ගල් ගසා මරා දැමිමට නියමව සිටින පුද්ගලයා වෙත පැමිණෙන වධකයා ඔහුව වැළඳගනුත්, ඔහුගේ වැරදි වලට සමාවදී ඇතැයි කියනුත් සටහන්ව ඇති වීඩියෝවක් අයිඑස් අන්තවාදී සංවිධානය අන්තර්ජාලයට එක්කර තිබේ.
වැරදි වලට සමාවදී ඇති බව කීවද අවසානයේ වධකයා එල්ල කරන ගල්පහර වලින් එම පුද්ගලයා මරණයට පත්වනුත් එම වීඩියෝවේ පටිගතව ඇත.
වීඩියෝව ලොව පුරා අයිඑස් හිතවාදීන්ගේ ප්‍රසාදයට ලක්ව තිබෙන අතර කෙතරම් චෝදනා නැගුණද අයිඑස් සාමාජිකයින් යනු සාමාන්‍ය මිනිසුත් බවත්,ඔවුන්ටත් මානුෂීය හැඟීම් තිබෙනා බවත් ඔවුහු කියමින් සිටිති.
දියුණු මිනිස් සමාජයට නිගාදෙන අයුරින් වරදට දඬුවම් ලබාදීමට අයිඑස් සංවිධානය භාවිතා කරන ම්ලේච්ඡ උපක්‍රමයක් සාධාරණීකරණය කිරීමේ වෑයමක් ලෙස විචාරකයින් මෙය හඳුන්වාදී තිබේ.
පසුගිය සමයේ අයිඑස් සංවිධානය අතින් මෙසේ ඝාතනයට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාව සියගණනකි.බියගෙන දෙන කරුණ වන්නේ මෙවැනි දඬුවම් පමුනුවා සිදුකෙරෙන ඝාතනයන්ට සහය දක්වන පිරිස්ද ක්‍රමයෙන් ගණනින් වැඩි වෙමින් සිටින වාතාවරණයක් ඇතිව තිබීමය.මෙම එක්කර තිබෙන වීඩියෝවේ පසුබිමේ පවා ගල්ගසා මරණ දඬුවම ලබාදෙන අයුරු නැරඹිමට පැමිණ සිටින බාල,මහලූ විශාල කණ්ඩායමක් සිටින අයුරු සටහන්ව ඇත.
අයිඑස් සංවිධානයට එරෙහි ප්රහාරයන් දිගින් දිගටම එල්ල කිරීමට ඇමරිකාව හා බි්රතාන්යය වැනි රටවලද සහය ලබන ඉරාකය කටයුතු කරමින් සිටින අතර ඇමරිකාවෙන් ප්‍රහාරක ගුවන්යානා කිහිපයක් ඇනවුම් කිරීමටත් එරට බළධාරීන් කටයුතු කර තිබේ.
එම යානා ලැබුණු වහාම මෙහෙයුම් කටයුතු සදහා යොදවන බව ඔවුන් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පපුව උණු උනානම් මොකටද මැරුවේ? (ස)
සමාව දෙනවා එත් මරනවා .හොදටම හදවත උනුවෙලා .මෙන්න අවිහිංසා වාදය .මානව දයාව (අ)
අපි සමාව දීලා තමා මරනවා!!(අ)
පත්තර මාමා පව් (අ)
ලෝකේ තියෙන කාලකන්නිම ආගම තමයි ඉස්ලාම් කියන්නේ (බ)
ඔය අයිඑස්එස් සංවිධානය ලංකාවට ආවා නම් මරන්න ඕන මිනිස්සු බරගානක්ම ඉන්නවා, ගල් ගහලම මැරිය යුතු. (ස)
මිනී මැරීමත් දෙවියන්ගේ කැමැත්ත මත යයි ප්‍රකාශ කරන ම්ලේච්ච සංවිධානයක්. (ස)
ගල් ගසා මිනිහෙකු මරනවා කියන්නේ ඉතම පහත් ක්‍රමයක් එ්ත් මේවා බලන්න මෙතරම් මිනිසුන් එනවා කියන්නේ සහ ඒවා අනුමත කරනවා කියන්නේ තවම මේ ලෝකය ඇතුලේ දුවන්නේ ගෝත්‍රික ක්‍රම කියන එකයි (බ)
ඉතාම සාමකාමී ඉස්ලාම් ආගමිකයන් සිටින්නේ ලංකාවේ ය , එයට හේතුව ඔවුන්ට ශත වර්ෂ ගණනාවක් සිට ඔවුන් බුදු දහම සහ හින්දු අගම අදහන අසල්වැසියන් සමග ජිවත් වීමය , සවුදි අරාබිය , ඉරානය , ඉරාකය වැනි ඉස්ලාම් රටවල ජිවත් වන ඉස්ලාම් භක්තිකයන් මිනිසුන්ගේ සහ සතුන්ගේ බෙල්ල කපා දමන්නේ කිසිම පැකිලීමක් නැතුවමය . (අ)
පිළිගත් ආගමක කිසි දිනෙක වැරදි දෙයක් උගන්වන්නේ නැහැ. මෙය හුදෙක් පුද්ගලයන් කිහිප දෙනකුගේ සිතිවිල්ලක් සපල කරගැනීමට තම ආගම පාවාදෙන මිලේච්ච කණ්ඩායමක් පමණි.අල්ලාහ් දෙවියන්ගෙන් පවා මොවුනට කිසි දිනෙක සමාවක් නොලැබෙනු ඇත. (බ)
මිනිසා තුළ සිටින තිරිසනා-වැඩකි අවදි කරවනා. (බ)
සාමයේ ආගමේ ආශ්චර්ය (බ)
ත්‍රස්තයා යනුද මනුෂ්‍යයෙකි (නි)
අබු බගාධි, ඔයා මිනිහෙක්ද? ඇයි මිනිස්සු මරණ එකට අනුබල දෙන්නේ? (නි)