එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි වෙසෙන බෞද්ධ ජනතාවගේ ආගමික සහ සංස්කෘතික අවශ්‍යතාවයන් සපුරාලීමේ අරමුණ පෙරදැරි කොට ජනවාරි 29 වැනි දා මිරහවත්තේ පඤ්ඤාසිරි හිමියන්ගේ මුලිකත්වයෙන් ශ්‍රී ලංකාරාමය නමින් නව විහාරස්ථානයක් ආරම්භ කරනු ලැබිය.
එම සමාරම්භක පින්කමට ආරාධනා ලැබුවන් අතර කොන්සල් ජනරාල් චරිත යට්ටෝගොඩ මහතා සහ ඔහුගේ බිරිඳය. ඩුබායි දේශයේ දැනට ක්‍රියාත්මක වන විවිධ ශ්‍රී ලාංකික සංවිධාන වල නියෝජිතයන් සියලුදෙනාම මෙම ඓතිහාසික අවස්ථාවට සම්බන්ධ වි සිටීම විශේෂිත වූ කරුණකි.
ඉතා උත්කර්ෂවත් අන්දමට පැවැත්වුණ එම පින්කමෙහි වැඩ කටයුතු සංවිධානය කෙරුණේ සුනිල් චන්ද්‍රකුමාර මහතා ප්රමුඛ දායක සභාව විසින් සංවිධානය කැරිණි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැනට ශ්‍රී ලාංකිකයින් දෙලක්ෂ පනස් දහසක් පමණ ජීවත්වෙති. මේ අතර බොහෝ දෙනා බෞද්ධයෝය. ඩුබායි නගරයේ සහ උතුරු එමිරයේ පදිංචිව සිටින සැදැහැවතුන් සියලුම දෙනා හට අභිනවයෙන් ආරම්භ කෙරුණ මෙම විහාරස්ථානය මගින් මහඟු සේවාවක් සපයනු ඇත.
මීට පෙර ඩුබායි නගරයේ මහමෙව්නාව භාවනා අසපු ශාඛාවක්ද තායි විහාරස්ථානයක්ද ආරම්භ කර තිබුණි. මව්බිමෙන් ඉතා දුර බැහැරව නුහුරු නුපුරුදු පරිසරයක වෙහෙස මහන්සිවී රැකියාවල නියුතුව ඉන්නා බෞද්ධ සදහවතුන් හට මෙම විහාරස්ථානයන්ට අමතරව අලුතෙන් ආරම්භ කෙරුණ ශ්‍රී ලංකාරාමය මගින්ද ඔවුන්ගේ ආගමික වැඩකටයුතු සඳහා සහභාගි වීමටත් අධ්‍යාත්මික ගුණ වගාව පවත්වාගෙන යාමටත් ඉමහත් උපකාරයක් සලසාදෙනු ඇත.
භාවනාව ප්‍රගුණ කිරීම සඳහා මුල් තැනක් දෙමින් සම්මුති දේශනාවන්ට අමතරව පරමාර්ථ ධර්ම කොටස්ද බුදුදහමේ ගැඹුරු තැන් පිළිබඳව සරලව පහදා දෙමින් අවශ්‍ය අවබෝධයක් ලබාදීම උදෙසා ද මෙම විහාරස්ථානය මඟින් කටයුතු කෙරෙනු ඇත.
මැද පෙරදිග රටවලට වැඩම කරවන ආගන්තුක භික්ෂුන් වහන්සේලාට තාවකාලික නවාතැන් පහසුකම් සපයාදීමට ද, උන්වහන්සේලා විහාරස්ථානයේ ආගමික සහ සංස්කෘතික කටයුතු වලට සහභාගී කරගැනීමටද විහාරස්ථ දායක සභාව බලාපොරොත්තු වෙයි.
ඩුබායි නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හට ආගමික මෙන්ම ජාතික වැදගත්කමක් ඇති අවස්ථාවන්හිදී පින්කම් සහ සංස්කෘතික වැඩසටහන් සංවිධානය කිරීමටත් ඉදිරියේදී බලාපොරොත්තු වෙයි.
විහාරස්ථානය මගින් සංවිධානය කෙරෙන භාවනා පන්ති සඳහා මෙන්ම ආගමික සහ සංස්කෘතික වැඩ කටයුතු සඳහා බෞද්ධ නොවන අයටද සහභාගි විය හැකිවෙයි. මේ තුළින් මැදපෙරදිග ජීවත්වන සියලුම ශ්‍රී ලාංකිකයින් අතර සමගිය සහ සහජීවනය වර්ධනය කිරීම සඳහා ද උත්සාහයක් ගනු ඇත.

