ලොව අංක එකේ කුඩු රජකු වන මෙක්සිකෝ ජාතික ජොඅක්වින් ගුස්මන් හෙවත් ‘‘එල් චැපෝ‘‘ අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ඇමරිකා ආරක්ෂක අංශ කියති.
එල් චැපෝ මෙක්සිකෝවේ කි‍්‍රයාත්මක ප්‍රධානතම මත්කුඩු ජාවාරම් කල්ලිය වන ‘‘සිනලෝආ‘‘ හි නායකයා වන බව සදහන් වෙයි.සිනලෝආ කල්ලිය මේ දක්වා සිදුකර ඇති අපරාධ ප්‍රමාණය නොගිනිය හැකි තරම් යැයි ආරක්ෂක අංශ බළධාරීහු පවසති.
එල් චැපෝ 2001 වසරේදී අත්අඩංගුවට ගැනීමට මෙක්සිකෝ ආරක්ෂක අංශ සමත්වූවත් ඔවුන්ගේ ඇසට වැලි ගසා පැන ගැනීමට හේ සමත් විය.එදවස පටන් ඔහු විවිධ ආරූඪ නම් භාවිතා කරමින් නොයෙක් රටවල ජීවත්ව ඇතැයි පැවසේ.
මෙවර ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මෙක්සිකෝවේ මෙහෙයුම්හි නිරත වන ඇමරිකා ආරක්ෂක අංශ බලධරයින්ට ලැබුණු ඔත්තුවකිනි.ඒ අනුව මෙක්සිකෝවේ හෝටලයක නැවතී සිටි එල් චැපෝව අත්අඩංගුවට ගෙන ඇත.
එල් චැපෝ සතුවන සම්පත් වල වටිනාකම ඩොලර් සිය කෝටිය ඉක්මවන බව සදහන්ය.ඔහු සතු මුදල් බලය නිසාම ෆොර්බ්ස් සගරාව වරක් එල් චැපෝ ප්‍රංශ හා වෙනිසියුලා ජනපතිවරුන්ටත් වඩා බලවත් පුද්ගලයෙක් ලෙස හදුන්වාදුන්නේය.
ජොඅක්වින් ගුස්මන් මෙක්සිකෝවේ ‘‘ඔසාමා බිල් ලාඩින්‘‘ ලෙසද හැදින්වුනි.ඒ ඔහුගේ ක්‍රෑර කමත් ඒ හා බැදුණු ඔහු සතුවන බලයත් නිසාමය.
සිනලෝආ කල්ලියේ ආධාරකරුවන් මුළු ලොව පුරාම විසිර සිටින්නේයැයි බලධාරීහු කියති.මෙනිසාවෙන්ම ඔවුනට ලොව පුරා විහිදුනු ජාවාරම් මාර්ගයන් ඇති බවත් එවා මාර්ගයෙන් ලොව පුරා මත්ද්‍රව්‍ය බෙදාහරින බවත් ඔවුහු පවසති.
පසුගිය වසරේ මෙක්සිකෝ ආරක්ෂක අංශ මෙතෙක් වාර්තා වූ විශාලතම කංසා තොගය සොයාගත් අතර එය ටොන් 134 ක බරින් යුතු විය.එය සිනලෝආ කල්ලිය සතුවූවකි.
සිනලෝආ කල්ලිය තරම් සංවිධානාත්මක,දියුණු තාක්ෂණික ක්‍රම භාවිතා කරන මත්කුඩු ජාවාරම්කරුවන් ලොව නොමැත යැයි බළධාරීහු පවසති.මෙනිසා එහි නායක එල් චැපෝ අත්අඩංගුවට ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් ලෙස ඔවුහු දකිති.
