ගුවන් මගියන්ට ගුවනේදී ජංගම දුරකථන හා ඔවුන් සතු වෙනත් ඉලෙක්ට්‍රෝනික උපකරණ භාවිතා කිරීමේ අවසරය ලබා දීමට යුරෝපයේ ක්‍රියාත්මක ගුවන් සේවයන් සැරසෙයි.
පෙර පැවති මතය වූයේ ගුවනේදී ජංගම දුරකථන හෝ වෙනයම් ඉලෙක්ට්‍රෝනික උපකරණයක් භාවිතා කළහොත් ඒවායින් නිකුත් වන තරංග ගුවන් යානයේ පරිගණක පද්ධතියට හානි සිදු කරයි යන්නයි.
නමුත් යුරෝපයේ ගුවන් ආරක්ෂණ කටයුතු වෙනුවෙන් පෙනී සිටින යුරෝපා ගුවන් ආරක්ෂණ ඒජන්සිය සිදුකර ඇති පරීක්ෂණ ගණනාවකින් ජංගම දුරකථන හෝ ඉලෙක්ට්‍රෝනික උපකරණ භාවිතයෙන් ගුවන් යානයේ පරිගණක පද්ධතියට බලපෑමක් ඇති නොවන්නේයැයි හෙළිවී තිබේ.
ඇමරිකාවේ ක්‍රියාත්මක ගුවන් සේවා දැනටමත් තම මගියන්ට මෙම අවසරය ලබා දී ඇති අතර යුරෝපයේ ක්‍රියාත්මක ගුවන් සේවයන් එළැඹෙන දෙසැම්බර් මාසයේ සිට මගියන්ට ගුවනේදී ජංගම දුරකථන භාවිතා කිරීමට අවසරය දෙනු ඇතැයි සදහන්ය.
බලධාරීන් අවසරය ලබා දුන්නද එය ක්‍රියාත්මක කිරීමේ අයිතිය ඇත්තේ ගුවන් සේවයන් අත වන අතර මෙය මුදල් ඉපැයීමේ නව මාර්ගයක් බවට පත් කර ගැනීමට ගුවන් සේවයන් සැරසුණහොත් එහි පුදුමයක්ද නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් දවසක් ඔය කියන යානාවක නැගලා කුමාරි නගා වාඩිවෙලා යන අසුන ළග වාඩිවෙලා යන ගමන් මලක් කඩන්න ලෑස්ති වුනා විතරයි, අර හවුස් වයිෆ්ද කවුද මන්දා කියන්නේ,අන්න ඒ ළමයෙක් අැවිල්ලා එපාක කිවුවා විතරයි, මාව ගැස්සිලා අැහැරුණු පාර බුරු ඇදෙන් බිමට වැටුණා. පස්සේ බලද්දී ඒක ලස්සන හීනයක්. (නි)
කුමාරිගේ කතාව හරියට හරි .. මට තායි සහ සිංගප්පුරුවේ ඉඳල එද්දී කනක් ඇහිලා නිදහසේ එන්න බෑ..හරියට නිකන් ප්‍රයිවෙට් බස් එකක එනවා වගේ .. (ස)
මේ අවසරය කලිනුත් තිබුනා. ගුවන් යානයක් පිටත් වීමේදී සහ ගොඩ බෑමේදී ජංගම උපකරණ ක්‍රියා විරහිත කරන්න කීවත් පොළොවෙන් ඉහල ස්ථාවර මට්ටමකදී ඒ සඳහා අවසර දෙනවා. බෝයින් වර්ගයේ බොහෝ ගුවන් යානා වල අන්තර්ජාල පහසුකම් අවම මිලකට ලබා දෙන ගුවන් සමාගම් තිබෙනවා. (දිල්)
පට්ට පට පට..මරුවට තියේවි.කුකුල් කොටුවට කෑම දැම්මා වගේ තියේවි ප්ලේන් එකම.දන්නවනේ අපේ අයගේ ෆෝන් කෝල් කච කචේ.(ස)
තාරක ඔබ හරි. මේ අවසරය කලිනුත් තිබුනා. බොහෝ ගුවන් සේවා පිටත්වීමේදී සහ ගොඩබෑමේදී ජංගම උපකරණ ක්‍රියා විරහිත කරන්න කිවුවාට පොළවෙන් අඩි 2000 ක් පමණ උසකදී එයට අවසර දුන්නා. බෝයිං 767 ඇතුළු එම වර්ගයේ බොහෝ යානා වල අන්තර්ජාල පහසුකම් සීමිත මුදලකට දෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට මෙබඳු යානා තවම ලැබී නැහැ. (නි)
