ජපානයේ ගුවන් සමාගමක් කාන්තා ගුවන් සේවිකාවන් සඳහා නව නිල ඇඳුමක් හඳුන්වා දෙයි.
එය අහසේ නිල් පැහැති ඇඟට හිර මිනි ගවොමකි. ගනුදෙනුකරුවන් ආකර්ශනය කර ගැනීමේ උපායක් ලෙස මෙසේ ගුවන් සේවිකාවන්ගේ ඇඳුම වෙනස් කළහ. ගුවන් සේවිකාවන් සඳහා එය කෙසේවත් සුදුසු ඇඳුමක් නොවන බව පවසමින් ජපානයේ ගුවන් සේවකයන්ගේ පෙඩරලය විරෝධය පළ කරයි.
‘කාර්යබහුල රාජකාරියක නිරත වන ගුවන් සේවිකාවන්ට නිතර තම ඇඳුම් ගැන සැලකිලිමත් විය නොහැකියි. ඉස්සෙන විට හො පහත් වන විට සේරම නිරාවරණය වන පරිදි මේ ඇඳුම මසා ඇත.
මීට වඩා දිගට ඇඳුම් ඇන්ඳත් කාන්තාවන්ට වන හිරිහැර නවතා ගැනීමට නොහැකි තැන මෙවන් කොට ගවොමකින් සැරසී සිටීමෙන් ඔවුන්ට වන හිරිහැර, අතවර කිසිසේත් වළකා ගත නොහැකි බව ගුවන් සේවිකාවෝ කියතකි.
එසේම කාන්තාවන් නිෂ්පාදිත භාණ්ඩයක් ලෙස සලකා ඔවුන් ගනුදෙනුකරුවන් ආකර්ෂණ කර ගැනීමට භාවිතා කිරීම අප කෙසේවත් අනුමත නොකරන බවත්, සෑම විටම ආරක්ෂාව ගැන ප්‍රථමයෙන් සිතිය යුතු බවත් මෙය ප්‍රතික්ෂේප කරමින් ඔවුන් පැවසූහ. එම නිසා ගුවන් ආයතනයේ සදාචාරයට විරුද්ධව ඔවුන්ට පැමිණිලි කළ හැකි බවත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර එයාර් ලංකා ගුවන් සේවිකාවෝ ලස්සනයි. දැන් ඔය ගවුම ඇන්දුවොත් ගුවන් මගීන් කැඩෙනවා.(නදී)
සදාචාරය ගැනත් ටිකක් හිතුවනම්හොදයි නේද (දිල්)
මේව්වා දැක්කම ඉතින් කියන්න වචන නෑ මනුස්සයෙක්ට ඇදුමක් තියෙන්නේ විලි වහගන්න ඒනම් ඉතින් සදාචාර සම්පන්න නොවි ගල් යුගේ වගේ නිරුවතින් හිටියනම් හරි වැහෙන්න ඔනි කොටස් වැහෙන්න ඕනිමයි.(නදී)
මට නම් හිතෙන්නෙ ගුවන් සේවිකාව කියන්නේ අපිට ගුවන් ගමනකදි ගුවන් යානය තුල සේවය සලසන පිරිසක් නැතුව මගීන් වැඩි කරගන්න නිරූපන භාන්ඩයක් නොවේ. එම නිසා ඔවුන්ගේ පහසුව පිනිස ඔනැම ඇඳුමක් ඇන්දට ගැටලුවක් නැහැ.(නදී)
අපේ ගුවන් සේවිකාවන්ගේ ඇදුම ආදර්ශයට ගන්නකො (දී)
අපේ ශ්‍රී ලංකන් එකෙයි මිහින් ලංකා එකෙයි නංගිලට ඔය ඇදුම අදින්න කිව්වා නම් නියමයිනේ.(නදී)
අනේ මාවත් ඕකේ ගෙනියන්න කෝ.(නදී)
ධම්ම , අපිට පිටින් ගුවන් සේවිකාවන් ආනයනය කිරීමට අවශ්‍ය නැහැ. බලන්න අද කොළඹ ආසන්නයේ ගැහැණු ළමයින් අඳින ඇඳුම්. කොට කියන්නේ නිරුවත වත් වැහෙන්නේ නැති ප්‍රමාණයට ඔවුන් අඳින්නේ.(නදී)
