් එය දන්ත සෞඛ්‍යයට අයහපත් බවත් පර්යේෂකයෝ කියතිල දත් නොනවත්වාම ඛේටයෙන් ස්නේහනය කරවීම ඒවායේ පැවැත්මට වැදගත්ය.
මෙවන් අවස්ථාවක සීනි රහිත චුවින්ග්ගම් සැපීමෙන් හෝ ජලය පානය කිරීමෙන් දත් වලට විය හැකි හානි වළක්වාගත හැකිය.
දත්වලින් පොලිතින් හා ප්ලාස්ටික් කවර ඉරා දැමීම
මෙවන් අවස්ථාවලදී දත් මත යෙදෙන අධික පීඩනය නිසා දත් ඉරිතලා යා හැකියැයි සඳහන්ය.
ආහාර ගත් වහාම දත් මැදීම
ආහාර වල ඇති අම්ල හා සීනි දතෙහි එනැමලය මත තැන්පත් වේ.එනැමලය මත පිහිටන ආරක්ෂක ස්ථරය එම අම්ල හා සීනි වලින් දතට විය හැකි හානි මැඩපැවැත්වීමේ සමත්ය.
නමුත් ආහාර ගත් වහාම දත් මැදි විට මේ ස්ථරය ගැලවී ඉවත්ව යයි.නැවත ස්ථරයක් ගොඩනැගීමට පැය භාගයක් පමණ කාලයක් ගතවන අතර ඒ වන විට දත් මැදි පසුත් මුඛයේ රැඳී තිබෙන්නට ඉඩ ඇති අම්ල හා සීනි වර්ග දත් මත රැදී ‘‘වැඩ‘‘ අරඹා තිබෙන්නට පිළිවන.
මෙනිසා පර්යේෂකයින් උපදෙස් දෙන්නේආහාර ගෙන පැය භාගයක් පමණ හිඳ දත් මදින ලෙසයි.
උපත්පාලන පෙති භාවිතය
ඇතැම් උපත්පාලන පෙති භාවිතා කළ පසු විදුරුමස් ඉදිමේ.පර්යේෂකයින් පවසන්නේ උපත් පාලන පෙතිවලින් සිරුරේ හෝමෝන කෙරෙහි බලපෑමක් ඇතිවන නිසා එහි අතුරුඵලයක් ලෙස මෙසේ සිදුවන බවයි.
හෝමෝන සාන්ද්‍රණය අඩු වෙනත් උපත්පාලන පෙති වර්ගයක් භාවිතා කිරීමෙන් මෙම තත්ත්වය ඇතිවීම වළක්වාගත හැකිය.
දත් වල හිල් තබාගෙන (දන්ත කුහර) ගුවන්ගමන් වල යෙදීම
මෙවන් කුහර වල සිරවී තිබිය හැකි වායු බුබුලූ ගුවනේ අඩු වායුපීඩනය නිසාවෙන් පිටතට පැමිණීමට ඉඩ ඇත.මෙවිට අධික වේදනාවක් දැනීමට ඉඩ ඇති බව පර්යේෂකයෝ කියති.
ගුවන්ගමනක යෙදීමට ප්‍රථමයෙන් දත් පිරවීමට අවැසිදැයි දන්ත වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගන්නා ලෙස ඔවුන් උපදෙස් දේ.
තෝරතෝංචියක් නැති කියවිල්ල
පමණට වඩා කට වැඩකරවන්නට යෑමෙන් හකු සන්ධිය ගෙවී යන බව පර්යේෂකයින් අනතුරු අඟවති.
සන්ධිය ගෙවුනු විට කට ඇරගෙනම සිටීමට සිදුවනු ඇත.
වේදනා ගෙන දෙන දතකට ඇස්පී‍්‍රන් තැවරීම
මෙය ඉක්මන් සහනයක් ගෙන දුන්නද ඇස්පී‍්‍රන් නිසා මුඛයේ ඇති සියුම් හා සංවේදී පටක විනාශ විය හැක.
