නුදුරු අනාගතයේ දිනයකදී ඇමරිකාවද තම අණසක යටතට පත්කරගන්නා බවත් එදිනට ප්‍රසිද්ධියේ ඇමරිකා ජනපති බරක් ඔබාමාගේ හිස සිඳලන බවත් සඳහන් කරමින් නව වීඩියෝවක් නිකුත් කිරීමට අයිඑස් අන්තවාදීහු කටයුතු කර තිබේ.
එම වීඩියෝවේ බිම දණගැස්වූ කුර්දි ජාතික සොල්දාදුවෙකු පසුපස සිට ඇමරිකාවට, ප්‍රංශයට හා බෙල්ජියමට අනතුරු අඟවන අයිඑස් අන්තවාදීන් පිරිසක් දැක්වේ.වීඩියෝව අවසාන වන්නේ එම කුර්දි ජාතික හමුදා භටයාගේ හිස ගසා දැමීමෙනි.
පසුගියදා ප්‍රංශයේ පුවත්පත් කාර්යාලයකට අන්තවාදී ප්‍රහාරයක් එල්ල වූ අතර එම කාර්යාලයේ ප්‍රධාන පුවත්පත් කලාවේදීන් කිහිපදෙනෙකුම එම ප්‍රහාරයෙන් මරු දැකීය.බෙල්ජියමේද මෙවන් ප්‍රහාරයක් එල්ල කිරීමට අන්තවාදීන් දියත් කර තිබුණු සැළැස්මක් අනාවරණය කර ගැනීමට එරට පොලිසිය සමත්ව ඇත.
ඇමරිකාව කෙරේ නොසිඳෙන වෛරයකින් පසුවන අයිඑස් අන්තවාදීහු සැප්තැම්බර් 11 ප්‍රහාරය හා සමාන මහා පරිමාන ත්‍රස්ත ප්‍රහාරයකට පිඹුරුපත් සකසමින් සිටිය හැකි හෙයින් ඒ පිළිඹදව ඇමරිකාව සෝදිසියෙන් සිටිය යුතු බවට විචාරකයින් අනතුරු අඟවයි.
අන්තවාදීන්ට එරෙහිව සටන් දිගටම කි‍්‍රයාත්මකව පවතින අතර මුහුණට මුහුණලා සිදුවන ගැටුම් වල පෙරමුණේ සිටින්නේ කුර්දි ආරක්ෂක අංශයන්ය.මාස 2 ක් පුරා දිවූ දරුණු සටන් වලින් පසු ඔවුන් පසුගියදා අයිඑස් අන්තවාදීන්ගේ ප්‍රධාන බලකොටුවක් වුනු සිරියාවේ කොබේන් නගරය සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීමට සමත් විය.
මෙය විශාල ජයග්‍රහණයක් වූවත් සටන ඉදිරියටම ගෙනයෑමටනම් කුර්දි සේනාංක වහාම ප්‍රතිසංවිධානය විය යුතුව තිබෙන බව සටන් පෙරමුණේ සිටින මුල් පෙලේ කුර්දි ආරක්ෂක අංශ නිළධාරීන් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැද්ද ඇමරිකාව නෙමෙයි ත්රස්තවාදයයි (නදී)
ඔබාමාට මේවා හොද පාඩම්. කොටි හැත්ත ලංකාවේ අපේ මිනිස්සු, දරුවෝ දහස් ගන්නන් මරනකොට උන් කිවා නිදහස් අරගලයක කොටස් කාරයෝ කියලා. (නදී)
මෙම ලිපිය ඕමානය ට කිසිම සම්බන්ධකමක් නැහැ ." ඕමාන ,ඔබාමා වචන දෙක පැටලවිලා. ඕමානය ඉතා සාමකාමී රටක්.(හේ)
මයික්, ඇමෙරිකාව නිසා තමයි මේ ලෝකයේ ගොඩක් රටවල යුද්ධ ඇතිවෙන්නේ. ඇමරිකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය අවි ආයුධ වෙළදාම කියලා ඔයා දන්නේ නැද්ද? මේ ලෝකයම සාමකාමී වුණොත් කොහේවත් යුද්ධ නැතිවුණොත් ලෝකයේ තිබෙන දුප්පත්ම රට ඇමෙරිකාව බවට පත්වෙනවා. ඒ නිසා එයාලා කරන්නේ දියුණුවෙමින් පවතින රටවල අභ්‍යන්තරයට ඇඟිලි ගහලා ඒවා අස්ථාවර කරලා ඇතුළේ ගැටුම් ඇතිකරන එක. (නි)
