චීන ජනපති ෂී ජින් පින්ට ඉල්ලා අස්වන්නැයි සඳහන් කරමින් ලියූ ලිපියක් එරට රජයට සම්බන්ධ වෙබ් අඩවියක පළ කර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
චීන රජය ජනතාවගේ අදහස් පළ කිරීමේ අයිතියට සීමා පනවා ඇති බවත් එහි සඳහන් කර ඇති අතර මාධ්‍යවේදී ජියා ජියා අත්අඩංගුවට ගැනීමද එහි විවේචනාත්මකව දක්වා ඇත.
මේ ලිපිය එම වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට චීන රජය පියවර ගෙන ඇත. මෙම ලිපිය පළ කිරීම සම්බන්ධයෙන් මේ වන විට 20 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි චීන වාර්තා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය චීනයේ මාධ්‍ය නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඉල්ලන අය පිටුපස ඉන්නේ බටහිර යුරෝපයේ සහ අැමරිකාවේ කොටසක් , ඔවුන් ලවා රට අස්ථාවර කරමින් ඔවුන්ගේ නැතිවු ආර්ථික බලයත් යුධ බලයත් නැවත ඇතිකර චීනය ලබාගත් දියුණුව නැති කර දැමීමටත්ය .දශක කිහිපයකින් මෙවෙනි දියුණුවක් චීනය ලැබුවේ රට තුළ තිබුණු නීති පද්ධතියක් නිසා එය විනාශ කිරීම ඔවුන්ගේ අරමුණය (බ)
ආනන්ද දොඩන්ගොඩ, අනේ අම්මෝ! අපිට නම් එපා ඔය චීනයේ තිබෙන ඔයා කියන නිදහස. එහෙ ප්‍රසිද්ධ වැසිකිළි වල පවා ඔත්තු බලන උපකරණ සවිකර තිබෙනවාලු. (නි)
චීන ජනාධිපතිතුමා එරටට විශාල සේවයක් කරපු කෙනෙක්. ලෝකයේ ප්‍රභලම රටක් බවට චීනය පත් කළේ ඔහු. එවැන්නෙක් එලවා දැමීම නොව කතා කිරීමත් මෝඩ වැඩකි. (බ)
ආනන්ද දොඩන්ගොඩ මහතාණෙනි. රටක කුමන හෝ බලයක් පවත්වා ගැනීම සඳහා ජනතාව සදාකාලික වහලුන් විය යුතුද? නිදහස සමඟ ආර්ථික දියුණුව පවත්වා ගෙන යන රටවල් ලොව ඇත්තේ නැද්ද? කන්න බොන්න ලැබුනත් සිරකරුවෙකුගේ ජීවිතය සැපතක්ද? දේශපාලනයට හෝ නීතියට ලොව අයිතියක් ඇත්තේ නිදහස ආරක්ෂා කරදීමට පමණි. (බ)
සමන් සහ වින්සන්ට් ලිඳක ඉන්නා ගෙම්බන් සේ ලියනවා , චීනයට ගොස් බලන්න එරට තිබෙන නිදහස එරට මිනිසුන් ඉන්නා ආකාරය , දශක දෙකකට කලින් තිබු චීනය නොව අද එහි බටහිර රටවලට වඩා දියුණුවත් නිදහසත් තිබෙනවා , මම කිහිපවරක් චීනයේ සංචාරය කර තිබෙන නිසා එය හොඳින් දන්නා කරුණක් , ඔබලා පවසන්නේ නුදුටු එහෙත් සමහර මාද්‍ය මගින් පවසන දේවල් , තමා ඇසින් නුදුටු ගිහින් නොබලපු දේවල් ගෙන ඔහොම ප්‍රතිචාර දමන්න එපා , ඇමරිකාවෙත් තාම වහලුන් ඉන්නවා. (ර)
