සිරියාවේ ඇලේප්පෝ නගරයේ ගුවන් ප්‍රහාර වලට හසුවී සුණුවිසුණු වී තිබූ ගොඩනැගිල්ලක සුන්බුන් අතර පැය 16 කට වැඩි කාලයක් සිරවී සිටි අවුරුදු 2 ක් පමණ වයසැති කුඩා දරුවෙකුගේ දිවි ගලවා ගැනීමට සහන සේවකයෝ සමත්වූහ.
දරුවාගේ හිසට සිදුවී තිබූ සීරුම් කිහිපයක් හැරෙන්නට ඔහු සිටියේ නිරුපද්‍රිතවය.
සහන සේවකයෝ සුන්බුන් අතර සිරවී සිටි දරුවාගේ මවද ගලවා ගත්හ.දරුවාගේ හැඩුම් ශබ්දය මුල සිටම ඇසුණත් සුන්බුන් අතරින් ශබ්දය නැගෙන්නේ කොහේ සිටදැයි සොයාගැනීමට නොහැකිව බොහෝ වේලාවක් ගත කිරීමට සිදුවුනි.
පසුව ප්‍රවේසමින් සිදුකළ විමර්ෂණයක් අවසානයේ සුන්බුන් අතර සිරවී හඩන දරුවා සොයාගැනීමට හැකිවිය.
දරුවා ගලවාගැනීමත් සමග සියලූදෙනා ජයගොස නැගූහ.මෙතරම් විනාශයක් හමුවේ දරුවා නිරුපද්‍රිතව සිටීම ප්රාතිහාර්යයක් යැයි ඔවුහු කීහ.
සිරියා රජයේ හමුදා කැරළිකරුවන් රැදී සිටින්නේයැයි සැකකෙරන ප්‍රදේශවලට නොනවත්වාම ගුවන් ප්‍රහාර එල්ල කරන අතර මෙයද එවන් අවස්ථාවකි.
මෙම ගුවන්ප්රහාර වලට හසුවී වැඩිමනත් මියයනුයේ කැරළිකරුවන් නොව සිවිල් වැසියන් බව මානව හිමිකම් සංවිධාන කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරදරයකින් තොරව ඒ ජීවිත ගලවා ගත්ත පිරිසට අපගේ උත්තමාචාරය. (නදී)
අනේ! පුංචි හා පැටියෙක් වගේ අහිංසකයි (නි)
හරිම හුරතල් දරුවෙක් (නි)
අවරුදු දෙකක් වෙන්න විදියක් නෑ වගේ මේ පැටියට.. ගොඩක් පුංචි පාටයි....(ස)
බබා බේරා ගත් කට්ටියට අපේ ගෞරවය. (නදී)
පින් ඇති පුතෙක් ගලවා ගත් පිරිසට ශක්තිය දහිරිය ලැබේවා (නදී)