ඇමෙරිකාවේ උතුරු කැලිෆෝනියා ජනපදය අද රික්ටර් මාපකයේ ඒකක 6.9ක භූ කම්පනයක් ඇති විය.
භූමි කම්පාව හේතුවෙන් ජීවිත හානි සිදු නොවුන අතර ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවිය.
භූමි කම්පාව හටගත්තේ කැලිෆෝනියාවේ යුරේකා ප්රාන්තයට කිලෝ මීටර් කිහිපයක් දුරින් බව ද වාර්තා විය.
(වොෂින්ටන්හිදීය (රොයිටර්))

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කැලිෆොර්නියාව විතරයි තවම හෙලවුනේ, අපේ අතිගරු ජනාධිපති උතුමාණන්, (අපේ ගැලවුම්කාර වීරයා), ජිනීවා කුමන්ත්රණ පරාද කරන හැටි දැක්කම මුළු අමෙරිකාවම හෙල්ලෙනවා, අපේ රජතුමාට ජයවේවා (දී)
මේක උනේ 9 වැනිදා , යුරේක කියන කුඩා මුහුදුබඩ නගරයේ වෙරළ සීමාවෙන් කිලෝමීටර 80ක් විතර දුරින් සාගරයේ, පොළොවේ සිට කිලෝමීටර 16ක් පමණ යටින්. අනිත් ප්රදේශ වලට කිසි බලපෑමක් නැහැ. කැලිෆෝර්නියා ප්රාන්තය පිහිටා තිබෙන්නේ ප්රධාන භූ තීරු දෙකක් හා වෙන තීරුවක නිසා භූ කම්පන ඉතා සුලභයි. මේ නිසා මෙහි ගොඩනැගිලි කම්පනයකදී හොදින් ඔරොත්තු දෙන ලෙස සැලසුම් කිරීමට නීති තිබෙනවා. ගඩොලින් ගලින් ගොඩනැගීම තහනම් වන අතර යකඩ සහ ලී භාවිතාකර සැකිල්ල නිර්මාණය කිරීම නිසා සෙලවීම් වලදී කඩා වැටෙන්නේ නැහැ. භූ කම්පනයකින් පසු ඇතිවන සුලභ ගිනි තර්ජනය සහ පැතිර යාම වැලකීමටත් අදාල ප්රමිතීන් මනාව පාලනය වෙනවා. මේවා අකුරටම අනුගමනය නොකර කිසිම ගොඩනැගිලි සැලැස්මක් අනුමත කරන්නේ නැහැ. මේ නිසාම මේ දක්වා බේරුන ජීවිත දහස් ගණනක් මෙම දියුණු ගොඩනැගිලි තාක්ෂණයට කදිම සාක්ෂියකි. (දී)
කෙනත් (යු එස් ඒ) දන්නා දේවල්, අපරාදේ මාර මොලයක්නේ රට දාල ගිහින් තියෙන්නේ, ජනාධිපතිතුමා මැදිහත්වෙලා ආපහු ගෙන්න ගන්න තියෙන්නේ. (නදී)