ඉන්ධන පිරිමැස්ම අතින් ලොව ඉදිරියෙන්ම සිටින මෝටර් රථය නිපදවීමට ජර්මනියේ වෝක්ස්වාගන් මෝටර් රථ සමාගම සමත්වී ඇතැයි වාර්තා වේ.
වී.ඩබ්ලියු. එක්ස් එල් 1 ලෙස නම් කර ඇති මේ මෝටර් රථයට ඉන්ධන ගැලූමකින් සැතැපුම් 313 ක දුරක් යා හැකි බව කියැවේ.මිට අමතරව මෝටර් රථයේ විදුලි මෝටර පද්ධතියක්ද වන අතර එම පද්දතිය සැතැපුම් 31 ක දුරක් මෝටර් රථය ධාවනයට අවශ්‍ය ජවය සැපැයීමට සමත්ය.කුඩා ප්‍රමාණයේ එන්ජිමකින් පණගැන්වුවද ජවය අතින්ද මේ මෝටර් රථය අනෙක් රිය වලට දෙවැනි නොවේ.තත්පර 12 ක් ඇතුළත පැයට සැතපුම් 60 ක වේගයක් අත්කර ගැනීමට සමත් මේ මෝටර් රථයේ උපරිම වේගය ලෙස සදහන් වනුයේ පැයට සැතැපුම් 100 කි.
මෝටර් රථය හැඩ ගැන්වීමට කාබන් ෆයිබර් වලින් නිමැවූ සැහැල්ලූ හා සවිමත් පැනල සොයා ඇත.මේ නිසාම රථයේ මුළු බර කිලෝග්‍රෑම් 795 ක් පමණි. වන බව එහි නිර්මාපකයන් කියයි.මිල ගණන් නම් මෙතෙක් නිවේදනය කර නොමැති අතර මෙම වසර අවසානයට ප්‍රථම මෝටර් රථය වෙළදපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වොක්ස්වාගන් සමාගම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කාර් එකේ දොර 2 යි නේ. මම හිතුවේ දොර හතර කියලා. මට නම් හරියන්නේ නැහැ. අනික ලංකාවේ මිල දැම්මොත් තමයි හොඳ. (නි)
මාලා හැම දේටම ජාතිවාද ගාවන්න එපා. මේක විශිෂ්ඨ වැඩක් (ස)
මාලා කියන එක හරි අපි ජාති වාදේ පතුර පතුර ඉන්නේ නැතිව ජාතියක් වශයෙන් එකතුවෙලා ඉදිරියට යන්න බලමු. (ස)
මෙහෙට ගෙනාවොත් 1000% විතර බද්දක් අය කරයි.. තෙල්වල ගාණ කොහෙන් හරි අය කර ගන්න ඕනනේ...(ස)
මේ තමයි විදේශ රටවල දක්ෂතාවය..අපි ගරුකළ යුතුයි. නමුත් අපි උත්සහ කරන්න ඕන අපේම නිෂ්පාදනත් අපේ අනාගතය වෙනුවෙන්... (ස)
සජීව මාලා අක්කාගේ යාලුවෙක් වගේ. (නි)
දැන් මන්ත්‍රීලාගේ පුතාලා මේ වගේ කාර් අරන් ඒවි. (නි)
පෝක්ස් වැගන් තමයි හරි නම.(නදී)
මේ වාහනයේ බොඩිය ෆිබෙර් වලින් හදලා තිබෙන්නේ. ඇමෙරිකාවේ පාරවල් වලට දාන්න කලින් ආරක්ෂාව ගැන ප්‍රමිති සහතිකයක් ගන්න ඕනෑ. ළගදී ඉන්දියාවේ මරුටි රථය ඇමෙරිකාවට ඉතා අඩු මිලකට (ඩොලර් 5000) හදුන්ව දෙන්න ගියා. නමුත් එහි සැකිල්ල අවශ්‍ය තරම් ශක්තියකින් යුතු නොවීම නිසා මහජන ජීවිතත් ආරක්ෂාව අඩු නිසා , එහි සැකිල්ල ප්‍රතිනිර්මාණය කරන්න නිර්දේශ වුණා. නමුත් නව ශක්තිමත් සැකිල්ලක් සහ ජීවිත ආරක්ෂක ක්‍රම යොදා සාදන විට එහි මිල ඩොලර් 15,000ක් වුණා. නමුත් 15000 කට අලුත්ම ටොයෝටා කොරොල්ලා කාරයක් ගත හැකි නිසා මරුටි රථය සදහටම එලියට විසි වුණා. වී ඩබ්ලිව් ඇමෙරිකාවේ ඉතා ජනප්‍රියයි, මෙය ඩොලර් 20,000 කට අඩුවෙන් අවොත් ටොයෝටා හ්යිබ්රිඩ් රථවල අවසානය විය හැකියි. (නි)
අපේ රටේ මේවගේ නිර්මාණයක් කළොත් ඊට පස්සේ ඔළුව සොයාගන්නවත් බෑ. අතුරුදහන් කරනවා...(ස)
සාමාන්‍ය ව්‍යවහාරේ හැටියට ලීටර් වලින් නේද මනින්නේ. මෙක ගැලුම් වලින් දාලා තියෙන්නෙ.මොකක් හරි හොරයක් ඇති.(නදී)
මාලා, ඔයාගේ කියමන හරි.(නදී)
