ඇමෙරිකාවට එකට එක කිරීමට කවදත් සැරසී සිටින චීනය මෙවර අලූත්ම සබ්මැරීන බලඇණියක් තම ආරක්ෂක සේනාවන්ට එක්කර ගැනීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.
චීන මාධ්‍ය වාර්තා කරන අන්දමට මෙම අලූත්ම බලඇණියත් සමග චීනයට ඇමරිකාව ‘බිමට සමතලා කර දැමීමට‘ හැකියාව ඇත. මෙවන් තාක්ෂණයකින් යුත් සබ්මැරීන බලකායක් ආරක්ෂක සේනාංක වලට එක්වූයේ ප්‍රථම වතාවට යැයිද දැන් චීනය සියලූ ආකාරයේ තාක්ෂණ හා ආරක්ෂක මෙවලම් වලින් පරිපූර්ණ යැයිද එම වාර්තා වල සදහන් වේ.
වාර්තා වන අන්දමට ලොව දෙවන විශාලතම සබ්මැරීම බලඇණිය දැන් තිඛෙන්නේ චීනයට වන අතර එය ගණනින් 70 කි. එයින් 10 ක් සම්පූර්ණයෙන්ම න්‍යෂ්ඨික බලයෙන් ජවගැන්වේ.
එම සබ්මැරීන වල ඇති මිසයිල ඉතා ඈත ඉලක්ක කරා වුවත් නිවැරදිව යොමු කිරීමට හැකියාව ඇතැයි පැවසේ.
යුදමය වශයෙන් මෙවන් තාක්ෂණික දියුණුවක් අත්කර ගැනීමට වසර 42 කට අධික කාලයක් ගත කර ඇතැයි පැවසෙන චීනය අවසානයේ මහන්සියේ ඵල නෙළාගෙන ඇති සෙයක් පෙනේ.
ලෝක පොලිස්කාරයා වන ඇමරිකාව ආසියාවේ බලවතා වන චීනයේ කියුම් කෙරුම් වලට ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි ලොවම බලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනය ගැන කතා කිරීමේදී මුලින්ම චීනයේ අනාගත දර්ශනය ගැන හැදෑරිය යුතුයි. එන්ගලන්තය ඇමරිකාව ප්රමුඛ රටවලට ඇති රටවල් අල්ලා ගැනීමේ 'යටත් විජිත තබා ගැනීමේ' මානසිකත්වය චීනයට නැත. දෙවන ලෝක යුද්ධයෙන් පසු මෙලොව යුද්ධයක් නොමැතිව ඉදිරියට ආ වැඩිම කාල සීමාව මෙයයි. අනාගත ලෝකයේ නව ප්‍රවණතාවද යුද්ධයකින් තොරව කටයුතු කර ගැනීමයි. එනිසාම චීනයට තවමත් ඇත්තේ රුසියන් හමුදාව යුක්රේනයට දුන්, යුක්රේනය චීනයට විකුනපු 'එයාර් ක්‍රාෆ්ට් කැරියර්' නෞකාව පමණි. ඒ නිසාම නාවික ශක්තිය අතින් චීනය ඇමරිකාවට කිට්ටු වන්නවත් නොහැකිය. එය චීන දර්ශනයට පාඩුවක් සේද ඔවුන් නොසළකයි. (නි)
අනේ! චීනෙට එපා වුණ පරණ සබ්මැරීනයක් අපිටත් දුන්නොත් කොච්චර හොඳද? (නි)
මේකෙ අදහස් දාන ගොඩක් අය ලෝක දේශපාලනය අධ්‍යයනය කර නෙමෙයි අදහස් දක්වන්නෙ. නිකන් තමන්ට හිතෙන ඒවා දානවා (නි)
මේ රටවල් දෙක අතර සංසන්දනය කරන්න ගත්තම අපි චීනයට පක්ෂපාතී වෙනවා මොකද අපිට චීනය උදව් කරනවා කියල පෙනෙන්ට තිබෙන නිසා. මතුපිටින් එය ඇත්තක්. නමුත් චීනය පැත්තෙන් බැලුවාම එය ඔව්න්ගේ බල ව්‍යාප්තිය, ආර්ථික උපක්‍රම පැත්තෙන් වැදගත්වන ගනුදෙනුවක් පමණයි. ලොව ඕනෑම ප්‍රභල රටක් කුඩා රටවල් ආර්ථිකමය දේශපාලනමය වශයෙන් ග්‍රහනයකට ගැනීමේ කැලා නීතිය චීනයටත් පොදුයි. අපි තාම ඒ අවධියට මුහුණ දුන්නේ නැහැ. නමුත් අපේ පැත්තෙන් මේ අවස්ථාවේදී චීනය බොහොම වැදගත්. නමුත් අමතක කරන්න එපා චීනය බෞද්ධ ටිබෙටයට කරපු වින්නැහිය. චීනය මානව හිමිකම් සහ සාමාන්‍ය ජන ජීවිතය බොහොම දුක්බරයි. ඒ පැත්තෙන් බැලුවම ඇමෙරිකාව පිටිසර ගොවියෙක් පවා ඉතා නිදහසේ සුකිත මුදිතව ජීවත් වන මට්ටමට සංවර්ධනය සාමාන්‍ය ජනයාට විහිදී තිබෙනවා. (දී)
මෝඩ කතා (දී)
අනේ කුමාර් ඔය හැටි මෝඩ ඇයි ?
