ලෝකයේ ගැටලූ වලට විසදුම් සොයන්නට ප්‍රථම ඇමරිකාව සිය අභ්‍යන්තර ගැටලූ විසදා ගත යුතුව ඇතැයි වෙනිසියුලා ජනපති හියුගෝ චාවේස් පවසයි. ඔහු මේ බව පැවැසූයේ ඇමරිකා ජනාධිපතිවරණයෙන් දෙවැනිවරටත් ජයගත් හිටපු ජනපති බරක් ඔබාමා ගැන කියමිනි.ඔබාමා ඇමරිකාවේ සමාජ හා ආර්ථික ගැටළු ගැන අවධානය යොමු කළ යුතුව ඇතැයිද අන් රටවල් වල ගැටළු විසදීමට යාම අනවශ්‍ය යැයිද හියුගෝ චාවේස් කියයි. හියුගෝ චාවේස් ගැන ඇමරිකාවට ඇත්තේ පැහැදීමක් නොවේ.ඇමරිකාවට ඔහු හිසරදයකි.ඒ බටහිර ගැති නොවන චාවේස් ලතින් ඇමරිකාවේ අනෙක් රටවල්ද ඇමරිකාවට එරෙහිව උසි ගන්වන නිසාය.චාවේස්ට අවශ්‍ය වන්නේ ලතින් ඇමරිකානු රටවල් සිය දෙපයින් නැගිී සිටිනු දැකීමටය.නමුත් ඇතැම් බටහිර රටවල් මේ ලතින් ඇමරිකා රටවල් සූරා කෑවට තැත් කිරීම ඔහු දැඩි සේ විවේදනය කරයි. පසුගිය ඔක්තෝබර් මස පැවැති වෙනිසියුලා ජනාධිපතිවරණයේදී හියුගෝ චාවේස් පරාජය වනු දැකීමට ඇමරිකාව පුල පුලා බලා සිටියද ඇමරිකාවේ අපේක්ෂා බිද හෙලමින් චාවේස් ජනාධිපතිවරණය ජය ගත්තේය. කෙසේ වුවද චාවේස් බරක් ඔබාමාට යම් තරමකට හෝ ප්‍රිය කරන බව නොරහසකි.එහෙත් ඇමරිකාවේ හටපු ජනපති ජෝර්ජ් ඩබ්ලියු බුෂ් අනුගමනය කළ විදෙස් ප්රතිපත්තීන්ම බරක් ඔබාමාද අනුගමනය කිරීම චාචේස්ගේ දෝෂදර්ශනයට ලක්වේ. කෝ.වි
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවවාද දෙන්නනම නියම කෙනා (ස)
ඇමරිකාව කරන්නේ මෙයට ප්‍රතිචාරයක් ලෙස ඒ රටටත් සම්බාධක පැනවීමයි. (ස)
ඔන්න කෙළින් කතාකරන මිනිස්සු. (නි)
එතකොට එයා තමන්ගෙ කලාපයේ රටවල අර්බුද වල උත්තර හොයන්නෙ නැතුව අනිත් රටවලට බනින්නෙ ඇයි? (නි)