අලූතින් ග්‍රහලෝක 715 ක් සොයාගැනීමට හැකිවුණු බව ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායතනය (නාසා) පසුගියදා නිවේදනය කළේය.
නාසා ආයතනය සතු කෙප්ලර් අභ්‍යාවකාශ දුරදක්නයෙන් මේ නව ග්‍රහයින් සොයාගැනීමට හැකිව ඇතැයි සදහන්ය.මේ ග්‍රහයිනුත් ලොව වෙනත් අභ්‍යාවකාශ දුරදක්නයන්ගෙන්ද සොයාගැනීමට හැකිවූ වෙනත් ග්‍රහයිනුත් එක්ව ගත් කළ නව ග්‍රහයින් 1700 ක් පමණ මේ දක්වා සොයාගැනීමට හැකිව තිඛෙන බව විද්‍යාඥයෝ කියති.
නාසා ආයතනය සොයාගෙන ඇති ග්‍රහයින් 715 අතර පෘථීවියට සමාන තත්ත්ව ඇති ග්‍රහයින් කිහිප දෙනෙකුද සිටී.ඒවා මත ජීවය ඇතිවීමට අවශ්‍ය මූලික සාධකය වන ජලය පැවතිය හැකියැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.
සොයාගෙන ඇති පරිදි එම ග්‍රහයින් අතුරින් බොහෝමයක් තම මව් තාරකාවට ආසන්නව පිහිටි කක්ෂයන්ගේ භ්‍රමණය වේ.ප්‍රමාණයෙන් කුඩා මෙන්ම විශාල ග්‍රහයින්ද ඒවා අතර වේ.
නාසා ආයතනය සතු කෙප්ලර් අභ්‍යාවකාශ දුරදක්නය මේ ගෙවමින් සිටින්නේ අභ්‍යාවකාශයේ එය ගතකරනා සිව්වැනි වසරයි.නව ග්‍රහලෝක 715 ත් සමග එය ආධාරයෙන් මේ දක්වා විද්‍යාඥයින් සොයාගැනීමට සමත්ව තිඛෙන ග්‍රහලෝක සංඛ්‍යාව 961 කි.
විද්‍යාඥයින්ගේ මිීළග උත්සාහය පෘථීවියට සමාන ගතිලක්ෂණ ඇති ග්රහලෝකයන් වල ජීවය පවතිීදැයි හෝ ජීවය ඇතිවීමට සුදුසු පරිසරයක් තිබේදැයි යන්න සොයාබැලීමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එකකට අපේ කාගේ හරි නමකුත් දායිද? (නදී)
විශ්වයේ සීමාවක් නැහැ ඔබ අතරමංවෙවී.(නදී)
අපේ දේශපාලන සෞර ග්‍රහ මණ්ඩලේත් ග්‍රහයෝ දවස ගානේ වැඩි වෙනවා. කොච්චර වැඩිවෙනවාද කිව්වොත් එකම ග්‍රහ මණ්ඩලේ ග්‍රහයෝ එකා ට එකා හැපෙනවා. (අ)
ඔව් ආර්ථිකේ කඩා වැටිලා රට බංකොලොත් වෙලා තියෙන එකේ දැන් වෙන ලෝකයක් හරි හොයා ගන්න වෙයි.(නදී)
ගුරා සොයන්න ඕනේ නෑ.(අ)
අවරුදු 2600 කට පෙර එදා බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ විශ්වය කෙළවරක් නැත සොයා නිම කළ නොහැක යන්නයි.(දිල්)
බුදු වදන් සනාත වීමක්; සාදු, සාදු, සාදු ! (නදී)
හා හා හා ලිපියේ මාතෘකාව නම් මරු.(නදී)
නව ග්‍රහයින් 1700 ක් පමන? දැන් ඉතින් නව ග්රහයින්ගේ අපල දුරු කරන්න පූජා පවත්වන අයට සොරිම තමයි ග්‍රහයින් 1700 ක් තෘප්ත කරන්න ගියාම නිකන්ම හාන්සි වෙනවා.(නදී)
බුදු හාමුදුරුවෝ කියල තියනවා අනන්තය සොයා යන්න එපා කියල මොකද එහෙ අවසානයක් නෑ කියල දැනට තේරෙනවා ඇති ,(දිල්)
සමහර විට ජීවින් ඈති. වෑඩේ කියන්නෙ ඔවුන්ට මේ ලෝකයට එන්න දෙන්නේ නෑතිව ඈති. අපේ ලෝකෙ දේශපාලන විද්‍යාව ඉගෙනගනී කියලා බයට. මොකද මානවහිමිකම්,කොමිස්,නිලධාරි වාද,පගා,දූෂණ,නව යටත් විජිත වාදය,ගෝලීයකරණය,පුද්ගලීකකරණ්ය,සංවර්ධන වාෂ්පීකරණය වගේ දෙවල් වලින් ඒ ලස්සන ලෝක නවීකරණය වෙයි කියලා බයට.(නදී)
අපේ චෞර ග්‍රහ මණ්ඩලයේත් කොච්චර කචල් තිබුනත් ග්‍රහයන් වැඩිවීම නතර වෙලා නැහැ.(නදී)