ඇමරිකා ජනපතිවරණයෙන් ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ දී වත්මන් ජනපති බැරක් ඔබාමා හමුවිය.
ඔබාමා මුණ ගැසීමට ලැබීම මහත් ගෞරවයක් බව ට්‍රම්ප් එහිදී පැවසීය.
ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවැති සාකච්ඡාව විශිෂ්ට එකක් වූ බව ඔබාමා සඳහන් කළේය.
දෙදෙනා අතර විදේශ හා ජාතික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණු බව ඔබාමා පවසා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් දෙදෙනා කලින් කොතරම් විරසක වුණත් එම සියලු දේ අමතකකර බලය සුමටව හුවමාරු කරගැනීමට ක්‍රියා කරන ආකාරය ඉතාම විශිෂ්ට ලක්ෂණයක් (නි)
සනත් , අපි ඉන්නේ නම් ගෙම්බෝ ඉන්න ලිඳක , (අ)
ට්‍රම්ප් ඡන්ද වේදිකාවල කියපුවා දිවුරුම් දෙන්නත් කලින් වෙනස් කළා. අද කියනවා මිලියන 11ක් සංක්‍රමණිකයන් යවන්නෙ නැතිලු, යවන්නෙ චෝදනා තියෙන මිලියන් 2 -3ක් විතරලු, දේශසීමාවේ තාප්පය සමහර තැන්වලදි ඉදිකරන්නෙ වැටක්ලු, 'ඔබාමාකෙයාර් එකේ වෙනස් කරන්නෙ නරක කොටස් පමණලු. හැබැයි ඡන්ද දවස්වල කිව්වෙ නම් අවලංගු කරලා අලුතින්ම ගේනවා කියලා. අනේද කියන්නෙ. (නි)
මිනිපේ, දන්නා දෙයක් කතාකරන්න. ඇමරිකාවේ ඔබ හිතන විදිහට එක පක්ෂයකට සුළු ජාතිකයින් ඡන්දය දෙන එක නවත්තන්න බැහැ. හිලරි කොච්චර සුළු ජාතීන්ට කතා කළත් ආසියාතික හා හිස්පැනික් මිනිසුන්ගෙන් 40% කිට්ටු ගානක් ට්‍රම්ප්ට ඡන්දය දුන්නා. ඇමරිකාවේ දේශපාලනය දුවන්නේ ප්‍රතිපත්ති මත මිස ජාතිය මත නෙමෙයි (නි)
ලෝකයට සාමයේ පණිවිඩය රැගෙන ධවල මන්දිරයට ගිය ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට මාගේ හද පිරි සුබ පැතුම්! (නි)
සත්‍යයා, අපේ ඔබාමා නෙමෙයි හිලරි. (නි)
මේ සිදුවීම සාමාන්‍ය සිරිතක්. මේක අරුමයක් කියලා හිතන්න එපා. සෙන්දේ, ඇමරිකාවෙත් විරුද්ධ පක්ෂේ පළමු න්‍යාය තමයි පවතින ආණ්ඩුව පෙරළීමේ උත්සාහය. සුදු ජාතීන්ගෙන් බහුල රිපබ්ලිකන් පක්ෂය, සුළු ජාතින් ඡන්දය දීම වැළැක්වීමට සැම උපක්රමයක්ම යොදනවා. (නි)