ඇස්පී‍්‍රන් පෙත්තක් ගිලීමෙන්ද වේදනාව සමනය වන බැවින් එසේ කිරීම වඩා සුදුසුය.
ඇදුම රෝගයට ‘‘ඉන්හේලර්‘‘ භාවිතය
ඇතැම් ඉන්හේලර වල ඇති සංයෝගයන් දත් දිරායෑමට හේතුවන බව සොයාගෙන ඇත.
පර්යේෂකයින් උපදෙස් දෙන්නේ ඉන්හේලරය භාවිතා කරන විටදී එය දත් වල නොගැටෙන සේ තබා ගත යුතු බවයි.
ඉන්හේලරය භාවිතා කිරීමෙන් පසු මුඛය හොදින් සේදීමද සුදුසුය.
දිය යට කිමිදීම
කිමිදීමේදී දත් අතර සිරකර තබා ගැනීමට දෙන ප්ලාස්ටික් තල්ලට යෙදීමට සිදුවන පීඩනය දත් කැක්කුම්,හකු රිදුම්, වැනි රෝග තත්ත්වයන් වලට හේතුවන බව සොයාගෙන ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මද්‍යසාරය දත් සහ විදුරු මස් වලට ඉතාම අහිත කරය. අපේ බොන කට්ටියගේ මුකවල් ටික මාර සුවදක් (නදී)
අපිට ගොඩක් වැදගත් ලිපියක්.ඔයාලට ස්තූතියි. (ස)
ඉතා හොඳ ලිපියක් (නි)
බන්දුල පෙරේරා හැම තිස්සෙම කට ඇරගෙන ඉන්නෙ ඇයි කියලා දැනුයි තේරුනේ (නි)
මේවා දැනගැනීම බොහොම වටිනවා (නි)
සරත්, ඔයා හරි. මේ කට්ටියටම නියම අදහසක්. (නි)
සමහර අයගේ අදහස් හරි පණ්ඩිතයි. කොහොමත් ලංකාවේ පණ්ඩිතයෝ වැඩියි. හැබැයි වැඩ නැහැ. හොඳ දේ ගන්න. නරක දේ අමතක කරන්න. ඔක්කොම පරණ දේවල් විතරක් හොඳයි කියන එකත් පොඩි පිස්සුවක් (නි)
ගොඩක් වටිනවා මේ ලිපිය (නි)
හොඳ වැදගත් ලිපියක් (නි)
ටූත්පෙස්ට් වල තියන විස වලට තම දත් ඉක්මනටම දිරන්නේ.(හේ)
අයියෝ , ජර්මනිය ඕවා හොයන්නේ දන්ද? චීන්නු ඕක හොයාගෙන බොහොම කල්. ඒගොල්ලන් කවදාවත් දත් මදින්නේ නැහැනේ. (නදී)
හොඳ ලිපියක් (නි)
රාත්‍රී දත් මැදීමෙන් පසු ලුණු වතුර ටිකකින් මුඛය සේදීමෙන් රාත්‍රියේ මුඛය තුල බැක්ටීරියා වර්ධනය අඩු කර ගත හැකියි. හුඟක් බැක්ටීරියා ක්‍රියාත්මක වෙන්නේ රාත්‍රියේ . (හේ)
කරුණාජීව , බන්දුලගේ නම් දත් ටික ගලවන්න ඇත්තේ බවලතුන් සහ පිටරට ඉන්න ලාංකිකයන්. කොයි වෙලාවෙත් ඔය දෙපක්ෂයට බැන ගත්ත ගමන්. (අ)
ඕවා ජර්මනිය කියලා දෙන්න කලින් ලංකාවෙ අපි දන්නෙ නැද්ද (අ)
ඉතාම වැදගත් ලිපියක්. ගොඩක් ස්තුතියි පලකලාට (නදී)
දත් ආරක්ෂා කර ගැනීමට ඇති හොඳම පිළිවෙල නම් දත් ටික ගලවා ඒවා බැංකු සේප්පුවක තැන්පත් කිරීමයි (නදී)
දැන් කටවහගන්න ඔක්කොම (නි)
