හදවත් සැත්කමක් සිදුකරමින් සිටිනාතුර විදුලිය විසන්ධිවීම නිසා තම තමන්ගේ ජංගම දුරකථන ආලෝකයෙන් පිහිටෙන් සැත්කම සාර්ථකව සම්පූර්ණ කිරීමට කිර්ගිස්තාන ශල්‍ය වෛද්‍යවරු කණ්ඩායමකට සිදුවිය.
ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා තැන සැත්කම සිදුකරද්දී අනෙක් වෛද්‍යවරු ඊට තමන්ගේ ජංගම දුරකථන වලින් ආලෝකය ලබා දුන්හ.
මේ පුවත කණවැකුණු ප්‍රදේශවාසීහු එකතුව රෝහලට විදුලි ජනක යන්ත්‍රයක් මිලට ගෙන දීමට මුදල් එක්රැස් කරති.
විදුලි බලය ඉතිරි කරගැනීමට යැයි කියා කිර්ගිස්තාන රජය විටින් විට විදුලිය කප්පාදු කරන අතර එයින් බලවත් පහරක් වැදී ඇත්තේ ඉතා අවම පහසුකම් යටතේ ක්‍රියාත්මක වන එරට වෛද්‍ය සේවයටය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරෝග්‍ය ශාලා වැනි අත්‍යාවශ්‍ය ස්ථාන වලත් විදුලිය විසන්දි කරන මෝඩ රටක් ගැන ඇහැව්වාමයි. ජෙනරේටරයක් හෝ සපයා නොමැති ,සෞඛ්‍ය ඇමතිතුමා නම් මරේ මරු ! (නදී)
මේ දේ සැත්කමේ අන්තිමම හරියේදී වෙන්න ඇත්තේ මට හිතෙන්නේ "ක්ලොශුවර් " කියන වසා දැමීමේ අවස්ථාව වෙන්න පුළුවන් .මොකද නැත්නම් "හෘද පෙනහළු "යන්ත්‍රය "චූෂකර යන්ත්‍ර එහෙම වැඩ කරන්න විදුලිය ඕනෑමයි .ඒවා නැතුව හරිද සැත්කමක් (විවෘත) කරන්න බැහැ.(හේ)
ජයත්,ඔබ කියන ඔය යන්ත්‍ර නැතුව සැත්කම් කරන්න පුළුවන්.මීටපස්සේ ලියන්න කලින් ටිකක් හිතන්න ඉගෙනගන්න. (නි)