ජීවය පැවැතිය හැකිදැයි සැක කෙරෙන ග්රහලොවක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයෝ පිරිසක් සමත් වූහ. අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා හා සමාන වූ තාරකාවක් කේන්ද්‍ර කරගනිමින් පිහිටි තවත් සෞරග්‍රහ මණ්ඩලයකට මේ ග්‍රහයා අයත්ය.මේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක ගණන පහකි. පිහිටා ඇත්තේ පෘථීවියේ සිට ආලෝක වර්ෂ දොළහක් දුරිනි. දුරේක්ෂ 3 ක් මගින් සිදුකළ නිරීක්ෂණ 6000 කට ආසන්න සංඛ්‍යාවක් ඇසුරින් මේ නිගමනයට එළැඹිීමට පර්යේෂණ කටයුතු මෙහෙයවූ විද්‍යාඥ පිරිස සමත්ව තිබේ.හදුනාගත් ග්‍රහයා පෘථීවිය මෙන් පස් ගුණයක් පමණ බර වෙතැයි සඳහන් වෙයි. ග්‍රහලෝකයක ජීවය පැවැතීමට නම් එය මත පැවැතිය යුත්තේ අධික උණුසුම් හෝ සිසිල් හෝ නොවන මධ්‍ය උෂ්ණත්ව පරාසයකි.මෙවිට ග්‍රහලෝකයේ පෘෂ්ඨය මත ජලයට ද්‍රව ලෙස පැවැතීමේ හැකියාවද ලැබේ.ද්‍රව ලෙස ජලය පවතිනවා යනු ජීවයද පැවැතිය හැකි බවයි.මෙසේ මධ්‍ය උෂ්ණත්ව පරාසයක් කිසියම් ග්‍රහයකු මත පැවැතීමට නම් එය සිය මව් තාරකාවට වඩා දුරින් හෝ වඩා ළගින් හෝ නොව අතරමැදි දුරකින් පිහිටිය යුතුවේ.මේ කරුණු සූර්යයාගේ සිට 3 වැන්නේ පිහිටන පෘථීවිය සැළැකූ විට හොදින් වටහා ගත හැක. පෙරකී කරුණූ අලූතින් සොයාගනු ලැබූ ග්‍රහලෝකයේද හදුනාගත හැක.එනම් එම ග්රහලොවද පිහිටා ඇත්තේ සිය මව් තාරකාවට වඩා දුරකින් හෝ වඩා ළගකින් නොව මධ්‍ය දුරකිනි.ග්‍රහයා මත ජලය ද්‍රව ලෙස පැවැතීමේ සම්භාවිතාව ඉතා ඉහළය.සිදුකළ නිරීක්ෂණ අනුව උෂ්ණත්වයද ඇත්තේ අතරමැදි අගයකය.මෙනිසා ග්‍රහයා මත ජීවයද පවතිනු ඇතැයි විද්‍යාඥයින් මත පලකරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න වෙබ් අඩවිය ගිහිල්ල බලන්න විස්තර (නු) http://www.nature.com/news/galaxy-found-at-record-breaking-distance-1.12028
සාර්ථක සොයා ගැනීමක්.(හේ)
ආ... ඒ කියන්නේ මට වැරදිලා නැහැ. ෂුවර් එකටම ඔය ග්‍රහයා වෙන්න ඇති ඊයේ අල්ලපු ගෙදර හිටියේ. (නි)
ලක්ෂිත, අල්ලපු ගෙදර ගැන නෙමෙයි කතාකරන්නේ, අලුත් ග්‍රහලෝකයක් ගැන. (නි)
හේරත් අල්ලපු ගෙදර ගැන නොවෙයි කතා කරන්නෙ? අලුත් ග්‍රහලෝකය ගැන....!(නු)
මෙයත් සෙනසුරු වගේ සැරද දන්නේ නෑ (ස)
කරුණාකර මේ ගැන තොරතුරු කිසිවක් දමන්න එපා. අපේ කට්ටිය ඒකත් වනසාවි. (නි)
මේ ග්‍රාහකයේ කට්ටිය පියාඹන පීරිසි වලින් ඒවිද? (නි)
බොර තෙල් තියෙනවද දන්නෙ නැහැ. (නි)
දැන් ඔක්කොම කීදෙනාද (දී)
බුදුන්වහන්සේ මේවා දේශනා කරලා තියෙන්නේ උන්වහනසේගේ අසීමිත ප්‍රඥාවෙන්.. උන්වහන්සේගේ ධර්මය කෙසේවත් බොරු කළ නොහැකිය. එය නිර්මල ධර්මයකි..!(නු)
කරුණාකර මෙම ග්‍රහ ලෝකයෙහි නම හෝ එම පරීක්ෂණ කණ්ඩායම හෝ ආයතනයේ නම සදහන් කරන්න..!(නු)
සිත මිස කය නැති බබලොව සතරකි.. මින් එකක්වත්ද දන්නෙ නැහැ..!(නු)
අර ඊයෙ පෙරේදා සම්මාන ලබපු අයට වැඩ වැඩිවෙයි.. ඔය ග්රහයගෙන්වත් අපේ රටට මහජනතාවට යහපතක් වෙයිද?(නු)
මේක ඉන්දියාවේ අය දැනගත්තොත් ............... (ස)
අධික සීතලට හෝ අධික උණුසුමට ඔරොත්තු දිය හැකි අපිට වඩා වෙනස් ප්රවේණි ලක්ෂණ තියෙන ජීවින් සිටින්නට නොහැකිද?(නු)
අපේ රටේ සිදුවන දේවල් අනුව මේ ග්රහලෝකෙටත් ගෘහ සේවිකාවන් යැව්වෙ නැත්නම් තමයි පුදුමෙ...!(නු)
අපේ අල්ලපු ගෙදර බබී අක්කත් ඔහොමමයි. හැමදාම අලුත් ග්‍රහයෙක් හොයාගන්නවා. (නි)
ඒ ගොල්ල මෙහෙ එයිද දන්න නැහැ..!(නු)
මෙවන් දේ සොයා ගිය අයටත් මෙවන් වැකි එළිදක්වන ඔබටත් අපේ ප්‍රණාමය..!(නු)
නියමයිනේ මං වගේ තව කෙනෙක් ඉන්නවද දන්නේ නෑ (ස)