වැසිකිළි යාමෙන් පසු ගත පිරිසිදු කර ගැනීමට තබා ඇති කඩදාසි රෝල අසළම තම තමන්ගේ ජංගම දුරකථනයන් පිරිසිදු කරගැනීම සදහා වෙනම කඩදාසි රෝලක් ස්ථාපනය කිරීමට ජපානයේ ටෝකියෝ නුවර නරිටා ජාත්‍යන්තර ගුවන්තොටුපල බලධරයින් කටයුතු කර ඇත.
මෙම විශේෂ කඩදාසි රෝල ජපානයේ ජංගම දුරකථන ක්ෂේත්රයේ දැවැන්තයෙක් වන එන්ටීටී ඩොකොමෝ සමාගමේ අනුග්‍රහයෙන් හදුන්වාදී තිබෙන්නකි.එහි අරමුණ වන්නේ ජංගම දුරකථනයන්ද විටින් විට පිරිසිදු කළ යුතු බව යන පණිවුඩය ජනතාව අතරට ගෙන යෑමයි.
කඩදාසිය කෙසේ භාවිතා කළ යුතුදැයි උපදෙස්ද එහි සටහන් කර ඇත.
වැසිකිළි නවීකරණය කිරීම සම්බන්ධයෙන් ජපානයට අන්තර්ජාතික වශයෙන්ම හිමිව තිබෙන්නේ ඉහළ තැනකි.ලොව පිරිසිදුම හා තාක්ෂණයෙන් උසස්ම වැසිකිළි ඇත්තේ ජපානයේ බව ලොව පුරාම පිළිගැනෙන්නකි.
මෙම නවතම නවීකරණය සම්බන්ධයෙන් සමාජ ජාල පරිශීලකයින් ඇතැමෙක් හාස්‍ය මුසුවද, ඇතැමෙක් මෙය ඇත්තෙන්ම ප්‍රයෝජනවත් යැයිද, අයුරින් අදහස් දක්වා තිබෙනුද දැකගත හැකිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් තොටුපොළ බද්ද එහෙම කොහොමද? අපේ ගුවන් තොටුපළේ වැසිකිළි ගැන පුළුල් ප්‍රචාරයක් සංචාරකයෝ දෙනවා ඇති නියමෙට. (නි)
මේ රටේ මිනිස්සු වැසිකිළි ගිහිල්ලා ඉවරවෙලා සොදාගන්නෙත් ජංගම දුරකථනයෙන් වගේ. (නි)
තව කොච්චර කලකට මෙම පිරිසිදු තත්වය ජපානයේ තිබේද? (නි)
මෙහෙ මෙම කඩදාසි රෝල තිබ්බොත් පුද්ගලික බස් කොන්දොස්තරවරු රැගෙන යනවා (නි)
රන්ජන් රාමනායක වගේ නායකයෙක් හිටියොත් කියයි මට මේවට වියදම් කරන්න සල්ලි එපා කියලා. මේවගේ දෙයකින් මුළු සමාජයටම යහපතක් වෙනවා කියලා හිතන්න ලංකාවට 21වෙනි සියවසේ අග වෙනකම්වත් බැරිවෙයි. (නි)
ජපානෙට තියෙන මොළයක්! (නි)
ඇත්ත, විශේෂයෙන්ම කාර්යාලීය හා පොදු ස්ථාන වල වැසිකිළි ගියාම ෆෝන් එක විශබීජ වලින් තොරකර ගැනීම ඉතාම හොඳ දෙයක්. මේ වගේම මුදල් ටේලර් යන්ත්‍ර පිරිසිදු කිරීමත් වැදගත් (නි)
වැසිකිලි ගොස් අතෙන්ම සෝදා ගන්නා අපේ මිනිසුන්ගේ අත්වල තරම් විෂබීජ තොගයක් ලෝකේ කිසිම කෙනෙකුගේ අත්වල නැතුව ඇති. (බ)
අපරාදේ කඩදාසි රෝල......වතුර බාල්දියකුයි සබන් කැටෙකුයි තිබ්බා නම් වැඩේ අහවරයි.....(හේ)
ඊළඟ පාර ලංකාවට එද්දී වැසිකිළියට ගිහිල්ලම බලන්න ඕනෑ වැඩේ ඇත්තද කියලා (නි)
නරකම නැහැ. හැබැයි අපේ රටට ගැළපෙන්නෙ නැහැ. ඕකත් උස්සගෙන ගිහින් කීයකට හරි විකුණයි. (නි)
ලංකාවේ පොදු වැසිකිළි දැක්කම ලැජ්ජාවේ පන යනවා. ලංකාව කවදා හැදෙයිද? (නි)
පිටිගල මිලානෝ, මෝඩ කතා නොකියා ඉන්නවද? (නි)
පිටිගල මිලානෝ, ඔබ වැසිකිලි යාමෙන් පසු සබන් ගා අත සොදන්නේ නැද්ද ? (බ)
වැසිකිළියටත් තිබෙන වටිනාකම...? (නි)