ලංකාවේ වහන බදු ක්‍රමය නිසා පහර වදින්නෙ පොඩි මිනිහාට. ඩොලර් 25000ට වැඩි වාහන වලට බදු වැඩි කළාට කමක් නැහැ. අනික විදේශ විනිමය එවන විදේශගතව දුක් විදින ශ්‍රමිකයාට කෝ බදු සහන? කවුද මේ ගැන කතා කරන්නේ? (නි)
මෙම වාහනයට හලාල් සහතිකයක් අනිවාර්යමයි.(නදී)
කෙනත් හරි. අපි මරණ අතේ තියාගෙන ඉන්දියන් වාහන පාවාච්චි කරනවා. වෙන රටවල් එහෙම කරන්නේ නැහැ. අපි තොච්චර ඉන්දියාවට බැන්නත් අපි කරන්නේ ඉන්දියාවේ ආර්ථිකය පෙහොසත් කරන එකයි.(නදී)
ගැථම ක ලීටර් 4.5 අඩංගුය ඒ අනුව සැතපුම් 313/4.5 = 69.555 ලීටර් 1 ට ධාවන දුර සැතපුම් 69.555 පමණ විය හැක කිෙලා් මීටර වලින් නමි සැතපුම් 69.555 X 1.6 = කිෙලා් මීටර 111.28 ( සැතපුම් 1 = කිෙලා් මීටර 1 දශම 6) (ස)
ජාතිවාදය ගැන කතාකරන අය තමන් නොදන්න දේවල් කතා නොකර ඉන්නවා නම් හොදයි. (නි)
ජනතා සේවයක් කරන විට මුලින්ම බනින්නේ මුකුත් නොකර ඉන්න නිකමුන්ය. ඉතින් ඔබ අයත් වන්නේ මේ අතරින් මොන ගොඩටද යන්න මෙහි ඔබ දමන අදහස් වලින් අනෙක් පාඨකයනට හොදින් නිරාවරණය වනු ඇත. මුකුත් ම බැරිනම් තමන්ගේ කුහකත්වය ප්‍රසිද්ධ ස්ථානවල හෙළිදරව් නොකර සිටීමේ මානව අයිතිවාසිකම ඔබට හිමි බව මතක තබා ගන්න. (නි)
අන්න අරහේ ඇමතිපුතෙක් පොලිස් පුතෙකුට ගහලා,(නදී)
අපි ඉතින් ජාතිවාදාය ආගම්වාදය පතුර පතුරා ඉමු... (නි)
පාපැදියක්වත් හදාගන්න බැරි අපිට මේවා මැජික්. (නි)
සියල්ල පිටරටින් ගෙන්නා ගන්නා අපිට මේවා මැජික්. (නි)
සුද්දාගේ වැඩ ගැන ආයි කතා දෙකක් නැහැ. (නි)
ඔවු. අපි සුද්දන්ගේ දේවල්ම පාවිච්චි කරමු. (නි)
වාහනේ නම් ලස්සනයි. ඒ/සී නම් නියමයි. එන්ජිම ඉස්සරහද? පිටිපස්සෙද? ඔටෝද? මැනුවල්ද? ලංකාවට එනවිට ගණන කීයද? වැඩි විස්තර හදිස්සියි !(ස)
අනේ මේක හදපු මිනිස්සුන්ට පින්! (නි)
ලංකාවේ දක්ෂයෝ ඉන්නවා. ඒ වුනාට තැනත් දෙන්නේ නැහැ. මම දැක්කා ලගදි එක්කෙනෙක් ඉවත ලන යකඩ කෑලි එකතුකරලා නිර්මාණයක් හැදුවා. ඒක උඩ ගියා. නමුත් අන්තිමට වුනේ හිරේ යන්න. එයා ඒක හදන්න මොනතරම් මහන්සි වෙන්න ඇද්ද?(නදී)
දෙයියනේ! මෙන්න සුපිරි තාක්ෂණය... (නි)
නිමල් ලංකාවේ ගොඩක් දක්ෂයෝ ඉන්නවා...ඉදිරියට ගෙනියන්න ඉඩක් නෑ.. රෝද දෙකේ අත් ට්රැක්ටරය නිර්මාණය කළෙත් ලංකාවේ කෙනෙක්..(ස)
මේවා මැජික් වෙන්නේ අපි වගේ පොඩි මිනිසුන්ට. හෙට අනිද්දට බලන්නකෝ ශ්‍රී ලංකන් එකෙන් ගෙනත් බානකොට.(නදී)
මෙන්න තවත් සිදුවීමක් ජර්මනියේ උතුම් බව කියාපාන.(නදී)
හරි, හරි, දැන් අර පොල්කඩන මැසිම හදපු කොළුව කෝ? පොලිතින් වලින් පෙට්‍රල් හදපු මහත්තයා කෝ?(නදී)
සුද්දන්ට බැන බැන, සුද්දගේ දේවල්ම පාවිචිචි කර කර, බෝටිටුවලින් සුද්දගෙ රටටම යන අපේ අය ගැන මොනවා කතා කරන්නද?(නදී)
ලංකීය නිර්මාණ කරුවනි, ඔබට මේ රටේ තැනක් ලැබෙන්නේ නැහැ. බෝට්ටුවක එල්ලිලා හරි කමක් නැහැ හොද රටකට යන්න.(නදී)
වොක්ස්වැගන් කියන්නේ ලෝකේ ජනප්‍රියම වාහනයක්. ලංකාවේ අපිට ජර්මනියේ වාහන ගන්න සල්ලි නැති නිසා මේවා දකින්න නැහැ.(නදී)
මෙන්න ජර්මනියේ උතුම් බව කියාපාන තවත් එක සිදුවීමක්.(නදී)