අනේ කුමාර් ඔච්චර මෝඩ මොකද?එදිරියේදී ලෝක බලවතා චීනය බව අමතක උනාද?....... (දී)
ඉන්දියාවටත් දෙයියන්ගේම පිහිටයි (දී)
ඉන්දියාවටත් දෙවියන්ගේම පිහිටයි (දී)
කොහොමද චීනේ අනාගතේ. ඇමරිකාවත් චීනෙට ණය වෙලානෙ ඉන්නෙ.(නදී)
ඇමරිකාවේ තාක්ෂණය ලබාගත් හැම රටක්ම දියුණු වුණා. බලන්න දකුණු කොරියා , ජපානය , දැන් චීනය , හැබැයි චීනෙත් සමග හිටියොත් කවදාවත් දියුණු වෙන්න බැහැ. චීනා කපටියා කොපි තමයි කරන්නේ. (නි)
මම කෙනත්ගේ අදහස් වලට එකගයි (නි)
චිනේ හරි ඇමරිකාවෙ හරි දියුණුවෙන් අපිට ඇති වෙන දෙයක් නැහැ. මහන්සිවෙලා අපේ රට දියුණු කරන්න බලමු. ලෝකයත් එක්ක අපේ රට සසදන විට අපේ දියුණුව ගැන දුක හිතෙනවා. අපිට අපේම කියලා විල්බැරෝවක් හදන්න බැරි වෙලා තියෙනවා .ඒකත් මේඩ් ඉන් චයිනා ඔන්න අපේ දියුණුව (නි)
අද පවතින ඉන්දියාව කුඩා කෑලි කෑලි වලට කඩ කුඩා දුර්වල රජයන් බිහිකළ යුතුය. එය මතු ලෝක සාමයට ඉතා වැදගත් අසම ප්‍රාන්තයෙන් අරබා කස්මීර් පන්ජාබ් තමිල්නාඩු හරහා යමු .(නදී)
මම කෙනත් සමග එකගයි. ලංකාවේ ඉදන් කෑගහන අය මෙහාට ඇවිත් බලන්න චින්නු කොච්චර ඇමෙරිකාවට එනවද කියල නිදහසේ ජීවත්වෙන්න. ලංකාව රැකෙන්නේ ඇමරිකාව ඇතුළු ආදාරදෙන රටවලට පින්සිද්ද වෙන්න මිසක් චින්නු ගේ නය වලට පින්සිද්ද වෙන්න නොවේ. තව අවරුදු ගානකින් ඔබලාට තේරවි නය ගෙවනකොට.(නදී)
මේ කුමාර් අඩුම ගානේ ඇමෙරිකාවට පයක්වත් තබා තිබෙනවද? (නි)
කුමාර් තවම ළිඳේ ඉන්න ගෙම්බෙක් වගේ මට දැනෙන්නේ (නි)
චීනය වැඩිපුරම මුදල් ආයෝජනය කරලා තියෙන්නේ කොහෙද කියල පොඩ්ඩක් හොයල බලන්නකෝ. .(නදී)
කෙනෙත් ගේ කතාව මන් පිලිගන්නවා.. ඇමෙරිකාව කොච්චර බංකොලොත් උනත් ආරක්ෂක වියදම් අඩු කරලා නැහැ. අනික තාක්ෂණයෙන් තවම ඉහලින් ඉන්නවා, උපාය මාර්ග ඉහලයි, මොනවා උනත් රුසියාව වැටුණු එක හොඳ නැහැ. ඒ ලෝක මට්ටමින්, අපේ රටේ මට්ටමින් ගත්තොත් ජ වී පෙ වැටුනු එක රටට හොඳ නැහැ. (නදී)
ලංකාවේ ගොඩක් අය අනුන්ගේ ඕපාදුප සොයමින් ගුටි ඇනගන්න හරිම දක්ෂයි. නරකද තමන්ගේ වැරදි හදා ගතතොත්. (නි)
කලන,ඔයාගේ අදහසේ ගැබ් වෙලා තියන උපහාසයත් නරක නැහැ. (නි)
මම වැඩ කරන්නෙත් ඔය ලොකු රටේ ප්‍රධානම සමාගමකට තමයි අපි දන්නවා උන් අපිට සලකන හැටි. අපිත් දැන් උන්ගේ කොලනියක් වෙලා ඒක කාටවත් නොතේරෙන එකයි පුදුමේ. ඊයේ රුපියල් වැඩිපුර අපි හම්බ කලා නම් උන් අද වෙද්දී අපෙන් රුපියල් 2 ක් කපනවා.ඔන්න ඕකයි තත්වේ... (ස)
