ඉරානයේ සිට සෝමාලියාව ඔස්සේ යේමනයට ගෙන යමින් තිබූ බවට සැක කරන ගිනි අවි 2000ක් සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බව ඕස්ට්‍රේලියා නාවික හමුදාව පවසයි. මේ ගිනි අවි යේමනයේ හවුති ගරිල්ලන් වෙත ගෙන යාමට සැළසුම් කර තිබෙන්නට ඇතැයි කියති.
ඕමානයට නාවික සැතපුම් 170ක් දුර මුහුදේ දී අත්අඩංගුවට ගත් ගිනි අවිවලින් වැඩි ප්‍රමාණයක් ඒකේ 47 වර්ගයේ ස්වයංක්‍රීය අවි බවත් අවි 1989ක් එහි තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රයිෆල් 100ක් හා රොකට් විදිනයේ සවි කරන අත් බෝම්බ ද එහි තිබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හවුති සටන්කරුවෝ මට නම් ත්‍රස්තවාදියෝ නෙමෙයි. ඒගොල්ලෝ සටන් කරන්නේ මුළු ලොවටම ත්‍රස්තවාදය පතුරුවන විදේශික සෞදි හමුදාවත් එක්ක (නි)
අමිල ඔබ කියන්නේ ඇත්ත සවුදිය තමා ගිනි අවුලවන්නේ.. ඕන් දෑන් ඉල්ලන් කන්න යන්නේ සිරියාවට පාබල හමුදාව යවලා. (ර)
ත්‍රස්තයා සදහටම පරදින්න ඕනෑ (නි)