හිස් දෙකක් සහිත ඩොල්පින් සත්වයෙකුගේ සිරුරක් තුර්කියේ ඉෂ්මිර් වෙරළට ගසා ගෙන විත් ඇත. සත්ත්වවේදින් පවසන්නේ අඩි 3.2ක් දිගැති මේ ඩොල්පින් මතස්‍යයා වයස අවුරුදු එකහමාරක් පමණ විය හැකි බවයි.
මෙම සතාට හිස් එකිනෙක බද්ධ වූ හිස් දෙකක් හා එක් වලිගයක් තිබිණි. ඩොල්පින් මුලින්ම දුටු මෙටින් (39) නමැති පුද්ගලයා පවසන්නේ එය තමන්ට අදහාගත නොහැකි වූ දෙයක් වූ බවයි.
ඔහුගේ දැනුම්දීමකට අනුව තුර්කි පොලීසියෙන් ඩොල්පින් ගෙනගොස් ඩෙනිස් විශ්වවිද්‍යාලයේ සාගර ජීව විද්‍යා දෙපාර්තමේන්තුවට භාර දී ඇත. එහි මහාචාර්ය මෙමෙට් ගොකොග්ලු මහතා පවසන්නේ මියගිය ඩොල්පින් සත්ත්වයා දෙබිඩි සත්ත්වයකු බවයි. ක්ෂීරපායීන් අතර දෙබිඩි දරුවන් බිහිවීම අරුමයක් නොවූව ද දෙබිඩි ඩොල්පින් සත්ත්වයකු දැක ගැනීම අති දුර්ලභ බව ද ඔහු කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඡායාරූපය දුටුවිට මට මතක් වුණේ පිල් මාරුකරන අපේ දේශපාලුවෝ. ඒ අයට නම් අවස්ථාවේ හැටියට ඔලු දෙකට වඩා තිබෙනවා. (නි)
අපෙත් ඉන්නවා මේ වගේ ඇමති කෙනෙක්. (නදී)
මෙවැනි අසාමාන්‍යය සිදුවිමි දකින්න බොහෝම අඩුයි (නදී)
ඔය ඩොල්පිනා ෂුවර් එකට ඉන්දියන් සාගරය හරහා තුර්කි රටට පීනලා තියනවා. (නදී)
මේ සතා පණපිටින් අපේ අයට හමුවුණා නම් මූත් අතුරුදහන්..... (නි)
අපේ සමහර දේශපාලඥයොත් ඔය වගේ තමයි !!! (නි)
ඇත්තමයි. මේ වගේ ප්රවෘත්ති බොහොම අගෙයි. ඔබ කරන මෙහෙය ඉතාම අගය කරමි (නි)