රියැදුරා සමග ‘යහළු‘ විය හැකි මෝටර් රථයක් නිපදවීමට ජපානයේ ටොයෝටා මෝටර් රථ සමාගම සමත්ව ඇතැයි වාර්තා වේ.
නිශ්පාදකයන් පවසන පරිදි මෙම මෝටර් රථය රියැදුරාගේ සිතුවිලි කියැවීමේ සමත් අතර එම සිතුවිලි වලට ගැලපෙන ආකාරයට ‘හැසිරීමටත්‘ සමත්ය.
උදාහරණයක් ලෙස රියැදුරා කේන්තියෙන් සිටින අවස්ථාවක ඔහුට සිත නිවන සංගීතය වාදනය කිරීමට මෝටර් රථය කටයුතු කරයි. රියැදුරාට කුසගිනි යැයි හදුනාගතහොත් ළගම ඇති අවන්හලට යා හැකි වන සේ තම මාර්ග සැළැස්ම මෝටර් රථය සකස් කර ගනු ඇත.
නිෂ්පාදකයන් කියන විදියට මෝටර් රථය රියැදුරාගේ සිතැගි හදුනාගනු ලබන්නේ මුහුණේ සටහන් වන හැගීම් ග්රහණය කර ගත හැකි සංවේදක පද්ධතියක් මගිනි.
මෙම අරුම පුදුම මෝටර් රථය එළැඹෙන ටෝකියෝ මෝටර් රථ ප්රදර්ශනයේදී එළිදැක්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චමත් , අපේ ගෙදර පරණ බඩු තියෙනවා , ඕනේ නම් නිකන් ගෙනියන්න .
අපි කැම්පස් යන කාලේ තිබුණා නම් නියමයි. (ස)
අපිට හිතෙන දේවල් වල හැටියට කාරෙකට පිස්සු හැදෙයි.(නදී)
මේවා එච්චර සාර්ථක දේවල් නෙවේ. ඔටෝ කන්ට්රෝල් වලට වඩා මැනුවල් හොඳයි. මොකද අපි හිත අපිට ගොඩක් පාලනය කරන්න බෑනේ. ඒක ලොකු ප්රශ්නයක් වෙන්න පුළුවන්. (ස)
අලුත බැඳපු මනමාලයෙකු වැඩ ඇරී ගෙදර එන විට, ඔහුගේ මනමාලී මතක් වීය. කාර් එක හැගුම් තේරුම් ගෙන ලිබර්ටි ප්ලාසා එක පැත්තට සිතියම සැකසීය. (ස)
වාව් මරුනේ ලොකේ ගොඩක් දියුණු වෙලානේ. (ස)
හදිස්සියේ අපිට ගෑනු ළමයෙක් බලන්න හිතුනොත්, ලස්සන ගෑනු ළමයි ඉන්න තැනකට යන පාර පෙන්නනවද ඒක ? (ස)
මොනවා වුණත් නියම කාර් එක (නි)
මගේ හිතේ තියෙන අදහස් ඔක්කොම එයාට කියවන්න පුලුවන් වෙයිද?? (ස)
උපාලි මහත්තයා බය වෙච්ච තරමක් .....හානේ පව් මෙයා ...!!!! (ස)
මට මේ පස්සේ මතක් වුනේ. මේ කාරෙක තනිකරම අන්ද මන්ද වෙලා කැලේටම යනවා මේක දේශපාලනඥයෙක් පැදෙව්වොත්. ඒ ගොල්ල හිත හිතා යනදෙවල් මුණ බලලා තේරුම් ගන්න පුළුවන් සමතෙක් මේ ලෝකෙ නැහැ. පවු කාරෙක. (අ)
කාර් එක යන යන තැන් රෙකෝඩ් වෙනවද? ආපහු ගෙදර ගියාම වෙන අයට බලන්න පුලුවන්ද ආ ගිය තැන්? මට නම් එපා මේක. (නි)
ලෝකයේ තාක්ෂණික දියුණුව අගය කරමු ජපන්නු හපන්නු කියන්නේ ඒක තමා (දී)
යන්න පුළුවන් තනියම නේද........ නමුත් ගාන කීයද? (ස)
වැඩට යන්න මේකට නැග්ග විට බොස්ව මතක් උනොත් කොහේ ගෙනි යයිද දන්නේ නැහැ. (ස)
චමත් - ඒක තමා. බලන්න දැන් එන බී.එම්.ඩබ්ලිව් අවුඩි වගේ වාහන කැතේ බෑ නේ. (නදී)
මේ ඉබ්බාගේ ගියොත් වෙන වාහන යටින් තමයි යන්න වෙන්නේ. (ස)
අපෝ මමත් ගන්නේ නැහැ.අපිට හිතෙන දේවල් වල හැටියට කොහේ නවතීද දන්නේ නැහැ. (ස)
ප්රියන් ඔබ හොඳට හිතල බලල වැඩ කරන කෙනෙක් වගෙයි. (ස)
අඩුම ගානේ දෙන්නෙක් වත් යන්න පුළුවන් නම් මම ගන්නවමයි තියෙන සේසතම දීලා හරි. (ස)
පරණ කාර් වල තිබ්බ ගතිය දැන් කාර් වල නෑ. නිකම් බෝලගෙඩි වගෙයි. බලන්නත් කැතයි. බලන්න මේ කාර් එක හැටි? 1970-80 ගණන් වල ආපු කාර් තමයි ලස්සනම කාර්.(නදී)
මට ඕනේ රියදුරෙක් නැතුව යන්න පුලුවන් කාර් එකක්. (නදී)
හැබැයි මේක අපිට ප්රයෝජනවත් වේවි වගේ, මේකට නැගලා දරුවන් ගැන හිතුවා.ඊට පස්සේ එයා මාව දරුවන් ළගට ගෙනිච්චා. දරුවෝ බැලුවා. ආයෙම නැග්ගා. රස්සාව ගැන හිතුවම ගෙනත් දාවි නියමයි නේද...? ඒත් ඉතින් ගාන ඇහුවම, ලෑලි හතරෙන් යන්න වේවිද දන්නෙ නැහැ නේද....? (නි)
අපෝ මම නම් ගන්නෙ නෑ. පාරේ ලස්සන ගෑණු ළමයෙක් ගියොත් මට යන්න වෙන්නේ හිරේ තමයි. (ස)
බඩගිනි උනාම මම නම් ඉක්මනට ගෙදර යන්න තමයි බලන්නේ වැඩිය කඩෙන් කන්න කැමැති නැහැ. මේ කාර් එක මාව අවන්හලක් ලගට ගෙනිච්චොත් නම් මට තද වෙනවා සිකුරුයි. ඒක නිසා මේක ගන්නේ නැහැ. (ස)
රියදුරාට සල්ලි නැති වෙලාවට සල්ලි දෙන්න මේ කාරයට බැරිද දන්නේ නැහැ. එහෙම පුළුවන් උනානම් මම ගන්නවා ගාන කීය උනත් කමක් නැහැ. (ස)