ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජවයක් සහිත දේශපාලනඥයකු බවත් ඔහු සමග එක්ව කටයුතු කිරීමට කැමැති බවත් ඇමරිකා එක්සත් ජනපද ජනපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමරිකාවේ සිටින ඉන්දීය ජනතාව හමුවූ අවස්ථාවක ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කැර ඇත. තමා බලයට පත්වුවහොත් ඉන්දියාව සමග මිතුරු සබඳතා වැඩි දියුණුකරන බවද කියා ඇති ට්‍රම්ප් ඉන්දියාවේ වැඩපිළිවෙළ අගය කර ඇතැයි කියති.
ඔවුන් හමුවේ අදහස් පළ කළ ට්‍රම්ප් කියා ඇත්තේ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පසුගියදා හැසිරුණු ආකාරයෙන් පෙනී යන්නේ ඇය මත්ද්‍රව්‍ය පරීක්ෂාවක් සඳහා යොමුකළ යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු ජනාධිපති වුණොත් ලංකාවට වාසියි. නමුත් පහුගිය දවස් වල අනවශ්‍ය බහුභූත දෙඩවීම නිසා මොහුගේ ජනප්රියභාවය අඩුවෙමින් පවතී (නි)
ඇත්තටම මෙතුමා අපේ රට ගැන එහෙම මොකුත්ම කියලා නැද්ද? (නි)
ට්‍රම්ප්ගේ විදෙස් ප්‍රතිපත්ති විදේශ රටවලට එතරම් හානිකර නැත. ඔහු ප්‍රධාන වශයෙන් ඇමෙරිකාව ලෝකයේ සාමයට බලපාන ආකාරයට සහ ඇඟිලි නොගැසීමට ප්‍රතිපත්ති සකස් කර ඇත (නි)
අපේ අය ගැන කියලා තියෙන්නෙ මොනවද ? (ර)