කුමාර්, නිකන් මෝඩ කතා කියන්න එපා... ඔයා චීනෙට අඩු ගානේ ගිහින්වත් තියෙද ? නෙත්නම් කරුණාකරලා ගිහින් පොඩ්ඩක් බලන්න. ලිඳේ ඉන්න ගෙම්බෙක් වගේ නිකන් බොරුවට කෑගහන්න එපා. බාගෙට ඉතිහාසය ගැන දැනගෙන කතා කරන්න එපා (දිල්)
චීනෙට සුබ පැතුම්. චීනේ බලවත් වෙන එක ලංකාවටත් හොඳයි මොකද අපේ අල්ලපු රටේ වෙන තර්ජන වලට බලපෑමක් කරන්න පුළුවන් චීනෙට. චීනේ කවදත් ලංකාවේ මිතුරෙක්. ඉන්දියාව වගේ අපේ රට විනාශ කරන දේවල් කලේ නැහැ. (ස)
රුසියාවත් කලේ ඔය මෝඩ කමම තමයි. එයාල අමෙරිකාවත් එක්ක තරඟෙට අවි හැදුවා. රටේ සංවර්ධනය අඩාල උණා, නමුත් ලෝකේ ලොකුම හමුදාව කියල උදම් ඇනුවා. අන්තිමට රට බන්කොලොත්ත් වෙලා කොමුයුනිස් වාදෙත් එතනිම්ම ඉවර උනා. චීනෙත් ඔය මෝඩකමට ගියොත් වෙන්නේ ඒ ටිකමයි.(නදී)
කුමාර්, ඔයා හිතන තරම් චිනේ මෝඩ නැහැ. චිනේ කොමියුනිස්ට් අනාගත්තෙත් නැහැ. (ස)
චීන රටට සුබ පැතුම්. ඇමෙරිකාව කරන ජඩ වැඩ වලට එරෙහි වන්න චීන, රුසියාව වගේ රටවල් වලට පුළුවන්. එහෙම වුනොත් ලෝකෙම සාමය පැතිරී කිරි ඉතිරේ. (ස)
කුමාර්, කන්නාඩියක් ඉදිරියට යන්න. මෝඩයාගේ තරම හොඳින් පෙනේවි. එසේ නම් ඉන්දුනුසියාවේ තමා ලෝකයේ ලොකුම බුදුගෙය එහි බුදුදහම නැහැ. නමුත් ලෝකයේ තියෙනවා. මන්ද එය දර්ශනයක් නිසා, එය මිය යන්නේ නැහැ. (ස)
කුමාර්, චීනය ගැන දන්නා තරම පේනවා. ඇමරිකාව ආර්ථිකමය වශයෙන් බංකොලොත් වී හමාරය. (ස)
කුමාර්, ඔබ දන්නා දෙයක් නැහැ.චීනයත්, රුසියාවත් නැතිනම් අදටත් ලොව සාමයටත් වගේම අපේ රටටත් දෙවියන්ගේම පිහිටයි. (ස)
සනත්, ඔයා චීනේ ගැන හොඳට හොයා බලන්න. අවුරුදකට බ්ලියනස්ලා සිය ගානක් හැදෙනවා. ඔක්කොම ධනපති චීන සමාජේ බැංකු ගිණුම් පිටරට, ළමයි ඉගෙන ගන්නේ බටහිර රටවල. වැඩිම අති සුඛෝපභෝගී කාර්, බඩු, ඇඳුම් හා මත්පැන් විකිනෙන්නේ චීනේ. නමුත් තාම චීන බොහෝ ගම්වල විදුලිය නෑ, රෝහල් නෑ, කුඹුරු හාන්නේ හරක් හා ලී නගුල් වලින්. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ. එදා මාවෝ ගමෙන් නගරය වටකලා, අද නගරය (චීන ධනපති ක්‍රමය) ගම හා ගමේ ශ්‍රමය සූරා කනවා. මාවෝ ගේ සිහිනය ඉවරයි. දුප්පත් හා අඩු මධ්‍යම පන්න්තිය ජීවත් වෙන්න පුදුම මහන්සියක් ගන්නවා. මේකද කොමියුනිස් ක්‍රමය කියන්නේ. කොමියුනිස් ක්‍රමයට අවසානයේ විද්‍යාත්මක කොමියුනය කරා ගමන් කල යුතුයි. නමුත් ඒ දේ සිදුවෙන්නේ නෑ. ඒ වෙනුවට දුෂිත ධනවාදී නිලධාරී වාදයන් ගොඩ නැගෙමින් පවතිනවා. (ස) කුමාර්