ධම්ම-- කතාත් අහල තියනවා ඒත් අහපු හොදම කතාව(අපේ ගැහැණු ළමයි ඔය කෝලං වලට කැමතිවෙන එකක් නැහැ.)(නදී)
ලංකාතිලකගේ අදහස නම් හොඳයි හැබැයි එහෙම උනොත් අපට ගුවන් සේවිකාවන් ආනයනය කරන්න වෙනවා. අපේ ගැහැණු ළමයි ඔය කෝලං වලට කැමතිවෙන එකක් නැහැ. (අ)
ඉන්දියානු ගුවන් සේවයක් ද මෙම කොට ගවුම සහ කොටම කලිසම් අන්දවා ඉන්දියානු ලස්සන කෙල්ලන් යොදවා එම ගුවන් සේවයෙන් ඉතා ඉහලම අදායමක් ලබනවා . ඔය සංස්කෘතිය කතා කරන බොහොමයක් යන්නේ එවැනි ගුවන් සේවාවලින් . කවුරුත් වයාපාරයක් කරන්නේ ලාබ ලැබිමට මිස පාඩු ලැබිමට නොවේ . අපේ පාඩු පිට දුවන ශ්‍රී ලංකන් ගුවන් සේවයත් මිහින් ලංකා සේවයත් එහි ගුවන් සේවිකාවන් කොට ගවුමක් හෝ කොට කලිසම් අන්දවා සේවයේ යෙදුවොත් ඉක්මනින් ලාබ ලබන සේවයක් වන්නට පුළුවන්.(නදී)
කොට ගවුම තියා දීග ගවුමක් ඇඳන් හිටියත් දැන් නම් ගුවන් යානයකට ගොඩ වෙන්නත් බයක් දැනෙනවා . අර අතුරුදහන් වුන ගුවන් යානය ගැන තවම තොරතුරක් නැහැ නේද?. (ත)
මගේ අම්මෝ නිර්මලයි , සමන්තියි දන්නා දේවල්. මට නම් නිකන් පිස්සු වගේ අනේ...(දී)
නිර්මලා ඒ විතරක් නෙවෙයි. ඒ විදියට දියකර හැරපු සංස්කෘතික සමාජ ආචාර ධර්ම වල විකෘති සහගතව ඉතිරි වෙන රොඩ්ඩත් අද ට්‍රිලියන ගානෙ විකිණෙනවා. අන්න ඒවා තමයි අපේ ඇත්තො සමාජ ආචාර ධර්ම කියලා රැකගන්න කෑ ගහන්නේ. (නදී)
ධනේෂ්වර ආර්ථිකයේ ලක්ෂණ. මුදල් සෙවීමට ඕනෑම සංස්කෘතියක් හෝ සමාජ ආචාර ධර්ම දියකර හරී.(නදී)
ඇයි ජපානේ අනන්‍යතාවය පෙන්වන 'කිමෝනාව' හොඳ මදිද? එහෙම නැත්නම් ගුවන් සේවිකවන්ට ඒ ඇඳුමත් කරදරයද?(දිල්)
අකමැතිනම් ඔය යස අගේට පනාව දමාගෙන ඉන්නේ?(දී)
අපේ රටේ කට්ටිය කැමැත්තෙන් ම තමන්ගේ ඇදුම් කොටට ඇදගෙන නිරුවත පෙන්නද්දී මේ කට්ටිය ලෝකෙට ම ආදර්ශයක් (දී)
ගුවන් සේවිකා රාජකාරිය එතරම් සුකුමාල එකක් නොවේ. යානය ගමන් ඇරඹුවෙලේ ඔවුන්ගේ මුහුණුවල තිබුණු සුන්දර බව ගමනාන්තය වනවිට නැහැ. ඔවුන් හොඳහැටි විඩාවට පත් වෙලා. ඒ අස්සේ ඔවුන් 'මාර්කට්' කරන්න හදන එක අසාධාරණයි. (දී)
මට නම් අපේ රටේ ගුවන් සේවිකාවන්ගේ ඇදුම තරම් ලස්සන ඇදුමක් වෙන රටවල්වල ගුවන් සේවිකාවන්ගෙන් දකින්න නැහැ,(දිල්)
ශ්‍රී ලංකන් නංගිලා තම ගොඩේ. (අ)
ගුවන් සේවිකාවන්ව අගය කරනවා. අද කාලේ කාන්තාවෝ වෙළද භාණ්ඩ බවට පත් කරන වෙළද දැන්වීම් පල කරන ආයතන වලටත් විරුද්ද විය යුතුය. (ත)