ඕමානය කියන්නේ ඉතාමත් සාමකාමී රටක්. (නදී)
නියමයි (නදී)
දැන් කරන්න තිබෙන හොඳම දේ අපේ සිංහලකම රැකගන්න අපි ඉස්සරහට එන එක මිසක් කාගෙන්වත් පිහිට බලාගෙන ඉන්න එක නෙමෙයි. (නි)
සංජීව ඉතාලිය තුලත් අපට ඉතා හොඳයි. (නදී)
ටිකක් අමාරුවෙයි ඒක නම්.අපේ රටට කරන අනවශ්‍ය ඇඟිලි ගැසීම් වලට අකමැති වුවත්, කවුරු කොහොම කිවුවත් ඇමරිකාව තුළදී පිටරැටියෙකුට ලැබෙන තැන හා ගරුත්වය ලෝකයේ වෙන කිසිම රටකදී ලැබෙන්නේ නැහැ. ඒක මම අත්දැකීමෙන් කියන්නේ. එංගලන්තයේ මම අවුරුදු 2ක් ඉගෙනගත්තා. ඉතාම අප්‍රසන්න අත්දැකීම් ගොඩක් ලැබුවා. (නි)
ඇමරිකාව ඇතුවත් බැහැ, නැතුවත් බැහැ (නි)
ඕමානය ගැන මොකුත් සඳහන් වෙන්නේ නැහැනේ.? (ර)
සමන්, ඇමෙරිකාව නැත්නම් මුළු ලෝකයම අන්ත වාදීන්ට යටත් වේලා ඒක අමතක කරන්න එපා (නදී)
නමුත් පර්සි , ඔය කියන ජාතික වීරයාගේ සහෝදරයන්, ඥාතින් හිතවතුන් විතරක් නෙවෙයි කැබිනට් මණ්ඩල සාමාජිකයන් පවා ඇමෙරිකානු පුරවැසියන්. රාජ්‍ය නායකයෙකුගේ කුමන හෝ ප්‍රතිපත්තියක් වුනත් විනිවිද භාවය තිබෙන්න ඕන නේද ? (නදී)
හරියට හරි සමන්.මේ ටික තේරුම් ගත්තු අපේ රටේ ජාතික වීරයා අතිගරු මහින්ද රාජපක්ෂ මහතා.වැඩි ඇතක නැහැ එතුමාගේ අගේ රටට දැනෙන කාලය ඉක්මනින්ම පැමිණෙනවා. (බ)
ලොව සිටින අංක එකේ ත්රස්තවාදියා ඇමරිකා එක්සත් ජනපදය. සිරියාවේ මොහමඩ් අලි බසාර්ට එරෙහිව ඇමරිකාව නිර්මාණය කළ අයිඒස්අයිඑස් ත්‍රස්තයින් අද ඇමරිකාවටම ආපසු පහර දෙනවා. අල්කයිදාවත් බිහි කළේත් ඇමරිකාව. ඇමරිකාව අපට ලංවන්නෙත් ආදරයට හෝ හිතවත් කමට නොවන බව අනාගතයේදී ව්‍යසනයකින් පසු තේරුම් ගනීවි. (නදී)
ඕමානය යනු මැදපෙරදිග රටවලින් අංක 1 ට තිබෙන ඉතාම සාමකාමී රටක් බව කාරුණිකව දන්වා සිටිමු. වසර 26ක සේවා කාලයක් ගෙවන ශ්‍රී ලාංකිකයෙකු වන මා මෙම රටටත් මෙහි රටවැසියනටත් ඇත්තේ නොමද ගෞරවයකි. (නදී)
මට බය මේගොල්ලෝ නිසා අපායෙත් ඉඩ නැති වෙයිද කියලා. (දිල්)
ලෝකේ කොහෝ උනත් ත්රස්තයන් එකයි. එහෙත් ත්රස්තයන්ගේ කාලය ඉතාම කෙටි බව ඔවුන් දන්නේ නැහැ.ඔය කියනා ඒවා සිහිනෙන් වගේ කියවන දේවල් (දිල්)
පෙරේරා ඔබ හරි. ඔබාමා සහ ඕමානය පැටලිලා වගේ. (නදී)
ඒකනම් වෙන දෙයක් නෙමෙයි.(හේ)