බන්දුලගේ කටේ දත් එකක්වත් නැහැ කියලයි ආරංචියි. බාගයක් බොරු කියලම වැටිලා. අනිත් බාගේ කට්ටිය ගලවලා. (නදී)
සිරිමෙවන්, මේගොල්ලන්ට තව එකක් මඟහැරිලා. බොරු කිව්වමත් දත් වැටෙනවා. නැත්නම් දත් වැටෙන්න කාගෙන්හරි හොඳට කනවා. (නි)
දත් දිරායන්නේ ආමාශයේ ඇතිවන රසායනික ක්‍රියාවන් නිසා, රාත්‍රී කාලයේදී ගලනාලය මඟින් ආපසු මුඛයට එන ද්‍රව්‍යයක් දත්වල බැඳීමෙනි (නි)
ගාමිණි මට පෙනෙන විදිහට ඔබ කරන්නේ අනිත් අයගේ කටවල් වල දත් ගැන ගැන ඉන්න එක වාගේ. (නදී)
ඇත්තටම හොඳ ලිපියක් (නි)
ඔව් නිශාන්ත ඔයා හරි.(අ)
ඉස්සර වගේ නෙවෙයි දැන් අද කාලේ ආහාර රටාව ගොඩක් වෙනස් නිසා සිද්ධවෙන රෝගත් වෙනස් ඒ නිසා යම්කිසි සෟඛ්‍ය තත්වයක් ගැන පර්යේෂක පිරිසක් යම් දෙයක් හොයාගෙන ඉදිරිපත් කලාට පස්සේ එකට බැනලාවත් වාද කරගෙනවත් වැඩක් නැහැ ඒ ගැන අවධානය තමයි ඕනි (අ)
මෙයාලට තව දෙයක් හොයාගන්න මඟහැරිලා තියෙනවා. සමහර අයට පරම්පරාගතව දත් ඉක්මනට රෝගීවීමේ ප්‍රවණතාවක් තියෙනවා. ඒ අය ඉක්මනින් දත් රෝග වලට භාජනය වෙනවා. (නි)
කාගේද , දැන් ගාමිණීගේද හකු ගෙවිලා තියන්නේ? (නි)
ඉදල හිටලා සිංහල ක්‍රමයට හොද බුලත් විටක් කෑවා නම් ඔය මොන හෙන ගෙඩියක්වත් දත්වලට වෙන්නේ නැහැ. (නදී)
මෙතන හොඳ දෙයක් තියෙනවා. තොරතෝංචියක් නැති කියවිල්ල. ඊට පහලින් තියෙනවා මෙහෙම, පමණට වඩා කට වැඩකරවන්නට යෑමෙන් හකු සන්ධිය ගෙවී යන බව පර්යේෂකයින් අනතුරු අගවති. සන්ධිය ගෙවුණු විට කට ඇරගෙනම සිටිමටම සිදු වනු ඇත. දැන් මෙයාට ඒක තමයි වෙලා තියෙන්නේ. හකු සන්ධි ගෙවිලාම, කටේ එලයින්මන්ට් ගිහිල්ලා තියෙන්නේ. කියන්නේ මොනවද කියලා තමුන් දන්නෙත් නැහැ. (නදී)
ඔය කියන නාඩගම් ඉස්සර තිබුනේ නැහැ. අඟුරු කෑල්ලක් කටින් හපලා ඇඟිල්ලෙන් දත් මැද්ද ගොවිරාල නැවත මදින්නේ පසුවදා උදේට. ඉද හිටලා කරඳ,බෝඹු ගසක් දැක්කොත් කොටු කෑල්ලක් හපා දත් මැද ගන්නවා. මගේ අප්ප්පච්චි බුලත්විට යහමින් කෑවා. මියගියේ වයස 89 න්. දත් 32 කම තිබුනා. භුම දානය සඳහා වල කපද්දී කිරි අත්තාගෙ ඇටසැකිල්ල හමු උනා. හිස් කබලේ දත් 32 කම තිබුනේ ඔය කියන දන්ත උපදෙස් රැකලා නොවේ ! " ආරෝග්‍යා - පරමා ලාභා " (නදී)