බි්රතාන්යයේ විලියම් කුමරුගේ බිරිය කැතරින් (කේට්) මිඞ්ල්ටන් ආදිපාදවරිය ගැබ්ගෙන සිටින බව බකිංහැම් මාලිගය ඊයේ (4) නිවේදනය කළේය.
ගැබිනියක වීමේ ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමඟ 30 වැනි වියෙහි පසුවන කේට් කුමරිය පෙරේදා සවස රෝහල් ගත කළ බවත් එහිදී ඇය ගැබිනියක බව තහවුරු වූ බවත් වාර්තා වේ.
කේට් කුමරිය ගැබ් ගැනීමේ පී‍්‍රතිමත් පුවත විලියම් කුමරු විසින් මාධ්‍යවෙත නිකුත් කරනු ලැබුවේ ඊයේ උදෑසනය.
බි්රතාන්ය වැසියන් පමණක් නොව රජ පෙළපත ඉදිරියට ගෙන යෑමට පුතකු හෝ දුවක හෝ ලැබීම ගැන දෙවැනි එලිසබත් මහ රැජින ඇතුළු රජ පවුලේ සැවොම ඉමහත් පී‍්‍රතියට පත් වූ බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
විලියම් කුමරු සහ කේට් කුමරිය අතිනත ගත්තේ 2010 වසරේ දීය. බි්රතන්යයේ කිරීටයට මීළඟ හිමිකරු හෝ හිමිකාරිය වනු ඇත්තේ විලියම් කුමරුගේ සහ කේට් කුමරියට ලැබෙන පුතා හෝ දියණියයි.
කේට් කුමරිය ගැබිනියක වීමේ පුවතට බි්රතාන්ය මාධ්‍යවලින් ද විශාල ප්‍රසිද්ධියක් ලැබුණි. ඊයේ මුද්‍රණය වූ ඇතැම් පුවත්පත්වල ඒ ගැන කතු වැකි පවා පළ වී තිබුණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙරුවන් සරණයි (දී)
වාසනාවන්ත පුත්කුමරෙකු ඔබ දෙපලට ලැබේවා !!! (ස)
අනේ ඉතින් අපිට මොකද ?(ස)
පුතෙක්ම ලැබෙන්න (දී)
ලංකාවේ තෙල් මිල ඉහලට (ස)
රජ වැඩ කාරයෝ (ස)
අනේ වාසනාවන්, රජ පැටියෙක් ඉපදිලා (දී)
මේවා අඩබෙර ගහ ගහ කියන දේවල්ද ? (ස)
ඕකත් මහ දෙයක්ද ?(ස)
බ්‍රිතාන්‍යයේ සිංහාසනයේ ඉදගන්නේ ඔය බඩේ ඉන්න ඔටුන්න හිමි කුමරා හින්දා අඩබෙරගහල කියන්ඩ වටිනව.(ස)
කුමාර වරුනම් අපිටත් ඉන්නවා ඒත්.........................(ස)
ඉතින් අපිට මොකෝ (ස)
ඔවුන් තමයි අපේ රට සශ්රීකවත් කිව්වේ (ස)