බොස්නියාවේ ජිවත්වන හර්ජබින් කමෙන්ජාස්ගේ වයස අවුරුදු අටකි. ලිව්කෙමියා රොගයෙන් පෙලෙන හර්ජබින්ට ජිවත් වීමට ඇතිතේ තවත් මාසයකටත් අඩු කාලයක් බව වෛද්‍යවරු පවසති.
දෑඩි වෙදනාවකින් පසුවන දෙමාපියන් හජබින් කෑමති ඔනෑම දෙයක් ලබා දිම සදහා උත්සුක වෙති. හර්ජබින්ගේ දැඩි ආසව මත ඔහුගේ දෙමාපියන් ඔහුත් රැගෙන පසුගිය දා පැරිසියට ගියේ ඔහු අසා කරන පාපන්දු තරඟාවලියක් දැක ඔහු කැමතිම පාපන්දු ක්‍රිඩකයාත් සමග කතා කිරිමට අවස්ථාවක් ලබාදිම සදහාය.
මියයෑමට සිටින තම පුතුගේ එකම ආසාව ක්‍රිඩකයා සමග කතා කිරිම බව තරගාවලිය ආරම්භයට පෙර අදාල පාපන්දු ක්රිඩකයාට දෙමාපියන් පැවසුවත් තමා කාර්යබහුල නිසා ඒ සඳහා අවස්ථාවක් උදා කර දිය නොහැකියැයි ක්‍රීඩකයා පවසා තිබේ.
දෙමාපියෝ කදුළු පිරි දෙනෙතින්පුතා ද සමග නැවත බොස්නියාවට පැමිණි බව ඩේලි මේල් පුවත්පත පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදලට සියල්ල තීරණය වෙන වර්තමාන ලෝකයේ ,ඒ පුංචි දරුවාගේ අන්තිම කැමැත්තත් මුදලටම යටවුණා.ඔය කියන ක්‍රීඩකයා වෘත්තිය ක්‍රීඩකයෙක් වෙන්න ඇති.ඔහු ළග මුදල් ඉපැයීමේ ආශාව මිස මනුස්සකමින් පිරුණු හිතක් නැතුව ඇති.නැත්නම් ජීවිතයත් මරණයත් අතර ඉන්න ඒ පුංචි පැටියා ගැන හිත උණු නොවුණේ?ඒ මොනවා වුණත් වෛද්‍යවරුන්ගේ අනුමානය බොරු වේවා!!!! ඒ පුංචි පුතා ඉක්මනින් සුව වේවා!!!! (නි)
එම ක්‍රීඩකයාගේ ජනප්‍රියත්වය පිරිහීමට ලක්වේවා! (නි)
අනේ! ඒ පුතාට කිසිම කරදරයක් වෙන්න එපා.සනීප වෙන්න ඕනෑ ඉක්මනටම. (නි)
මේ මගේ නමින් එක එක අය අදහස් දානවා,පෙහෙදිලි කිරීමක් පමණි
ගල් හදවත් දිය වෙන්නේ කවදාද? (දී)
ආත්මාර්ථකාමී බව රජයන ක්‍රීඩකයෙක්, සැමදේම මුදලට. වෛද්‍ය සිසුවෙක් ලංකාවේ කියනවා අපි මේක ඉගෙන ගන්නේ මේකෙන් හොඳටම සල්ලි හම්බ කරන්න පුළුවන් නිසා කියලා. (ස)
මට ක්‍රිස් ගේල් මතක් වෙනවා. එයාගේ අතින් බෝලයක් වැදිලා තුවාල වුණ ළමයෙක් බලන්න රෝහලට යන්න තරම් නිහතමානී වුණ උසස් ගනයේ ක්‍රීඩකයෙක් (නි)
ගල් කවදාවත් දියවෙන්නේ නැහැනේ (දී)
ඇයි මීට කලින් ක්‍රීඩකයෝ දැකලා නැද්ද? නිකන් යනවා මනුස්සයෝ යන්න කියලා කියන්න ඇති. හරිම ශෝචනීය සිද්ධියක් (නි)
මම චන්දිත් එක්ක තරහම තරහයි.මහා නරක කෙල්ලෙක් ඔයා (නි)
දෙමව්පියෝ, සහෝදරයෝ, ළමයි, මිත්‍රයෝ මේ සියල්ල අපේ අතමිටේ තියාගන්න ඕනෑ. එවිට ඒවා ලැබීමෙන් හෝ නොලැබීමෙන් හෝ වෙන්වීමෙන් අපගේ දුක පාලනය කරගන්න පුළුවන් වේවි. එහෙත් දෙවියන්ව පමණක් සිතේ/ හදවතේ දරාගෙන සිටියොත් දෙවියන්ගේ ආදරය, කරුණාව, දයාව අසීමිතව ලැබෙයි. සියලු ප්‍රශ්න ඉවසන්න, දෙවියන්ට බාරදෙන්න ඉන්පසු ප්‍රථිපල බලාපොරොතු වන්න. (නි)
අනේ ඔව්, ඩොක්ටස්ලගේ කීම මුසාවක් වෙලා මේ දරුවාගේ අසනීප තත්වයන් සුව ''වේවා' කියා මමත් ප්‍රාර්ථනා කරනවා. මහා උද්දච්ච ක්‍රීඩකයෙක්. ඔහුට මගේ අප්‍රසාදය ....!! (ස)
කවුද ඒ? නම එක්ක දැම්මා නම් තමයි හරි. පොඩි එකෙක්ගේ අන්තිම කැමැත්තවත් ඉටු කරන්න බැරි ලංකාවේ දේශපාලකයෙක්වද්ද? (නි)
වෛද්‍යවරුන්ගේ කීම සිදු නොවේවා! දිඝායුවේවා ඒ දරුවට. සමහර විට දරුවට කලින් පාපන්දු ක්‍රීඩකයා සොයා මාරු යා හැකියි. එයා ඒක දන්නෑ (අ)
අපේ ක්‍රිකට් කොල්ලෝ ඒ අතින් විශිෂ්ටයි. දන්නා නිසා කියන්නේ. (අ)
ඇත්තමයි (අ)
දරුවට ඔය ක්‍රීඩකය දැකල යන්න වෙන්නේ සතර අපායෙ . (අ)
ලංකාවේ කාවහරි යවමුද? (නි)
වෛද්‍යවරුන්ගේ අනාවැකි බොරු වී ඒ බබාට ඉක්මන් සුවය ලැබේවා! (නදී)
මට්ටකුන්ඩලී මරණාසන්න මොහොතේ එතනට ලොව්තුරා බුදු රජාණන් වහන්සේ වැඩිය නිසා උන් වහන්සේගේ රූපයෙන් සිත පහදවාගෙන තව්තිසා දිව්‍ය ලෝකේ උපත ලැබුවේ නිදා පිබිදුනාක් මෙනි.මේ ටික ඒ ළමයට ට්‍රාන්ස්ලේට් කරලා යවන්න පුලුවන්නම් !(නදී)
ක්‍රීඩකයෙක් වුණාට මොළේ නැති කෙනෙක්. ඒ අම්මා තාත්තට කොපමණ දුකක් හිතෙන්න ඇද්ද? අසරණ දරුවට ඉක්මන් සුවය ලැබේවා! (නි)
ඔය දරුවට තම රටේ වෙන කිසිවෙක් හිටියේම නැද්ද මුණගැහෙන්න? (නි)
ඔහොම උද්දච්ච ක්‍රීඩකයෝ ඉන්නවා. මෙයාට නම් මැරෙන්නත් වෙලාවක් නැති වෙයි, ඒ තරමටම බිසී. (නි)