සනත් ගුණවර්ධන මහතා නිවැරදියි .චීනය ඉතාම දියුණුවට පත්වෙලා .පහසුකම් අතින්ද ඉතාම දියුණුයි ග්රාමීයව ඉතා සීග්‍රයෙන් දියුණුවෙමින් යනවා .නාගරිකව දියුණුව ඇතැම් තැන්වල බටහිර අබිබවා ගිහිල්ලා .මිනිසුන්ට ඔය කියන පීඩනයක් නෑ ඔවුන් ජිවත් වෙන්නේ ඉතාම සැහැල්ලුවෙන් සංගීතයෙන් .බොරුනම් ගිහිල්ල බලන්න .අපිට චීනය ගැන පෙන්වන්නේ බටහිර රුපවාහිනි එකයි අපි චීනය ගැන වැරදියට හිතන්නේ (බ)
එහෙම ඉල්ලන්නේ මොලේ හොඳ නැති අය නේ. එවැනි දෙයක් බටහිර රටකින් හෝ ප්රජාතන්ත්රවාදය තිබෙන රටකින් හෝ අසන්නට ලැබුණා නම් අපට මෙවැනි ප්‍රතිචාර දාන්න ඕන වෙන්නේ නැහැ. එත් මේ ඉල්ලීම ඇවිල්ල තියෙන්නේ කොන්ඩේ බඳින චීන්නුන් ගෙන් නේද ? අප්‍රේල් පළවැනිදා (මෝඩයන්ගේ දිනයේදීවත්) මේ පුවත අහන්න ලැබුණා නම්, ටිකක් හිනා වෙන්න තිබුන ! (ස)
චීනයේ රජයට සම්බන්ධ ප්රකෝටිපතියන් කිහිප දෙනෙක් සුර සැප විදිනවා , ජනතාවගෙන් බහුතරයක් එදා වේල ගැටගහගන්නේ බොහොම අමාරුවෙන් , සංචාරකයන් දකින චීනය සුරපුරකි , නමුත් සත්‍යය ඊට වෙනස්ය (බ)
සිල්වා බර්ලින්, ඔය කියන බටහිර රටවලත් , ඇමරිකාවෙත් කෝටිපතියන් කිහිප දෙනෙකු විඳින සුර සැප අනික් අයට නැහැ , ඔවුනුත් එදා වෙලා පිරිමහන්නේ බොහෝ අමාරුවෙන් , විරැකියාව සහ ආර්ථික උද්දමනය නිසා , මම ඉන්නෙත් එවෙනි රටක , දශක 3 කට කලින් යුරෝපය නෙමේ අද යුරෝපය. (ර)
සේරම් ප්‍රංශේ තත්වය මම නොදනිමි නමුත් ජර්මනියේ භාෂාව හොදින් හසුරවන්න පුලුවන්නම් යම්කිසි වෘත්තියක් ඉගෙනගෙන තිබෙනවා නම් බඩගින්නේ ඉන්න ඕනේ නැහැ , චිනේ වගේ නොවේ මෙහෙ මානව හිමිකම් අපට තිබෙනවා , මෙහෙ ගොඩක් සේවකයෝ වැඩ කරන්නේ දවසට පැය 8 කි , චිනේ පැය 10 -12 වැඩකිරීම සාමන්‍ය දෙයකි (බ)
චීනය දියුණු නිදහස් රටක් නම්, ලක්ෂ ගණනක් චීන ජනතාව දුප්පත් යුරෝපයේ අන්ත දුගී ජිවිත ගත කරන්නේ කුමකටද යන්න තේරුම් ගත නොහැකිය. බෝට්ටු වලින් පවා නීති විරෝධිව දුප්පත් යුරෝපයට පැමිණෙන්නේ සුවර්ගය අතහැරද? (ම)
ඔය ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ නැතුව චීනයට ගිහින් බලන්න, හොඳට මිනිස්සු ඉන්නවා. උතුරු කොරියාව ඒ වගේ. (නි)