පිරිමින්ට වඩා ගැහැනුන්ට නින්ද අවශ්‍යයැයි ඇමෙරිකානු පර්යේෂකයෙන් පවසයි. ගැහැණිය පිරිමියාට වඩා විවිධ වැඩකටයුතු රාශියක් දිනකට කරන බැවින් ඇයගේ මොළය යථා තත්ත්වයට පත්වීම සඳහා බොහෝ වේලාවක් නිදා ගැනීමට අවශ්‍ය බවයි. උතුරු කැරොලිනා හි ඩියුක් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පවසන්නේ නින්ද ගැන තැකීමක් නොකැන කාන්තාවන් අවපීඩනයෙන් හා අධික ලෙස තරහයාම වැනි මානසික රෝග වලින් පීඩා විදින බවයි. නමුත් ලෝක විද්‍යා වාර්තා පෙන්වා දෙන්නේ පුරුෂයන්ට නින්ද අඩුවුව ද එවැනි තත්ත්වයක් ඇති නොවන බවයි.
නින්ද අඩුකම හේතුවෙන් හෘදයාබාධ තත්වය ඉහළ යෑම, මානසික සෞඛ්‍ය ප්‍රශ්ණ, ආඝාතය සහ ශරීරය ඉදිමුම සමග දැවිල්ල වැනි තත්ත්වයන් ඇතිවෙයි. නින්ද පිලිබඳ විශේෂඥ වෛද්යවරයෙක්වු මිචෙල් බ්‍රවුස් විශ්වාස කරන්නේ නින්ද අඩු කාන්තාවන් ශරිරය ඉදිමු ම සමගින් දැවිල්ල වැනි කායික වේදනා විදින බවයි. කෙසේ වෙතත් ටික වේලාවක් නිදා ගැනීමෙන් මෙවැනි ප්‍රශ්න වලින් ඈත් වී සිටීමට කාන්තාවන්ට හැකියාව ලැබෙන බව ද පර්යේෂකයන් පෙන්වාදෙයි. මේ කෙටි නින්ද මිනිත්තු 90ක් පමණ වඩා වැඩි නොවිය යුතු බව ද ඔවුන් පවසයි. ඊට වඩා වැඩි කාලයක් නිදා ගතහොත් නිදිබර ගතිය ඇතිවිය හැකි බව ද ඔවුන් පෙන්වාදෙයි.
නින්ද පිලිබඳ පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ලොග්බොරො සරසවියේ මහාචාර්ය ජිමි හෝර්න් පවසන්නේ නින්දේ දී සිදුවන එක් ප්‍රධාන කාර්යක් වන්නේ මොලයේ ගෙවිගිය කොටස් නැවත අළුත්වැඩියා කිරීමට ඉඩදිම බවයි. තද නින්දේදී මොළයේ සිතීම, මතකයේ තබා ගැනීම සහ භාෂාව වැනි තත්වයන්ගේ දැනීමේ ශක්තිය මුදවාලන බවත් එමගින් ඒවා නැවත ලබා ගත හැකි ආකාරයට පත්වන බවත් පර්යේෂකයන් පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවෙන් කියල කිව්වොත් ඕනේ හිසරදයක් ඉසමුදුනෙන් පිළිගන්න අය ඉන්න කම් හොදයි. (අ)
දොයි..දොයි..දොයි..දොයිය බබා..බයි බයි..බයී..බයිය..බබා.(නදී)
අසෝකා ඔයාට ඕක ලියන්න පුළුවන් උනෙත් ඇමරිකාව හින්දනේ. නැත්නම් ඔයාට කොලේක ලියලා පාරේ තියන තප්පෙක තමයි ඔය අදහස පලකරන්න වෙන්නේ.(නදී)
ගැහැණු නිදාගන්න තරමට හොඳයි. කනක් ඇහිලා ඉන්න පුළුවන්. අපේ එක්කෙනා දන්නේ නැහැ මා මේ නමින් ලියන වග.(නදී)
ඔය කෙහෙල්මල් මොකුත් නෙවෙයි. ගැහුණු කැමතිම නිදිය ගන්න.(නදී)
නැගිටලා ඉන්නකොට කොහොමත් කෙල්ලොන්ගේ මොලේ කචල්නේ. නිදා ගන්න වෙනවා යතා තත්වයට පත් කර ගන්න. (නදී)
ධම්ම, ඔයා හරියටම හරි. අපේ එක්කෙනත් දන්නේ නැහැ මම මේ නමින් ලියන වග. නැති නම් කපෝති. (නදී)
ඔව් මේක හරි මගේ බිරිඳ මම වැඩ ඇරිලා එනකන් කන්නේ නැතුව නිදි මරාගෙන ඉන්නවා. දැන් එයා ගෙදර කචල්කාරියක්. හරියට තරහ යනවා. ඔය කියන ලෙඩ හැම දෙයක්ම තියනවා. නින්ද ගැහැණු කට්ටියට පිරිමින්ට වැඩිය අවශ්‍යයි. මම කන පරිප්පුව මේගොල්ලන් දැක්කා නම් මෙහෙම ලියන්න් නැහැ.(නදී)
ඔයාගේ කතාවෙත් අත්තක් තියෙනවා අනුර මහත්මයෝ, මොකද අපේ රටේ කොයි තරම් දක්ෂ අය හිටියත් ඒ අයගේ මොලයෙන් අපේ රටට ප්‍රයෝජනයක් ගන්න දෙන්නේ නැහැනේ ඔයාල වගේ අය ඉන්න කම්ම.(නදී)
ඔය පිරිමින්ගේ තියෙන ඊර්සියව තමයි (ත)