කැරලිකරුවන් හා එක්වීමට සිරියාව බලා යෑමට පැමිණි මාලදිවයින් ජාතික කාන්තාවක හා පුද්ගලයින් දෙදෙනෙකු මාලදිවයින බලා පිටුවහල් කිරීමට ශ්රී ලංකාව පියවර ගනිමින් සිටින බව මාලදිවයිනේ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම තිදෙනා මාලදිවයිනේ සිට ශ්රී ලංකාවට පැමිණ එතැනින් තුර්කියටත් අනතුරුව සිරියාවටත් ගමන් කිරීමට සැළසුම් කර ඇතැයි හෙළිවී තිබේ.
තම රෝගාබාධ වලට ප්රතිකාර ගැනීම සඳහා පැමිණි බවත් නමුත් තිබෙන පහසුකම් ගැන සෑහීමකට පත්නොවන නිසා තුර්කිය බලා යෑමට සූදානම් වන බවත් මොවුන් තිදෙන ශ්රි ලංකා බළධාරීන් හමුවේ කියා තිබේ.
ඔවුන් ගැන සැකසිතා ඇත ශ්රි ලංකා බළධාරීන් පොලිස් බුද්ධි අංශය ඔස්සේ මාලදිවයිනේ සංවිධානාත්මක අපරාධ මර්දන දෙපාර්තමෙන්තුවට මේ බව දැනුම්දී තිබේ.එහි ප්රතිඵලයක් ලෙස ශ්රී ලංකාවේ මාලදිවයින් තානාපති කාර්යාලයෙන් ලැබුණු නියෝගයක් මත මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
පසුව සිදුකෙරුණු පරීක්ෂණ වලදී කාන්තාව කණ්ඩායමේ සිටි එක් පුද්ගලයෙකුගේ බිරිඳ බවත් ඇය ඒ වන විට 7 මස් ගැබිණියක බවත් සොයාගෙන තිබේ.අනෙක් පුද්ගලයාට පහරදීම් හා දේපළ අලාභ හානි කිරීම් සම්බන්ධව පොලිස් වාර්තාවක්ද තිබෙන බව අනාවරණයව ඇත.
සිරියා අගමැති බෂීර් අල් අසාඩ්ට එරෙහිව කැරලි ගසා සිටින මාලදිවයින් සම්භවයක් ඇති බිලාඩ් අල් ෂාම් මීඩියා කල්ලියට බැදීම සදහා මොවුන් සිරියාව බලා යන්නට උත්සාහ කර ඇතැයි සැක කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මොනවද මේ මිනිසුන් බලාපොරොත්තු වෙන්නේ? දරුවෙකුත් කුස තුළ හොවාගෙන යුද්ධයට යන්න තරම් මොනතරම් කුරිරු හැඟීම් සමුහයක් ඒ ශරීරය තුළ පිරී ඇද්ද? කුස තුළ දඟලනවා දැනෙන තම නුපන් දරුපැටියාගේ අනාගතය, ඒ හුරුබුහුටි ළදරු මූහුණ දැකගන්න, ඔහුට ජීවය දෙන්න ඇයි ඒ අම්මාගේ හදවත මොළොක් නොවුණේ? (නි)
කෙසේවෙතත් හොඳ ක්රියාවක්.ලෝකය තුළ අලුත් මුහුණුවරකින් ලංකාව ගැන කතාබස් කිරීමට අවස්ථාවක් සැළසුණා.හොඳ ප්රසිද්ධියක් ලැබෙන අවස්ථාවක් ලංකාවට. (නි)
සාමයේ දහම.(හේ)
සාමයේ දහම පතුරවන්න යන්න හදන්න ඇත්තේ!හෛ්)
මොහොමඩ් ගෆුර්, මේවා ජාතිවාදී අදහස් වගේද පෙන්නේ? නැත්නම් මිනිස්සු ඇත්ත කතාකරනවා පේන්න බැරිද? (බ)
කාන්තාවනුත් මේවට සම්බන්ධ වෙනවනේ! (නි)
ත්රස්තවාදයට නැවත හිස ඔසවන්නට ඉඩනොදෙමු (නි)
ජනාදිපති අසද්ට විරුද්ධව බටහිරට ගති අාණ්ඩුවක් හදන්න උත්සහ දරන යට ඉඩ නොදිය යුතුයි.. පේනවා නේද ඇමෙරිකාව සහ එංගලන්තය ලිබියාවට කරපු දේ. ලංකාවේ යටත් හොඳ පාඩම්. රටේ ප්රශ්න වලට ඇමෙරිකාවේ සහ එංගලන්තයේ සහය පැතීම සියදිවි නසා ගැනීමක්.(හේ)
අපේ ලංකාව හරහා ඔය ත්රස්තයින්ට ත්රස්ත කටයුතුවලට නම් යන්න ඉඩ තියන්න එපා. අපිත් මේවා ආදර්ශයට ගන්න ඕනේ මතුවට. (නදී)
ත්රස්තවාදය ගැන නම් මම මතක්කරන්නවත් කැමති නැහැ (නි)
කාන්තාවක් අතින් මරණයට පතුනොත් එයට ස්වර්ගයට ඇතුළු වෙන්න බහේ කියල තියනවා. ඉතින් කාන්තාවෝ උදව් දෙන්නේ ඔහොමයි.(හේ)