මිගෙල් ට්ර්විනෝ මොරාලෙස් නම්වූ මෙක්සිකෝවේ සිටි දරුණුතම කුඩු අපරාධ කරු පසුගිය සඳුදා එරට හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සේටාස් නම්වූ අපරාධ කල්ලියේ නායකයා ඔහුය. ඔවුන්ගේ ප්‍රධානතම කාර්යය වුයේ ලොවපුරා මත්ද්‍රව්‍ය බෙදාහැරීමය. වයස අවුරුදු 40ක් වූ මොරාලෙස් හිත පිත් නැති කෘර අපරාධකරුවකුලෙස නම් දරා සිටියේය. අත්අඩංගුවට පත්වනවිට නවීන අවි ආයුධවලින් සන්නද්ධව සිටි ඔහුගේ අතේ ඇමෙරිකා ඩොලර් විසි ලක්ෂයක් (රුපියල් ලක්ෂ 2560) තිබුණ බවද වාර්තා විය.
මහා පරිමානයේ කුඩු ජාවාරමට අමතරව මොරාලෙස් නායකත්වය දුන් සෙටා අපරාධ කල්ලිය මං පැහැරීම්, කොල්ලකෑම්, පැහැරගෙනයෑම් සහ දස වධදී මිනිසුන් මරාදැමීම් පිළිබඳව ප්‍රසිද්ධියක් ඉසිලීය.
තමන්ගේ ක්‍රියාපටිපාටියට එරෙහිවන්නන් අමු අමුවේ මරාදැමීමත් මළසිරුරු එළිමහනේ ප්‍රදර්ශනය කිරීමත් ඔවුන් නිතර සිදුකළ දෙයකි. සෙටා අපරාධ කල්ලිය අතින් දහස් ගණනක් මියයන්නට ඇතැයි බොහෝදෙනා විශ්වාස කරති.
2009 දී ඇමෙරිකාවේ නිව්යෝක් අධිකරණය මඟින් මොරාලෙස් මිනීමැරීම්,කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා වරදකරු ලෙස තීන්දුවක් දී ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට ඔත්තුවක් සපයන්නෙකුට ඇමෙරිකා ඩොලර් ලක්ෂ 50ක් (රුපියල් ලක්ෂ 6400) තෑගී දෙන බවටද ප්‍රසිද්ධ කර ඇත. මෙම නඩුවේදී ට්රේවිනෝ මොරාලෙස් මෙක්සිකෝවේ සිට ගෝතමාලාව හරහා ඇමෙරිකාවට සතිපතා කොකේන් සහ ගංජා මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් හොරෙන් ගෙන ගිය බවටත් එමඟින් උපයාගත් මුදල් ආපසු මෙක්සිකෝවට ගෙන ගිය බවටත් ඔහු වරදකරු කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් උදේ හවා හම්බවෙන් ඔක්කොම කුඩු මේ භූතයන්ට පොවන්න තියෙන්නේ. රහද කියලා බලන්න.(නදී)
කුමාරි නෝනේ, වතුරේ දිය කරලද කුඩු පොවන්න හදන්නෙ. :D (පොඩි විහිලුවක් කොලේ හොදේ) (නි)
කුඩු රජ්ජුරුවෝ නම් ඔන්න අහු වුනා කියමුකෝ. ඒ වුනාට කුඩු කුමාරවරු ඉන්නවනේ ලෝකේ පුරාම. අපේ රටෙත් ඔය ඉන්නේ. කුමාරවරු යයිද දන්නේ නෑ පිය රජතුමාව බේරගන්න. (නදී)
අනේ මමත් කුඩු රජෙක් තමයි. මාවත් අල්ලන්නකෝ.(නදී)
හරි නම වෙන්න ඕනේ "මිගෙල් එන්ජල් ට්රේවිනෝ මොරාලෙස්" පාතාලේ නම Z -40 කියල. මෙයාගේ බලය කොතරම්ද කියනවනම්.. මෙක්සිකෝවේ රජයේ හමුදාව වැඩි පඩියට මෙයාගේ සංවිදධානයට බැඳුනා එතකොට "ලොස් සේටාස්" කිව්වම ඔක්කම පන බයේ දුවනවා මොකද රජයේ ට්‍රෙන් කරපු කුලී හමුදාවක් තම මෙයාට හිටියේ. විනෝද කාමී වැඩ : ඇමරිකන් බොර්ඩර් එකෙන් ගැහැණු ළමයි දෙන්නෙක් ආවලු නිවාඩුවට, මෙක්සිකෝ බොඩරය පහුකරම මෙ ළමයි දෙන්න "පොලිසියෙන්" නවත්තල ප්‍රශ්න කිරීම් වලට ගෙනයනවා කියල ..පොලිසියෙන් මේ කුඩු කාරයෝ සතුටුකරන්න තෑගි වශයෙන් දීල ..එතකොට ඔයගොල්ලන්ට හිතා ගන්න පුලුවන්ද මෙයාගේ බල පුළුවන් කාර කම්. මේ ළමයි දෙන්නගේ තාත්ත මෙකසීකෝවට ඇවිත් පොලිසියෙන් සහයෝගයක් නැතිනිසා මේ පිලිබඳ ..මානව සන්විදාහනයකට කියල .. මේක ඇමරිකන් ටීවී එකේ යද්දී විනාඩි පහක් යන්න කලින් ඇමරිකන් පොලිසියෙන් කියල "ලොස් සේටාස්" දැන් ඔයාගේ ගෙදරට එනවා ඔයාව මරන්න ..ඉක්මනට පැනගන්න කියල.. කුඩු බිස්නස් එක සම්පුර්ණ කොලොම්බියාවෙන් උඩ සහ මෙක්සිකෝවට යනකම් මෙයා තමා අල්ලාගෙන හිටියේ. වෙන සංවිදාන වල කට්ටිය මෙයාට තර්ජනයක් උනාම මෙයා කරන්නේ "ස්ටු" එක දානවා කියල ඒ කියන්නේ පන පිටින් බැරල් වල මිනිස්සු දාල පෙට්‍රල් ලාම්පුතෙල් දාල ගිනිතියනවා .. පොලිසියට සාක්ෂි නැ එත් ට්‍රේඩ් මාක් එකෙන් දන්නවා කවුද කලේ කියන්න. තව ක්‍රමයක් තමා මෙනිස්සු අත බැඳලා වෙඩ් තියල "අයිස් පික්" එකක් පපුවට ගහල නොට් එකක් දල යනවා "අපිට විරුද්ද වෙන හැමෝම ,සාමාන්‍යය ජනතාව හා පොලිසියට මේ ඉරම තආ අත්වෙන්නේ කියල" විරෝදය පාන කට්ටිය මරල "හයිවේ" වල පල්ලහට දානවා ලනු වලින් එල්ලලා .. තව හිස ගසා දැමීම ..පවුල් පිටින් මැරීම පොඩි ළමය පවා ඉඳල . මෙක්සිකෝවේ සිටින හා හිටපු සංවිදාන වලින් මෙලෙච්ච්තම කුඩු නායකයා තමා මෙයා. (අ)
අනේ මම හිතුවේ පළවෙනිය ඉන්නේ අපේ රටේ කියලා (නි)
අපේ ගංජා රජා කවදා කොටුවෙයිද මන්දා? (නි)
එතකොට අපේ කුඩු රජට වඩා මෙයා ලොකුයිද ? අපේ කුඩු රජාව කවදද අනේ අල්ලන්නේ? (අ)