අයිස්ලන්තයේ බාඩර්බුන්ගා ගිනිකන්ද පුපුරා ලාවා මිටර 30 පමණ ඉහලට විහිදෙන්නට පටන්ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විද්‍යාඥයන් පවසන්නේ ගතවූ පැය 12ක පමණ කාලයේ දී ගිනිකන්දේ භූ කම්පන 300ක් පමණ සිදුවූ බවයි. ගිනිකන්ද පුපුරා ගිය ද අළු පිටවීමක් නොවූ බව ද ඔවුහු කියති. මුහුදු මට්ටමේ සිට සැතපුම් තුනක් පමණ ඉහළට මෙහි සුදු පැහැති දුම හා වායු විහිදී ගොස් ඇත. විද්‍යාඥයන්ගේ මතය වන්නේ මේ වායු අතර ඉතා අහිතකර වායු වර්ග ද තිබිය හැකි බවයි. කන්දේ ඇතිවී තිබෙන සැතපුමක් පමණ දිග පැල්මකින් ගඟක් ගලන්නා සේ ගින්දර දක්නට ලැබෙයි.
ගිනිකන්ද බැලීමට එන සංචාකරයන් ගෑස් ආවරණ පැළඳිය යුතු බව ද විද්‍යාඥයෝ අවධාරණය කරති. මින් පෙර ගුවන් ගමන් නවතා දමන ලෙස නිකුත් කළ රතු සංඥාව දැන් තැඹිලි පැහැය දක්වා වෙනස් කැර ඇත. ගිනි කන්ද පිපිරී ගිය ද අළු පිටනොවීම හේතුවෙන් එහි අවධානම අඩුවීම සංඥාවේ පැහැය වෙනස් කිරීමට හේතුවයි.
කෙසේ වෙතත් විද්‍යාඥයන් පවසන්නේ මේ ස්වභාවය ඕනෑම මොහොතක වෙනස් වී ගිනිකන්දෙන් අළු පිටවීමට ද ඉඩ ඇති බවයි. ඒ හේතුවෙන් අවධානයෙන් සිටිය යුතු බව ද ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චමත්කාරයි ! ලස්සනයි ! බිහිසුණුයි ! ඔය ගලන ලාවා වලට තමයි අපේ උපාසක අම්මලා කියන්නේ අපායේ ලෝ දිය කියලා (නි)
බයේ බැහැ, ගොඩාක් ලස්සනයි (නදී)
මේවට තමයි. කියන්නේ පන පිටින් අපායේ යනවා කියල .(අ).
මේවා ඔක්කොම මැවුම් කරුගේ වැඩ තමයි. (නදී)
චමත්කාර දසුනක් (නදී)
එක්කෙනෙක් ලගට ගිහින්. හිතා ගන්න බෑ කොහොමද එච්චර ලගට ගියේ (නදී)
අපරාදේ මේ වගේ ගිනිකඳු මැවුවේ. රත්තරන් කන්දක්වත් මැව්වා නම් සල්ලි තමයි. (නි)