දේශපාලන හේතු මත හෝ වෙනත් රාජ්‍ය තර්ජන හේතුවෙන් ජීවිතය බේරා ගැනීම සඳහා තම මව්බිම හැර ගොස් විදේශ රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට විදේශ ගමන් බලපත්‍ර ඉල්ලූම් කිරීමේදී මින් පෙර පනවා තිබු සියලූම සීමා ඉවත් කොට ඔවුන්ට අවශ්‍ය ගමන් බලපත් ලබා ගැනීමට හැකි ලෙස නව චක්‍ර ලේඛනයක් රජය විසින් නිකුත් කොට තිබේ.
ඒ අනුව විදේශයන් හී ජීවත් වන ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත් නොමැති සෑම ලාංකිකයකුටම තම අනන්‍යතාවය ඔප්පු කළ හැකි පිළිගත් ලිපි ලේඛන ඉදිරිපත් කොට ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට අවස්ථාව උදාවී ඇත.
ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට බලපෑ ඉහත ප්රශ්නය හා ඒ හා බැඳුණු ප්‍රශ්න ඇතුළත් සංදේශයක් පසුගිය නොවැම්බරයේදී පැරීසියේ ශ්‍රී ලාංකික එකමුතුව ප්‍රංශ තානාපතිට භාර දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය මැයි මස ආගමන හා විගමන පාලක, අමාත්‍යාංශ ලේකම්, ආගමන හා විගමන විදේශ අංශ ප්‍රධානි ඇතුළත් රාජ්‍ය නිලධාරින් සමග තානාපති රණවිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්විණි.
ප්‍රංශයේ ලාංකිකයෝ ප්‍රශ්න ඉදිරිපත් කළහ. විදේශ අමාත්‍යාංශය හා ඊට අදාල අංශ සමඟ සාකච්ඡාකොට සාධාරණ සහන සලසන බව ආගමන හා විගමන පාලකවරයා පැරීසියේදි පොරොන්දු විය.
ප්‍රථම රැස්වීමට එක්වූ පුෂ්පසිරි ද අල්විස්, රොහාන් දයාදර , රෙක්ස් හෙට්ටිආරච්චි, ලාල් රාජපක්ෂ , ශ්‍රී සරවන්, එන්ස්ලි ප්‍රනාන්දු, ජසින්තා බණ්ඩාර, සුදත් සිල්වා, ඒ.ඩී. ජයන්ත, නිහාල් මැණික්බෝව ඇතුළු පිරිසද තවත් සංවිධාන ද එම අයිතිවාසිකම් දිනා ගැනීමට මුල් වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමල් පැරිස්, කතාව සම්පුර්ණ ඇත්ත. (නි)
පැරිස් ලංකා සන්දානයට ස්තුතියි ... ඉතිරි ඉල්ලිම් සියල්ලම අපිට දිනාදීමට .... පැරිස් ලංකා සන්දානයට.... ශක්තිය ලැබේවා ..(හේ)
පැරිස් ලංකා සන්ධානය සමඟ ප්‍රංශයේ ජීවත්වෙන සියලු ශ්‍රී ලාංකිකයින්ගේ යුතුකම සන්ධානය සමඟ අත්වැල් බැඳගෙන අනෙකුත් ජයග්‍රහණ වෙනුවෙන් සටන්කොට ජයගැනීමයි (නි)
ප්‍රංශයේ පැරිස් ලංකා සන්ධානය කළ සේවයට අපගේ මේ සුබ පැතුම්! (නි)
සඳරුවන් ලන්ඩන්, ඔයා කියා ඇති පරිදි නියම සරණාගත බව ලැබෙන අයට ලංකාවේ පාස්පෝර්ට් ඉල්ලීමට කිසිදු අයිතියක් නැත. නමුත් සරණාගත බව ඉල්ලා ප්‍රතික්ෂේප වුණ අයට ලංකාවේ පාස්පෝර්ට් එකක් අවශ්‍ය වනු ඇත. එහෙම කෙනෙකුට හා සරණාගත බව ඉල්ලුම් නොකළ කෙනෙකුට පාස්පෝර්ට් එකක් අවශ්‍ය වනු ඇත. ඉහත චක්‍රලේඛනය වලංගු වන්නේ එහෙම අයටයි (නි)
මේ නිසා පැනගිය කොටින්ට ලංකාවට එන්න පුළුවන් වෙනවා නේද. (නි)
රාජා, පැරිස් ලංකා සන්ධානයට ශක්තිය ලැබේවා නෙමෙයි, ශක්තිය දෙන්න එකතු වෙන්න කියලයි මම නම් කියන්නේ (නි)
හොඳ විස්තර ඇතුළත් ලිපියක් (නි)
ජාතිවාදය හැමතැනමටම නොසුදුසු බව කරුණාවෙන් සලකන්න (ම)
පැරිස් වල ජාතිවාදී පිරිස් සැරිසරයි කල්පනාවෙන් ඉන්න... (ර)
ඒ අයට වෙන මොනවා කරන්නද ජාතිවාදය අවුස්සනවා ඇරෙන්න (බ)
ජාතිවාදය අවුස්සන එක හරිම නරකයි ..අපි ඔක්කොම මිනිස්සු ..(බ)
අපි ඔක්කෝගෙම ලේ කොලපාටයි ඉතින් මොකටද ඕවා (බ)...