![DSC_8713[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC_87131.jpg)
![DSC_8806[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC_88061.jpg)
![DSC_8610[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC_86101.jpg)
![DSC_8613B[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC_8613B1.jpg)
![DSC_8623[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC_86231.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරාබි රටේත් ආගමික සංහිදියාව ඇති බව මෙයින් සනාථ වී ඇත. (නි)
මම ප්‍රාර්ථනා කරනවා පුද්ගල සිතුම් පැතුම් යහපත් ලෙස වෙනස් කරන්න පුළුවන් වෙන්න කියලා (නි)
හැමෝටම එකට පන්සල් යන්න පුළුවන්. මේක ශ්‍රී ලංකා පුරවැසියෙක් වන මම අගය කරනවා. (නි)
ගොඩක් හොඳයි (නි)
මෙම රටවල එම රටේ නීතියට විරුද්ද ක්‍රියා කර අසුවන ලාංකිකයන්ට දඬුවම් කරාම ඔවුන් කියන්නේ ඔවුන් ළඟ බුදු රුවක් තිබුන නිසාත් බුදුන් වෙන්දීම කල නිසාත් කියා , එහෙත් දෙන එය බොරුවක් බව වෙටහේ , (කෞ)
මේ වගේ මුස්ලිම් අරාබි රටක බෞද්ද සිදස්ථානයක් පිහිටුවීම තවත් සියවස් ගානක් බෞද්ද ආගම මේ රටේ ප්‍රචලිත වේවා කියලා මම ප්‍රර්ථනා කරනවා.(හේ)
බොහොම අගෙයි (නි)
කොහෙද මේක තියෙන්නේ?(හේ)
හරිම සතුටයි.කොහෙද කියලා කියන්න .(හේ)
භාවනා මධ්‍යස්ථානයකට , අතිශයින් වැදගත් මිලකළ නොහැකි හස්තසාර වස්තුවක් පරිත්‍යාග කරන්නම් , (හේ)
සෞදි අරාබියටත් ලබාදෙන්න, බලධාරීන්ගේ ඇස් ඇරේවා! නමුත් එය හීනයක් පමණක් වේවිද.....? (නි)
මෙම පන්සල තිබෙන තැන කවුරුහරි කියනවද? බොහොම පින්. (නි)
සාදු සාදු...!!! (නි)
අයිතිකාරයෝ වැඩිවෙන්නේ නැතිව ඉදිරියට ගියොත් වාසනාවක්. (ම)
අපිට මේ කටයුතු පවත්වාගෙන යාමට පිරිස් බලය අවශ්‍යයි. තව තවත් පින්වතුන් අප හා එක්වනවා නම්, ලෙහෙසියෙන්ම මේ කටයුතු සම්පාදනය කරන්න පුළුවන්. (නි)
අනෙත් මැදපෙරදිග රටවල නායකයන්ට මෙය ආදර්ශයක් වේවා! (නි)
මට කොච්චර සන්තෝෂද කියලා කියන්න අමාරුයි (නි)
නමෝ බුද්ධාය! තෙරුවන් සරණින් මෙම වාසනාවන්ත පින්පිරි පන්සල දිනෙන් දින දියුණු වේවා! අපට හරිම සතුටුයි! (නි)
ගොඩක් සතුටුයි.(හේ)
බුදු සසුන නිරන්තරයෙන් බැබලේවා, අපටත් වැදපුද ගන්න ස්ථානය කියන්න (හේ)
බුදු සරණින් සියලු කටයුතු සාර්ථක වේවා (කෞ)
තැන හරියට කියන්න (හේ)
උතුම් පින්කමක්. මෙයින් උතුම් ප්‍රතිඵල ලබන්නට නම් මේ උතුම් බුදු දහම අන්‍යාගමිකයන්ටද තේරුම් බේරුම් කර දෙන්නට උත්සාහ කරමුද? සැමටම යහපතක්ම වේවා! (නි)
තව තවත් මෙවන් උතුම් පින්කම් කිරීමට ශක්තිය දිරිය ලැබේවා (ම)
හිමියනි..!අපමණ මෙත් කරුණා,මුදිතා ගුණයෙන් යුත්, පියකරු නෙලුම් මලින් වට වූ, බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පින්තුරයකින් හෝ බලන්නට ලැබීම අප ලැබුවාවූ වාසනාවකි.මෙවන් අගනා පුවත් ගෙනෙනා ලංකාදීපයට තුති. (ම)
අපේ ආශීර්වාදය .සැමට සෙත් වේවා ! (කෞ)