නමුත් සිනලෝආ කල්ලිය ප්‍රකාශයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ එල් චැපෝගෙන් හිස්වූ නායක පුටුවට මේ වන විටත් තවත් කෙනකු පත් කර තිබෙන බවයි.තම නායකයින්ට ආරක්ෂක අංශ වලින් එල්ල වන තර්ජනයන් නිසා තමන් සෑම විටම සිටිනුයේ සූදානම් ශරීරයෙන් බවත් නායකයෙකුට විපතක් සිදුවුවහොත් ඔහුගේ තැන ගැනීමට තවත් කෙනෙක් මුල සිටම සූදානම් කර තිබෙන බවත් එම ප්‍රකාශයේ සදහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ හිටියනම් දේශපාලනය කරන්න තිබුන .(අ)
එකට ලංකාවේ ...(දී)
මොඩය! ලංකාවට පැන්නනම් පත්කළ මන්ත්‍රී කෙනෙක් විදියට පාර්ලිමේන්තුවටත් ගිහින් කැබිනට් ඇමතිකමකුත් ගන්න තිබ්බ.(අ)
රවින් හැම වෙලාවේම අශුබ වාදීව හිතන්න එපා....ජීවිතේම කාලකන්නි වෙනවා. (අ)
කවදද ලංකාවේ කුඩු රජාව අල්ලන්නේ .(නදී)
කල කර්මය පල දෙනවා......................... රජ මාවත බැස යනවා.(නදී)
ලංකාවේ කුඩු මුදලාලි කෙනෙක්ව මෙහෙම ඇල්ලුවොත් සොරිම තමා.. අහවල් කෙනා එවලේම ගෙදරට ගිහින් මුළු පොලිසියම ගෙදර.(නදී).
ලොව අංක එකේ කුඩු රජා එතකොට අර ගොල්ලන් ???. (අ)
මොහු අත්අඩංගුවට පත් වීම, පහු ගිය දවස් වල බොහෝ විදේශීය රුපවාහිනි නාලිකා වල ප්‍රධාන ප්‍රවෘත්තිය වුණා (අ)
මට මතක් වෙන්නේ අපේ ලංකාවේ මේ වගේ අයකොච්චර ඉන්නවද නේද ? අර ගෙනාපු කුඩු කිලෝ 250 මොකද උනේ ? (අ)
කල කල දේ පල පල දේ. (අ)
අනේ මේවගේ ලංකාවෙත් මහ කුඩු එවුන් ටික අල්ලගත්තනම්!!! (අ)
මෙයා ලංකාවේ හිටියනම් මෙයාගේ සේසත අපේ දේශපාලුවෝ ටික බෙදා ගෙන මෙයාට ඉහලම තනතුරක් දෙනවා. ඊට පස්සේ මෙයාව අල්ලපු පොලිස් නිලදාරින්ට සැලියුට් ගහන්න වෙනවා.(නදී)
ලංකාවේ මෙහෙම දෙයක් කළා නම් ලොකුම පුටුවක් දීලා.(නදී)
අනේ ඔය වගේ ලංකාවෙත් උනානම් ..ලොක්කෝ තුන්කාලක් අද ඇතුලේ.(නදී)
ලංකාවෙත් මෙහෙම උනානම් හොඳයි. ලංකාවේ වෙන්නේ පොඩි උන් හිරේ දානවා ලොකු උන් කුඩු බෙදනවා.(නදී)
හොඳ වෙලාවට ලංකාවෙ කුඩු බිස්නස් ඇත්තෙම නෑ.(නදී)
මේකත් ජතාත්‍යන්තර ප්‍රශ්නයක් නිසා ජිනීවා සමුළුවට යොමු කරන එක ඇමෙරිකාවේ යුතුකමක් !!(නදී)
රජකම් කළත් කළකම් පළ දෙනවාය.(නදී)
ලංකාවෙන් මේවා තුරන් කරන්නේ කවදාද ?(දිල්)
මෙක්සිකෝවේ එහෙම උනත්, ලංකාවේ එහෙම වෙන්නේ නෑ, මේ වගේ වැඩ ලංකාවේ වෙන්නෙම නෑ (දිල්)
රජකම් කළත් කළකම් පළ දෙනවාය! කියන්නේ මේවට තමයි.(දිල්)