පැවැත්ම උදෙසා තවත් අයකු ගොදුරුකැර ගන්නා සත්ත්ව ලෝකය බියකරු අනුකම්පා විරහිත ස්ථානයකි. නිරිතදිග එංගලන්තයේ ඩොයට් හි අබෝට්ස්බරි කලපුවේ ගොදුරු හොයා කිමිදුණු දියකාවකු සමඟ ආඳකු සිය ජීවිතය වෙනුවෙන් කරන අවසන් අරගලය රිචඩ් ඔස්ටින්ගේ කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.
දිය යට දී ගොදුර ඩැහැගන්නට උත්සාහ ගන්නා දිය කාවා ඉහළට මතුවන්නේ තමන් අල්ලාගත් ආඳා හොටෙන් ඩැහැගෙනය. නමුත් ආඳා දියකාවාගේ හොටයේ හිරවී සිටිමින් කරන දැඟලීම නිසා දියාකාවාගෙන් ආඳා ගැලවී යයි. එසේ වුව ද දියකාවා ආඳාට ඉඩක් දෙන්නේ නැත. තම හොටයෙන් ආඳා යළි ඉහළ අවකාශයට විසිකැර දමයි. ජලයෙන් ඉහළට විසිවී යන ආඳා තම හැඩය වෙනස් කරමින් වෙනත් තැනක් ඉලක්කකැර ගනිමින් යළි ජලයට ම වැටෙන්නට උත්සාහ ගත්ත ද දියකාව තම ගොදුර අතහරින්නේ නැත. දඟර ගැසුණු ආදා යළි සුරැකිව අල්ලා ගනී. නමුත් දිගින් දිගට ම ගැලවීමේ උත්සාහයක යෙදෙන ආඳා නැවතත් දියකාවාගේ හොටයෙන් ගැලවී යන්නට සමත් වුව ද නැවතත් දියකාවාගේ ශක්තිමත් හොටයට හිරවන්නේ ගැලවීමක් නොමැති අයුරිනි.
ඔස්ටින් පවසන්නේ විනාඩි පහක පමණ සටනකින් පසු පරාජය වූ ආඳා දියකාවාගේ සවස ආහාරය වූ බවයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයත්,පහන් බණ නම් කතා කරනවා .....කෙරුවාව ! (අ)
නියමයි. (ර)
කතාවට කියන්නේ ආඳා වගේ ලිස්සලා යනවා කියලා! ආඳා ලිස්සන නිසයි දියකාවාට ප්‍රශ්නයක් වුණේ. මාලුවෙක් වුණා නම් ඉතා සුළු ගේමක් දියකාවාට! දක්ෂ රූගත කිරීමක් ! (නි)
කොටියා මිනිහෙක් කන්න ඇවිල්ලා හිටියොත් අනිල් එනවද බේරගන්න? තම තමාගේ ජීවිතය බේරගන්න එක තමයි හැමෝම පළමුව කරන්නේ. (නි)
දක්ෂ කැමරා ශිල්පියෙක්. (නි)
මේවට මොන පැත්තට කතා කලත් වැරදියි .මොකද දියකාවා පලතුරු කනවද. (අ)
දියකාවාගෙන් ආඳා බේරාගැනීම නොකළයුත්තක්.ඒක සොබාදහමින් දියකාවට දී තිබෙන ආහාරය (නි)
පහන්, මැරෙන්න යන සතෙක් බේරාගැනීම ස්වභාව ධර්මයට ඇඟිලි ගැසීමක් විදියට මම නම් දකින්නේ නැහැ (නි)
මම මේ වගේම සිදුවීමක් රූපගත කරලා තියනවා. අවස්ථාවක් ලැබෙනවා නම් ඒක ලංකාදීපයට දෙන්න කැමතියි (නි)
ලස්සන දර්ශන පෙළක් වීඩියෝ දසුන් තිබුනා නම් කොච්චර අගෙයිද (නදී)
එකත් ඇත්ත (අ)
කොටියෙක් මිනිහෙක්ව ගොදුරක් කරගත්තනම් එකත් ස්වභාව ධර්මයද (අ)
ජයත් ස්වභාවික නීතිය වෙනස් කරන්න හෝ වෙනස් කිරීමට උත්සහ කලොත් අපත් කරන්නේ වැරද්දක් නේද? (අ)
මේකා ආඳෙක්ද? තෙලියෙක්ද? (නි)
ජගත් ස්වභාවධර්මයට ඇඟිලි ගහන්ඩ හොඳ නෑ..(අ)
පින්තුර අරගෙන බලාගෙන හිටියේ මෙයාට මේ සතාව බේරගන්න තිබුන නේ ! ඕක සංස්කෘති වෙනස ! (අ)
ආඳා ගැන නම් දුකයි ! දුර්ලභ ගණයේ දක්ෂ රූ ගත කිරීමක්.ඉතාමත් ශ්‍රේෂ්ටයි (අ)