සාමාන්‍ය හිසකට වඩා තුන්ගුණයක් විශාල හිසක් සහිතව ඉපදුණු දරුවකුගේ හිසේ විස්මිත සැත්කමක් සාර්ථක වූ බව වෛද්‍යවරු කියති. ඇගේ හිසේ විශ්කම්භය අඟල් 37 සිට 23 දක්වා අඩුකිරීමේ සැත්කම සිදුකැර ඇත්තේ නවදිල්ලි රෝහලේ වෛද්‍යවරු කණ්ඩායමක් විසිනි.
වයස අවුරුදු 3 ක් වු රූනා බෙගම් නවදිල්ලි රෝහලට වහා ඇතුලත් කළේ මොලයේ වතුර පිරීමේ රෝගයට ප්‍රතිකාර ලබාදීමටය. ශළ්‍ය වෛද්‍යවරුන් ඇය රෝහලෙන් යළි නිවසට යනව ලද්දේ හිසේ ප්‍රමාණය අඩුකිරීමේ සැත්කම් කිහිපයක් ම සිදුකිරීමෙන් අනතුරුවය. කල්පිත අභ්‍යාවකාශ ජීවියකුගේ මෙන් හිසක් සහිතව උපන් මේ දරුවා වැඩිකළක් ජීවත්කරවිය නොහැකිවනු ඇතැයි ඇය උපන් මොහොතේ වෛද්‍යවරු කීහ.
එසේ වුව ද උත්සාහය අත්නොහැරි වෛද්‍යවරු දැන් ඇය ජීවත් කරවීමට පමණක් නොව හිසේ විශාලත්වය අඩුකැර බොහෝ දුරට සාමාන්‍ය තත්ත්වයට ගැනීමට ද සමත්ව සිටිති. ඇය දැන් හොඳින් සිනා සෙන්නීය.
රූනාගේ මව වන ෆාතිමා කටුන් 23 පවසන්නේ ඇය ජීවත්නොවන බව වෛද්‍යවරුන් පැවසු බවයි. නමුත් ඇය මරණයෙන් බේරි සිටිනවා දැකීම මහත් සතුටක් බව ද ඇය කියයි.
දැරිය දැන් වඩාත් පහසුවෙන් සිටියි. ඇයට ඇගේ හිස කෙලින් තබා ගැනීමට හැකියාව සැත්කම්වලින් පසු ලැබී ඇත. තනිවම තම හිස පැත්තෙන් පැත්තට හැරවීමේ හැකියාව ද පවතී. ඇය වෙනත් දරුවන්ට ප්‍රතිචාර දක්වයි. අනෙක් දරුවන් ඇයට නම කියා අමතන විට ඇය සිනා සෙයි.
රූනාගේ මව තව පවසන්නේ තම දියණියට නැගිටීමේ හා කතාකිරීමේ හැකියාව ලැබෙන්නේ නම් තමන්ගේ දුක තුනීවන බවයි.
‘‘අපි බලාපොරෝත්තු වෙනවා ඇය යම් දිනක පාසැලට ද යාවි කියා“ මව කියන්නීය.
මෙම සැත්කම කරණු ලැබුවේ නවදිල්ලියේ ෆෝටීස් අනුස්මරණ රෝහලේදීය. විශාල වියදමක් සහිත මේ දුර්ලභ සැත්කමට රෝහල ගාස්තු අයකැර නැත.
රූනා රෝහලේ දින 105 ක් ගත කර ඇත. සැත්කම් සිදුකර ඇත්තේ ස්නායු ශෛළ්‍ය වෛද්‍ය සන්දිප් වාසියා විසිනි. දරුවාගේ ප්‍රකෘති තත්වයට පත්වීම පිලිබඳ ඔහු පවා පුදුමයට පත්වූ බව කියයි.
‘‘ මට දරුවාගේ විශාල ප්‍රගතියක් පෙනෙනවා. ඇයට තව බොහෝ දිගුගමනක් යාමට තියෙනවා. අපි මෙතරම් පහසුවෙන් මේ දරුවා සුව කළ හැකියැයි සිතුවේ “ වෛද්‍ය සන්දිප් ඉන්දීය මාධ්‍යයට කියා ඇත.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවය ලබා දීර්ගායුශ ලැබේවා! (නදී)
මේ දරුවට සහ උදව් කල සියලු දෙනාට තෙරුවන් සරණයි (නදී)
බබාට ඉකමනින් තනියම ඇවිදින්න කතා කරන්න. සෙල්ලම් කරන්න මේ ඔක්කොම පුළුවන් වේවා (නදී)
ඉක්මන් සුවය ලැබේවා (දිල්)
මේ ලෝකේ දෙවියන් කියලා අමතන්න ඕනා වෛද්‍ය වරුන්ට. මේ කළ ක්‍රියාවට ලංකිකයෙක් වන මම සුබ පතහනවා. දරුවට සහ වෛද්‍යවරුන්ට දෙවි පිහිටයි (නදී)
ඉක්මණින් සුවපත් වේවා! (නි)
පුංචි දුවේ ඹයාට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා! (නදී)
මේ දරුවට සහ උදව් කල සියලු දෙනාට තෙරුවන් සරණයි (නදී)
ලංකාවෙත් මේ වගේ පුතෙක් හිටිය මට මතකයි .ඒ දරුවාගේ දෙමුවුපියෝ වෛද්‍යවරු සෑහෙන උත්සහයක් ගත්ත දරුවා බේරගන්න .එත් දරුවා මෙලොවෙන් සමුගත්ත . මේ දියණියට ඉක්මන් සුවය ලැබේවා.(අ)
අහම්බෙන් අහන්න ලැබෙන ඉතා සතුටුදායක පුවතක්. වෛද්‍යවරු කියන්නේ දෙවිවරු කියල මේ අය ඔප්පුකරල තියනවා. (අ)
ඔයාට හොඳ වෙනවා. අපි හැමෝම ඔයාට තෙරුවන් සරණ පතනවා! (නි)
පුංචි දුවට ඉක්මන් සුවය ලැබේවා! (නි)