බුද්ධ දර්ශනය තුල ජාතිවාදයට ඉඩක් නැත ...(බ)
පැරිස් එකමුතුවට ජයවේවා! (නි)
නිමල්, අපේ පාට කොළ... අපි නැහැ කලබල... (නි)
නිමල්, අපිත් ඉන්නේ පැරිස් වල තමයි. කතාව දෝලාවෙන් ගමන පයින් (නි)
නිමල් පැරිස්, ඉදිරියේදී කොළපාට එකතුකරන්න වෙන්නේ කුල්ලෙන් තමයි, පොළලා (නි)
නිමල්, ඔයාලගේ පාටද කොළ? (නි)
මදුර, ඔයාගේ කතාව හරි. ඌරාගේ මාළු ඌරාගේ ඇඟේ තියලා කැපුවා නේද.? (නි)
අනුර පැරිස්, මිනිසුන්ට කියලා දෙන්න පුළුවන්. නමුත් මොළේ දෙන්න බැහැ (නි)
බණ්ඩාර පැරිස් ...ඔබ හරියටම හරි ...මදුර පැරිස් ලා එයාලා ගේ වැඩේ අති සාර්ථකයි ජයවේවා ...(බ)
ඔගස්ටින් ඔබහරි ..ඇග තිබුණාට ,කට තිබුණාට ,ලොකු ඔලුවක් තිබුණාට ඇතුල හිස් ..(ම)
ඇත්තටම මේ දේ කරපු එක ලොකු දෙයක්.(හේ)
සනත්, මෝඩ කතා කියන්න එපා. ඔයාගේ ඇත්ත එළිවෙයි (නි)
සනත් පැරිස්, ඔයා ළඟ තිබෙන කතා ටික කිවුවා නම් ඉවරනේ (නි)
රන්ජිත් පැරිස්, මොකද්ද අර ලක්ෂ පහේ කතාව? (නි)
අද පැරීසියේ නැති වුණත් හොද වැඩක්. ජයවේවා (ම)
කුමන හෝ පුද්ගලයෙක් සරණාගත විදියට විදේශ රටක රැකවරණ ගතහොත් ඔහුට හෝ ඇයට අවුරුදු පහක් යන තුරු තම මවු රටට යා නොහැක . ඔවුන්ගේ සරණාගත බව පිළිගන්න ඕනෑම රටක් ඔවුන් එම රටේ පුරවැසියන් ලෙසට පිළිගන්නවා . මේ රටවලට හොරෙන් ලංකාවේ පස්ස්පෝර්ට් එක තියාගන මොවුන් කරන්නේ ට්‍රාන්සිට් වෙන රටේ ඉදල ලංකාවට ලංකාවේ පාස්පෝර්ට් එකෙන් එනවා (බ)
පැරිස් එකමුතුවට ජයවේවා....(බ)
එදා ( පැරිස් එකමුතුව ) අද ( ප්‍රාන්ස් ලංකා සන්දානය ) ලෙස කටයුතු කරනබව පැරිස් ශ්‍රී ලාංකිකයෝ දනිති ...(බ)
සන්ධානයට ..ජයවේවා .ජයවේවා ..ජයවේවා. (බ)
පැරිසියේ සටනින් සියලුම විදේශ ශ්‍රී ලාංකිකයන්ට සහනයක් ලැබුණා . පැරිසියේ එකමුතුවට පින් දෙන්න (බ)
මෙම අයිතිවාසිකම් ලබා දෙන්න තානාපති තිලක් රණවිරාජා මහතා ගොඩක් වෙහෙසුණා (බ)
මේවා දිනාගන්න පැරිස් එකමුතුවේ කැඳවුම්කරු පුෂ්පසිරි අල්විස් මහතා සහ එකමුතුවේ පිරිස් හා එකතුව තානාපති තිලක් රණවිරාජා කළ සේවය අපි ඉතා ඉහළින් අගයකරමු (නි)
පැරිස් එකමුතුව මේ කටයුත්තේදී විශාල මෙහෙවරක් කළ බව පැරිස් වල ඉන්න ලාංකිකයෝ හොඳින් දන්නවා (නි)
නියමයි. ජයවේවා! (නි)
