මහා පිරිසක් සිටින ස්ථානයක තමන්ටම කියා වෙනම ඉඩක් ලබා ගැනීමට හා පහසුවෙන් ගමන් කිරීමට භාවිතා කළ හැකි අපූරු පළඳනාවක් නිර්මාණය කිරීමට සිව් මිං චෙන්ග් නැමැති තරුණියක් සමත් වී ඇත.
එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන ප්‍රශ්න විසදීම සඳහා භාවිතා කළ හැකි උපකරණ හඳුන්වා දීමේ අරමුණින් සිංගප්පූරුව් ජාතික විශ්ව විද්‍යාලයේ පවත්වන ‘චින්ඩොගු’ වැඩමු`ඵවට ඉදිරිපත් කිරීම සඳහා ඇය මෙම පළඳනාව නිර්මාණය කර තිබේ.
‘ස්පික් අවේ’ නැමති මෙය නම්‍යශීලී ප්ලාස්ටික් පටි දෙකක් ගෙන එයට උල් හැඬේ ප්ලාස්ටික් විශේෂයක් සවි කර මෙය නිපදවා ඇත. එය කාන්තා උරහිස් වලින් දමා ප්ලාස්ටික් කම්බි වලින් ගැට ගසයි.
උමං මාර්ග වල ගමන් කිරීම්දී කාන්තාවන්ට සිදු වන කරදර දැක ඇති නිසා මෙවැනි දෙයක් නිර්මාණය කිරීමට අදහසක් ඇති වූ බව චෙන්ග් පැවසීය. විශේෂයෙන් මෙම පළඳනාව සෙනග පිරී ඇති ස්ථාන වලදී භාවිතයට ගත හැකිය.
.gif)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට තමා ගෑණු නුවණ හැදි මිටේ කියන්නෙ..... (නි)
අර ඉත්තෑවෙකුත් කිවුවලුනේ "වේදනාවෙන් තොර සැපතක් නැතැයි" කියලා (නි)
නියමයි! (නදී)
අපේ රටට ඔව්වා ගෙනාවට අපි බයවෙන්නේ නැහැ. කවුද අනේ කාන්තාවන්ට හේත්තු වෙන්ට යන්නේ..? (ස)
පිස්සු හැදෙන සඳ. (ස)
මම පෞද්ගලිකව මේ නිර්මාණයට කැමති නැහැ. මේකෙන් අපි පිරිමින්ට අසාධාරණයක් කරනවා .ඒ වගේම අපිටත් අසාධාරණයක් වෙනවා. සමාජවාදිව හිතන්න ඕනේ. (ස)
21 වන සියවසේ මහා ගොන්ම ගොන් නිර්මාණය.. (ස)
අපේ කොල්ලො අසරණයි නේද? හිර වෙන්නෙ නැතුව බස් එකකවත් යන්නෙ කොහොමද? (නි)
කෙල්ලන්ටම ගැළපෙන වැඩේ (නි)
ඕක පැත්තකට දාලා තමන්ටම කියලා වාහනයක් ගන්න බලන්න.නැත්තම් ගෙදරට වෙලා හිටියා නම් ඉවරයිනේ. (නි)
නියමයි! (නදී)
සද සද වගේ... තරු තරු වගේ.. කටු කටු වගේ... (නි)
අපේ උන්දැලාට නම් මේකත් ළං වෙන්න උපකාරයක් වේවි (නි)
ඕක ඇනගෙන බස් එකේ යනවට වැඩිය නරකද.....කියක් හරි වැඩිපුර දීල 3 විල් එකේ යනවා.(නදී)
ලංකාවෙ නම් මේවා දාගෙන බස් වල නම් යන්න බැරිවෙයි... (නි)
මොලේ කල්පනා කරලා කරපු ගොන් වැඩක්. (ස)
කීයක් ඔට්ටුද ? ලංකාවට ඔය ඇදුම ආවොත් එක කෙල්ලෙක්වත් ගන්නෙ නැහැ. මතක නැද්ද ගැහැණුන්ට පමණයි බස් දාල සාර්ථක උනාද බොරුවට ඇඹරුනාට අද කාලෙ හුගක් අයට ඕනෙ තද වෙලා යන්න තමයි. (නදී)
ඕවා හොඳයි පිට රටවල් වලට. අපේ අයට ඕවා නෙමෙයි ඉබි යතුරු දාලවත් බේරගන්න බැරි එකේ ඕවා නිකන් සෙල්ලම් බඩු වගේ වෙයි.අනික අපේ බස් එකක,කෝච්චියක ඕවා දාගෙන නැග්ගොත් අතවරයට ලක්වෙන එක කෙසේ වෙතත් වෙන අයගේ ඇඟේ වද්දලා ගුටිකන්නයි වෙන්නේ (නි)
ආත්මාර්ථකාමී නිර්මාණයක්. මෙව්වා පැළඳගත්ත අය 10-15 විතර පාරේ ගියොත් .(නදී)
මෙහි නීතිමය පැත්ත පැහැදිලි කරන්න පුලුවන්ද ??? (ස)
ලංකාවේ බස් වල යන්න හොදයි. අදට ගැලපෙන නිරිමානයක්!.(නදී)
මේක ඇඳගෙන ගමනක් යන්න මෙහෙ බස් හෝල්ට් එකක හිටියොත් නම් කවදාවත් බස් එකක් නවත්වන්නේ නැත. (ස)
ඕක පැළඳගෙන යන්න. කාටහරි තුවාල වුනොත් වන්දි ගෙවන්නත් බලාගෙන ඉන්න. (නිකමට හිතන්න පොඩි ළමයෙක්ගේ ඇඟේ වැදුන කියලා) (ස)
නිකන් ඉත්තෑවා වගේ වෙයිනේ?? (ස)
ඕවා මොනවද දකුණු අප්‍රිකාවේ ගැහැණුන්ට කටු වැනි ගොරෝසු කටු තියෙන රේන් කෝට් දාන්නේ. ලංකාවත් මේවා ඉක්මනට ඕන වෙයි. මොකද ඊයෙත් එක ගැහැණු කෙනෙක් පස් දෙනෙකුගේ අතවරයට ලක් වෙලා. (ස)
කෙල්ල නිකන් දැලඹුවා වගේ.(නදී)
මම නම් පැත්ත පළාතේ යන්නේ නැහැ. (ස)
අනේ අපේ අයියලාට දෙවියන්ගේම පිහිටයි (නි)
එහෙත් මේකෙන් ආරක්ෂා වෙන්නේ ශරීරයේ උඩ කොටස පමණයිනේ. යට කොටස? (නි)
මෙයා නම් රෝස මලක් වගෙයි. නටුවේ කටු ගොඩයි. (නි)
මොනකරත් කමක් නෑ. ටිකක් මොලේ කල්පනා කරන්න ඕනේ. ගොන් වැඩක්. (අ)
මේවා දාගෙන යන්න නම් ඉතින් තමන්ගේම වාහනයක යන්න ඕන. එහෙම නැත්නම් මිනිස්සුන්ගෙන් ගුටිකන්න තමයි වෙන්නේ. අපේ රටටනම් මේවා එපා මොකද ලංකාවේ හැමෝම උදේට කලබලෙන් බස් එකට දුවන්නේ රස්සාවට යන්න ඒ වෙලාවට මේවා දාගෙන කවුරුහරි අවොත් ගහල එලවනවා හැර වෙන මොනවා කරන්නද. (අ)
විජේ, හොද අදහස (නි)
යසවතියෝ,ඔබගේ පැනය අදාල අංශ වෙතට යොමු කොට ඇත. (නි)