ඔබාමාගේ මතුපිට නොව ඔහුගේ ඇතුළාන්තයේ පවතින අඳුරු ස්වභාවය මේ වනවිට බොහෝ දෙනා හොදින්ම දැක තිබෙනවා. ඇමෙරිකානු ඉතිහාසයේ නවක ජනාධිපතිවරයෙකු ධවල මන්දිරයට පිළිගන්නා අචාර විධි නොසළකා හැරියේ ඔබාමාගේ උඩඟුකම නිසාමයි. මම අවංකවම අප්‍රිය කරන සෝබන චරිතයක් තමයි මේ ඔබාමා කියන්නේ. ඒකයි එදා ට්‍රම්ප් මහත්මයා කීවේ ඔබාමාගේ තියෙන්නේ වැඩක් නොකරන කථාව පමණයි කියා. (නි)
මම ඉන්නේ නයිජර් වල. අපේ හිටපු ජනාධිපතිතිමා අාධාර මුදල් දීපු අප්‍රිකානු ජල ව්‍යාපෘති වලින් හැබෑවටම හොඳ ව්‍යාපෘති ක්‍රියාත්මක නොවුණත් ඒ මුදල් බාර ගත්ත මෙහෙ පාලකයෝ නම් හොඳට දියුණුවුණා. ඉතින් අපේ පාලකයන්ට හොරු කියන එක අසාධාරනයි නේද? එහෙනම් ලංකාවෙන් මුදල් ආධාර ගත්ත මෙහෙ අප්‍රිකානු පාලකයෝ කම්බා හොරු (නි)
මේ ලිපියට අපේ අය දාලා තියෙන ඇතැම් අදහස් දැක්කම තේරුම් ගන්න පුළුවන් එයාලා රට ගැන හිතන විදිහත්. සමහරුන්ට වැදගත් දේවල් පවා පේන්නේ විහිළු විදිහට. ඒ වුණත් කතා කරන්නේ ඇමෙරිකාවේ මිනිස්සු ගැන. (නි)
අමෙර්කනුවන්ට, තම රටෙත් ලෝකයේත් ජිවත් වීමේ නිදහස ,නැති කරපු අයටත්,ලෝකේ අනිත් රටවලටත් මෙය හොද ආදර්ශමත් පාඩමක් ඇමෙරිකන් ජනතාවට ජයවේවා !!! (ම)
දැක්කද කාලය ගතකරලා ලස්සනට වැදගත් විදියට බාරදීලා යනවා. තුන්සැරයක් ඕනෑ කියලා වලිකන්නේ නැතුව. අර සින්දුව මතක් වෙනවා මට, ඒ රටේ මිනිස්සු පිළිවෙත් රකින මිනිස්සු... මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු... (නි)
ඔබේ ජයග්‍රහණයට අපෙන් සුබ පැතුම්! (නි)
අපේ ඔබාමාත් ජනවාරි 8 ද මෛත්‍රී ව හම්බවෙලා මේ විධියට අතට අත දීල කතා කරන්න ලැබීම ලොකු වාසනාවක් කියල මොන තරම් ආදර්ශයක්ද දුන්නේ. (ආප්ප කාළ පාවා දුන්න කතාව මඩ ගහන්න හදපු එකක්නේ) (අ)
මුහුණේ තිබුන සිරියාව නැති වුණත් මේ හමුවීම කොපමණ වැදගත්ද? (අ)
හිලරි නැන්ද ජනේලේ එල්ලිලා බෙරිහන් දුන්නේ නැද්ද දන්නෙනෑ. උන්දල්ගේ ගෙදර ජනෙල නැතිව ඇති මගේ හිතේ. (අ)
ඒකට කොහොමද ලංකාවේ? හිටපු ජනාධිපතිතුමා ගිය ගමන් අරලිය ගහ මන්ධිරේ වැසිකිලියත් මාධ්‍ය මගින් පෙන්නුවා, හිටපු ජනාධිපතිගේ රත්තරන් අශ්වයෝ, ලම්බෝගිනි ගැන රස කතා රාශියක් කිව්වා, තවම අත ඇරලා නැහැ, එලව එලව ගහනවා, කොහොමද රටවල් දෙකේ වෙනස? (අ)
මූණේ තිබුන සිරියාව කෝ? (අ)
ඒකටත් එක්ක අපේ අය. අවුරුදු 2ක් ගිහිල්ලත් තාම ආණ්ඩු පෙරලන්න බලන් ඉන්නේ (අ)