පින්තූරයේ ඉන්න පිරිස අපි හොඳට හඳුනනවා. මෙයාලා අවංක පිරිසක් (නි)
අඬන්න ඕනෑලු කිරි එරෙන්න. යහපාලනය යහපත් වේවා! (නි)
පෙරටුගාමීන් ඔවුන්ගේ නායකයා වෙනුවෙන් ඉල්ලා සිටියේත් මෙවැන්නක් නේද? (ම)
ඒක ඇත්ත .පැරිස් එකමුතුව තමයි පලමු ගඩොල තිබ්බේ .ඊට පස්සේ වෙන වෙන අයත් පස් ,සිමෙන්ති ,ලී දඩු ,උළු කැට තිබ්බා .කොහොම හරි වැඩේ කෙරුනනේ .දැන්වත් සමගියෙන් සිටපල්ලා (බ)
මේ කරපු සේවයට පැරිස් සන්දානයට ස්තුතියි ..(ම)
ඒ්ක හොඳයි.(හේ)
පැරිස් සන්ධානයේ කට්ටිය ඉදිරියටත් අපි හැමෝටම හොඳ දේවල් කරයි කියලා අපි හිතනවා (නි)
පැරිස් සන්ධානයට ජයෙන් ජයම වේවා! ජයවේවා! (නි)
"දේශපාලන හේතු මත හෝ වෙනත් රාජ්‍ය තර්ජන හේතුවෙන් ජීවිතය බේරාගැනීම සඳහා තම මව්බිම හැර ගොස් විදේශ රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට" මොකටද ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්? ඒ අය සරණාගතයෝ බැවින් ලංකාවට නීත්‍යානුකුලව යා නොහැකියි. මෙවැනි සරණාගතයින් ලෙස පෙනීසිටින 95% වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එරෙහිව බොරු දෝෂාරෝපණ එල්ල කර යුරෝපීය රටවල රැඳෙන්නයි සෑම උත්සාහයක්ම ගන්නේ. (නි)
පැරිස්... සන්ධානයේ... පිරිස මේ කළ සේවය මුළු ලෝකයේම විසිරි සිටින ශ්‍රී ලාංකිකයනට කළ මහගු සේවයක් ..(හේ)
අවුරුදු ගණනක් නොලැබුණු දෙයක් ලබාගන්න ලබාදෙන්න පැරිස් තානාපති තිලක් රණවිරාජා මහතා සමග පැරිස් සන්ධානය මේ කල සමාජ සත්කාරයට පිං..(හේ).
පැරිස් විතරක් නොව මුළු මහත් ලෝකයේම ජීවත්වෙන ශ්‍රී ලාංකිකයනට මේ කළ සේවයට පැරිස් තානාපති තිලක් රණවිරාජා මහතා සමඟ උරෙන් උර ගැටී වෙහෙසවී මේ මහා සේවාව සිදුකිරීමට මැදිහත්වූ පැරිස් එකමුතුව, දැන් පැරිස් සන්ධානය විධායක කමිටුව සිංහල ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියවෙනු ඇත (නි)
මෙය පැරිස් එකමුතුවේ පළමු ජයයි. ඉතිරි සියල්ල නුදුරේදී පැරිස් එකමුතුව කැපවී ඉටුකරනු ඇත (නි)
පැරිස් එකමුතුව, පැරිස් සන්ධානයට ජයවේවා! (නි)
මේ මුවාවෙන් අනවශ්‍ය පුද්ගලයින්ටත් වාසි ලබාගන්න හැකිවේවි නේද?
කල්ගියත් කමක් නැහැ, ප්‍රශ්න විසඳෙනවා නම් ලොකු දෙයක් (නි)