උණුසුම් සුබ පැතුම් චීනයට ! මේ ලෝකයේ බල තුලනයක් අවශ්‍යයි.(නදී)
කුමාර්, මෝඩ කතා කියන්න එපා.තව අවුරුදු 5-7 ක් යනකොට ඔයාට දැනේවි ඔය කියපු ගොන් කතා. චීනය රටවල් කොටවලා දියුණු වෙන්න හදන රටක් නොවෙයි. අපේ රට උනත් චීනය එක්ක තියෙන මේ හොඳ සබදතාවය ඉදිරියට ඉතාම හොඳයි. හරියට ආයෝජනයක් කල වගේ. (ස)
චීනේ කෝටි පතියොත් ඇමරිකාවට වැඩිය හද්දේ ගෙන එනවා. දුප්පත් අයත් ඉන්නවා. මම චීනෙට අදෙර්යි. ඇයි ඔවුන් අපට මුදල් නයට දෙනවා, නාපේ නගර හදනවා, අපේ ආදී වේගී මාර්ග හදනවා. ඇමරිකාව ඉස්සර අපිට පිටි දුන්න, දැන් මොකත් නැහැ ලෙඩ දානවා. (නදී)
කුමාර්, මෝඩ කතා කියන්න එපා. ඇමරිකාව දුවන්නෙත් චීනෙන් නය අරගෙන. අනිත් එක දුප්පත්කම ලෝකේ ඕනෑම රටක තියෙනවා. ඇමරිකාවෙත් එහෙමම තමයි. මොනවා උනත් චිනේ ඇමරිකාවට වැඩිය දහස් වාරයක් හොඳයි.(නදී)
මිතුර ඔබ ගැන ආඩම්බරයි.(නදී)
කුමාර් කඩේ යනවා?. කාටද? බො රුකියන්න එපා. කුමාර් කවදාවත් කඩේ ගිහිල්ලත් නැහැ. යන්නෙත් නැහැ.(නදී)
ලෝක පොලිස්කාරයා කියල හිතාගෙන ඉන්න කෙනා, නරියෙක් වෙන දවස වැඩි ඈතක නැහැ , ....චීන සමුහ ආණ්ඩුවට සුබ පැතුම් මගෙන් (ස)
ලංකාවෙන් හම්බ කර ගන්න සල්ලි වලින් චීනා වැඩ පෙන්නනවා. තව ලංකාවේ කි.මී. 100 හයිඝ් පීඩ් පාරක් හදන්ඩ දුන්නා නම් තව බල සේනාවක් හදයි චීනා. (ස)
චීනයට ජය වේවා! කුමාර්, නොදන්න දේශපාලනය නොලියා සිටීම වැදගත්. (ස)
චීනය ට ජයවේව ඇමරිකාව ට බංග වේවා .කුමාර් ට සනීප වේවා. (දී)
ලෝක විනාශය ලගයි (දී)
ඇමෙරිකාව තම සබ්මැරින් හමුදාව හැදුවේ අවුරුදු 30-40 කට විතර පෙර. අද චීනය ඒ විදියේ සබ්මැරින් හදන්නේ අවුරුදු තිහකට පසු බව අමතක කරන්න එපා. සති කිහිපයකට උඩදී ඇමෙරිකාව "ස්ටේල්ත්" නැතිනම් රේඩාර් වලට අහුනොවෙන සබ්මැරීනයක් දියත්කළා. ඉදිරි වසර කිහිපය තුල මෙම වර්ගයේ සබ්මැරීන බහුල ලෙස නිපදවන බවයි ප්‍රවෘත්තියේ කියැවෙන්නේ. සමහර විට චීනයට එම තත්වයට එන්නට තවත් අවුරුදු විස්සක් තිහක් ගතවන්නටත් පුළුවන්. ඒක නිසා එකපාරටම උදම් අනන එක එතරම් සුදුසු නැහැ. (නි)
ඇමෙරිකාව අලියා මලපහ කරපු දිවුල් ගෙඩියක් වගේ ? (නදී)
චීනය සහ රුසියාව යන රටවල් 2ක ඉන්නකම් ලෝකයේ සාමය පවතීවි....(නදී)
සංක ඔයා හිතන ක්‍රමය වැරදියි. චීනය අද ලෝකයේ බොහෝ රටවල වියාපෘති කරනවා. අද වනවිට චීනයට ලොකුම නය කරුවා ඇමරිකාවයි. (නදී)