චීනයේ සියෑන් නගරයේ නේවාසික ගොඩනැගිල්ලක විදුලි සෝපානයක් ක්‍රියා විරහිත කර මාසයකට පසු යළි විවෘත කරද්දී එහි මියගිය කාන්තාවක සිටි බව චීන මාධ්‍ය වාර්තා කරයි. විදුලි සෝපානය ක්‍රියාවිරහිත කරන අවස්ථාවේ ඇය එහි සිර වන්නට ඇතැයි ද යළි මාසයකට පසු ක්‍රියාත්මක කරනතුරු කිසිවකුගෙන් උදව් ලබාගත නොහැකිව හාමතේ මිය යන්නට ඇතැයි ද මාධ්‍ය වාර්තා කරයි.
මියගිය කාන්තාව 43 හැවිරිදිය. ඇය එම නිවාස සංකීර්ණයේ නිවසක තනියම ජීවත් වූ බවත් ඇය මෙලෙස විදුලි සෝපානයේ හිර වූ බව හෝ අතුරුදන් වූ බව කිසිවකු විසින් නොදැන සිටින්නට ඇති බවත් නිවාස සංකීර්ණයේ බලධාරීන් පවසයි. පසුගිය ජනවාරි 30 වැනි දා මේ සෝපානය අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ක්‍රියාවිරහිත කළ විදුලි සෝපානය යළි ක්‍රියාත්මක කර ඇත්තේ මාරතු 01 දාය. පසුගිය කාලයේ පැවති අලුත් අවුරුදු නිවාඩු හේතුවෙන් විදුලි සෝපානය අලුත්වැඩියා කටයුතු ප්‍රමාද වූ බව ද බලධාරීන් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනය ලෝකයේ මිනිස් ජීවිතයකට අවම තක්සේරුවක් තියෙන රටක් කියලා මුළු ලෝකයම දන්නවා (නි)
මිය ගිය කාන්තාව මිය යන තෙක් මුහුණ දුන් ඒ අත්දැකීම ගැන සිතද්දී දුකයි. (ර)
විදුලි සොපනවල ප්‍රධාන විදුලිය අක්‍රීය වුවද එය ඇතුලට යමෙක් සිටීනම් ඔහුට සෝපානය තුල සිට යම් අනතුරු හැගවීමක් කළහැකි ආකාරයට උපකරණයක් නිර්මාණය කර සවිකළ යුතුය හදිසි විදුලිය බිද වැටීම් ගිනිගැනීම් වැනි අවස්ථාවලදී විදුලි සෝපාන ක්‍රියාත්මක වෙමින් තිබු ස්ථාන වල නැවතීම මගීන් එය තුල මගීන් සිරවීම සිදුවන නිසා විදුලිය නොමැතිව යම් වායුවක් ගබඩා කල කුඩා සිලින්ඩරයක් මගින් ක්‍රියා කළහැකි නලාවක් පිටතට එය ඇසෙන සේ සෝපානයෙන් දොරේ සවිකර මෙය සෝපානය තුල සිට යම් බොත්තමක් මගින් ක්‍රියා කරවීමට සැලැස්විය යුතුය (හේ)
ශාන් මේක ගල් යුගයේ සෝපානයක්. අලුත් සෝපානවල ආරක්ෂිත උපකරණ තියනවා.(හේ)
කොහොමත් මේ සෝපානය තිබෙන්නේ චිනෙනේ , අපේ ලංකාවේ තිබෙන සෝපාන වලින් 95% විතර අනතුරු ඇඟවීමේ බොත්තම් තිබෙනවා , චීන බඩු ඔහොම තමා. (ර)
විදුලි සොපනයක මාසයක් ගතවෙන අලුත් වැඩියාවක් ගැන හිතාගන්න අමාරුයි. (ර)
සිල්වා හැබැයි ලංකාවේ තියෙන සෝපාන වලින් 95% ක්ම චීන බඩු. (අ)