ඇමෙරිකාවේ නව ආර්ථික මධයස්ථානයක් ඉදිකිරීමට වසර 100ක් පැරණි ගොඩනැගිල්ලක් විනාඩි කිහිපයකින් බිමට සමතලා කැරිණි. මෙලෙස පුපුරුවා හරින ලද්දේ නිව්යෝර්ක් නගරයේ පිහිටි වෙලින්ටන් හොටෙල් නමැති මහල් 11ක් සහිත ගොඩනැගිල්ලකි. එය කඩා ඉවත්කිරීමට පෙර ගොඩනැගිල්ල සෑදූ ජෝ නිකොලා සහ ඔහුගේ බිරිඳ ජෙසිකා සිහිවීමට ඔවුන්ගේ නමේ මුල් අකුරු පෙන්වන වර්ණවත් දුම් නිකුත් කරයි. ඉන් අනතුරුව පිපිරීම් මාලාවකින් පසු තත්තපර කිහිපයකින් ගොඩනැගිල්ල බිමට සමතලා වෙයි. එය කඩා වැටීමේ දී අබිලි ද්‍රව්‍ය සෑම තැනම විසුරුවා යාම වැලක්වීමට ද බලධාරින් කටයුතු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි (දී)
ප්‍රමිතියට කල වැඩක් (දී)
කොයි දේත් හදන්න කාලයක් ගත වෙනවා.. නමුත් විනාශ කරන්න ගතවන්නේ සුළු වෙලාවක් ! ගොඩ නැගිලි කඩා ඉවත් කරන අපේ කොන්ත්‍රාත් කරුවෝද මෙම ක්‍රමය ඉක්මනින් අල්ලා ගනී... (දී)
වසර ගණන් පෙරුම් පුරා බලය ලබා ගත්තාට පසු ජනතා විරෝධී ආණ්ඩුත් මොහොතකින් පොළොවට සමතලා කරදාන්න හැකියාව තියෙන්නෙත් ඒ ආණ්ඩු බලයට ගෙනා සාමාන්‍ය ජනතාවටමයි. (නි)