මොනවද වෙද මහත්තයා ගුවනේත් ඔය ඕපාදුප හොයන්න යන්නේ? පාඩුවේ වැඩක් බලාගෙන ඉන්නකෝ (නි)
ගුවනේදී පරිගණක පද්ධතියට මුකුත් වෙන්නේ නැහැ. ඒක වැරදි මතයක්. ගුවන් යානා ගුවන්ගත කිරීමේදී සහ ගොඩ බෑමේදී පමණක් ජංගම දුරකථන භාවිතා කිරීමෙන් වළකින්න කියනුයේ පහළ ඇති දුරකථන ජාල කණු බොහොමයක් විසින් අදාල ජංගම දුරකථනය එනම්, ගුවන් යානය තුළ ඇති දුරකථනය සඳහා සේවා සැපයීමට යෑමේ දී ඇතිවන තදබදය අවම කිරීමටයි. ඉහළින් ඇති දුරකථනය සඳහා පහළ ඇති සන්නිවේදන කුළුනු විසින් සේවාව සැපයීමට පොරකෑම වැළැක්වීම මෙහිදී සිදු කරයි. මෙම නීතිය ජංගම දුරකථන සේවා සපයන්නන්ගේ සුභ සිද්ධිය සඳහා පනවන ලද්දකි. (නි)
ගුවනේදීත් ඕපා දුපා කතා කිරීමට සහ ලංකාදීප එසැණින් පුවත් කියවීමට නිදහසේ නොමිලේ ක්‍රමයක් දෙනවා නම් හොඳයි (නි)
දොන්සේතන් , එකනම් පට්ටම පට්ට හීනයක් , මටත් අස්සයි කුමාරි ගැන හීනයක් දකින්න කොහෙද ? වැරදිලාවත් රැට හීනෙන් කුමාරි කියල කියුනොත් අපේ මාය්යගෙන් බත් කාල හමාර නිසා අනේ ඉතින් හීනේ හිතේම තද කරගෙන නිදාගන්නවා (දී)
ඔය මල් කඩනවා කියන්නේ මොකක්ක්ද ? පන්සලකට ප්ලල්ලියකට යන්නන මල් කඩන්නේ නැති අය ගුවනේ මල් කඩනවද.අනේ මන්ද ? (දී)
පිටිගල මිලානෝ, බයවෙන්න එපා කඩන්න මල්. ඔයා මලක් කැඩුවට ඉතාලියේදී නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ (නි)
ගුවනේදි සිග්නල් තියෙනවාද. අවකාශයෙදි කාගේ සිග්නල්වලින්ද කථා කරන්නේ. මම හිතන්නේ ගුවන් යානයම එම සිග්නල් දිම කරනවා ඇති. (නදී)
කුමාරිගේ කීමට මමත් එකයි (දී)
පිටිගල මිලානෝ ඔය වයසට මල් කඩලා අහුවුනොත් එහෙම ඉතාලියේත් ඉදලා ඉවරයි.(අ)
සිග්නල් දත් මදින්නද ? (අ)
පිටිගල මිලානෝ ,ඔය වයසට මල් කඩන්න ගිහිල්ලා නෝනටයි, පුතාටයි අහු වුනොත් එහෙම ඉතාලියේත් ඉදලා ඉවරයි කියලා හිතා ගන්න.(දී)
අනේ මටත් මලක් කඩන්න තිබෙනවා නම්..... (නි)
අනේ කුමාරි , ඔයත් එහෙනම් රට ගිය ආආ , හොඳයි, හොඳයි. අපි මල් කඩපුවා අමතකයි වගේ දැන්. (ස)
ශිරාණි ඒක තමා ඔය කියල තියෙන්නේ.අයියෝ මොනවද ඔයාල කියනවන්නේ.මෙන්ඩිස් අපිට නම් ඔය මුණු පොත් නැහැ.,බණ පොතක් වත් බලාගෙන ඔහේ ඉන්නවා. (ස)
සමහර ගුවන් සේවා වල දැනටමත් ඔන්-බෝඩ් වයිෆයි ඉතා අධික මිලකට ලබා දෙනවා. මෙගා බයිට් විස්සක් ඩොලර් 5 වගේ ගානකට. ඒක ඉතින් ගුවන් සේවයට හොඳ ආදායමක්. ගොඩක් මගීන්ටත් ඉතින් ඒ යන ටිකටත් මූණු පොතට එන්න නැත්නම් නිකන් මොකද්දෝ වගේනේ. අපේ ගුවන් සේවාවටත් ඒක පටන් ගන්න තියෙන්නේ. (ස)
අනේ සිග්නල් නැතිව කතා කරන්න නොහැකි වේවා! කනක් ඇහෙන්න නැතිව යනවා අපේ අය ඕක ඇතුලෙත් මල් කඩන්න තියා ගත්තම.(නදී)