ඇමරිකාවේ ටෙක්සාස් ජනපදයේ මිනිස් දිවියෙක් (මැනිමල්) වෙසෙන බව වාර්තා වේ. හතළිස් හැවිරිදි ලාන්ස් බි්රස්ක් නම් ඔහු වෘත්තියෙන් පච්ච ශිල්පියෙකි. දිවියෙකු ලෙස වෙස්වලා ගැනීමත් සමග ඔහු ලැරි ද ලෙෆර්ඞ් යන නමින් නගරයේ කාඅතරත් ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වී ඇත.
කුඩා කළ සිට ඇතිවූ බලවත් ආශාව නිසා ඔහු දිවියකු සේ ඇඟ පුරා පුල්ලි ලෙස පච්ච කොටා ගෙන ඇත. එසේම ඔහු ඇවිදින්නේද දිවියෙකු සේය. තමා භාගයක් මිනිසෙකු හා භාගයක් දිවියෙකු ලෙස හැසිරීම නිසා සත්‍ය ලෙසම ඔහු ‘මැනිමල්’ කෙනෙක් බව ඔහු විශ්වාස කරයි.
එසේම මෙම ප්‍රතිරූපය ඔහුට දිවියෙකු සේ කරුවලේ පෙනීම, රාති‍්‍ර කාලයේ දඩයම් කිරීමට හැකි වීම, වේගයෙන් දිවීමට හැකි වීම ආදි බලය ලබා දෙන බවත් ඔහු පවසයි.
අවුරුදු 20දී ඔහුට මෙම ආශාව ඇති වී ඇති අතර ඒ සඳහා පච්ච ශිල්පියෙකු මුණ ගැසුණු අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ දෙමව්පියන්ගෙන් අවසර ගෙන එන ලෙසයි. නමුත් දෙමව්පියන් මේ සඳහා ඔහුට අවසර දී නොමැත. මේ හේතුව නිසා ලාන්ස් පවුලේ කිසිම කෙනෙක් සමග සමීප සම්බන්ධතා නොපවත්වන බවද සඳහන්ය.
එක්දරු පියෙක් වන ඔහු කාටුන් චරිතයක් ලෙස බැලූ බැල්මට දිස්වේ. ඔහු සමග පාරේ ගමන් කිරීම විටෙක මහත් පීඩාකාරී හිසරදයක් බව ඔහුගේ පෙම්වතිය ජුලියා රූත් (29) කියන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් සත්තුන්ට නේ අද කාලේ මිනිස්සු කැමති වැඩේ හරි .මේක පිස්සුවක් නොවේ .හැමෙකෙන්ම බේරෙන්න පුළුවන් මෙයාට.(නදී)
ලංකාවෙත් හිටිය කොටි මිනිහෙක් , හැබැයි දැන් නම් නැහැ. එය දැක්කනම් මෙය දුවනවා සිකුරුයි! හැබැයි තම බැටළු හම පොරවගත්ත කොටි රැලක් නම් ඉන්නවා , උන්ටත් වැඩි ආයුෂ නැහැ (අ)
මමත් කොටි මිනිහෙක් තමයි. තවම මාව කවුරුවත් හරිහැටි ඇඳිනුවේ නැතුවාට. (නි)
හතර ගාතෙන් යන්නේ නැත්තේ ඇයි හැබෑටම? (නි)
ලංකාවේ නම් ඔය වගේ අයට ප්‍රතිකාර කරන්න වෙනම රෝහලක් තියනවා. ඇමෙරිකාවේ එහෙම තැන නැද්ද ? (නි)
වරුණ, ඔයත් මෙහෙම ගියානම් හොඳයි නේද? තැන තැන ගිනි තියන්නේ නැතුව ! ඔයා කොහොමත් කොටි හම පොරෝගෙන නේද ඉන්නේ. (ස)
මේ මිනිස්සුන්ට කාලා බිලා නිදහසේ ජිවත් වෙන්න බැරුව කරන විගඩම්? (නි)
මල කෝලන් මෙයාට පිස්සු හොදටම (දී)
අම්මපා! ලෝකේ දියුණු රටක ජීවත් වුණත් මේ මිනිස්සු එක්ක බලනකොට අපේ මිනිස්සු මොන තරම් ශ්‍රේෂ්ටද කියලා හිතෙනවා (නි) මගේ රටට දළදාහිමි සරණි
කෝ නැට්ට ? (නි)
මල් දෙනියේ සිමියොන්.(නධී)
සිංහ හම පොරවාගත් හිවලා වගෙයි. මෙයා හොඳයි ගොන් කරත්තයක බඳින්න. ඇත්ත දිවියෙක් ලඟට ආවානම් මුත්‍ර පිටවෙයි.(නදී)
මම නම් පච්චයක් අතේ විතරයි ගහගෙන ඉන්නේ (නි)
මේ වගේ මිනිහෙක්ව කසාද බැඳගත් ඒ කාන්තාව කොහොම කෙනෙක්ද දන්නෙ නැහැ. දියුණු කියන රටවල ඉන්න නොදියුණු මිනිහෙක්. (නි)
කෝ මෙයාගේ වල්ගේ.(නදී)
මෝඩකමේ උච්ඡ අවස්ථාවක්. (නි)
ඕක මානසික රෝගයක්. සමහර යුරෝපා රටවල ඔය වගේ නරි නාටක මම ගොඩක් දැකලා තිබෙනවා. හැබැයි බොහොඕ දෙනා කිසියම් මානසික අසහනයකින් පෙලීම. මත්ද්‍රව්‍ය වලට යොමුවීම වගේ දෙවලුත් මේ සමගම තියෙනවා.(නදී)
ඇමෙරිකන් පිස්සෝ! (නදී)
හැමතැනම පුල්ලි තියෙනවද?(නදී)
මේ වගේ මෝඩයෝ මේ ලෝකෙත් ඉන්නවනේ මල සමයන්.(නදී)
පිස්සු නැත්නම් ෂෝක්.(නදී)
ඩයස්පෝරාවෙන් අල්ලගෙන යයිද දන්නේ නැහැ (නි)
නියම ලිපියක් (නි)
ෂා මරු,ලංකාවේ මේ විදියට කර ගන්න තැනක් තියෙනවද ?(නදී)
පිස්සු හරකෙක්.(නදී)
දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ.... ඒත් ලබපු වටිනා මිනිස් දිවියට, දිවි දිවියක් බලෙන් ලබා ගෙන.(නදී)
ඇමෙරිකාවේ මිනිස්සුන්ට තියෙන්නේ හරිම පිස්සු ආසාවක්නේ.(නදී)
මැරිල ගිහිල්ලත් දිවියෙක්ගෙ බඩේ තමයි.(නදී)
මාරු, මාරු ලංකා දීප කවදත් නො 1.(නදී)
පිස්සුද මන්දා? (නි)