තමන්ගේ හිස මත තිබිය යුතු යතුරු පැදි හිස්වැස්ම එළුවෙකුට පළදවාගෙන යතුරු පැදියේ ගිය ඉරාන ජාතික තරුණයෙන් පසුගියදා ඉරානයේ කුවස්වින් නගරයේදී දැකගත හැකි විය.
එළුවා සිටියේ යතුරු පැදියේ ටැංකිය මතය. සතාගේ හිඳ පළදවා තිබුණේ යතුරු පැදි හිස්වැස්මකි.
තවත් පුද්ගලයෙකු යතුරු පැදියේ පසුපස ආසනයේ අසුන්ගෙන සිටි අතර ඔහු තම උකුල මත තවත් එළුවකු රදවාගෙන සිටියේය.
මොවුන් දෙදෙන සත්ත්ව ගොවිපලක සේවය කරන්නවුන්යැයි සැළකේ.
\

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙන්නත් මතු අත්මවලදී, මේ විධියටම ගෙනියාවී, සමහර විට මේ දෙන්න ගිය ආත්ම වලදී එළුවෝ වෙන්න ඇති, එළුවෝ දෙන්න මිනිස්සු දෙන්නෙක් වෙන්නත් පුළුවන්, පව කැරකෙන්නේ රෝදය වගේ, මිනිස්සු එක තේරුම් ගන්න කැමති නැහැ. තමුන්ගේ වාසිය නැතිවෙන නිසා. (ස)
අයියෝ! ප්‍රනීත්, දන්නේ නැද්ද, එළුවාගේ ඔලුවනේ වැඩියෙන් වටින්නේ (නි)
සතුන්ට මොකටද හෙල්මට්? (නි)
ඌව ඉතින් කොහේද ගෙනියන්නේ? (නි)
මහදැනමුත්තා එළුවාගේ හිස කළගෙඩියේ හිර වූ විට කළ දේ මට මතක් වෙනවා (නි)
එළුවාගේ අන් දෙක මූනේ වදිනවට තමයි හෙල්මට් එක දාලා තියෙන්නේ. හැම දේ දිහාම ලංකාවේ පොලිස් ඇසෙන් බලන්න එපා (නදී)
එළුවාගේ මොළය මේ දෙන්නාගේ මොළ වලට වඩා වටිනවා ඇති (නි)
එලුව බෑ කිවේ නැත්ද දන්නේ නැහැ (දී)
හොඳට බලන්න, එළුවාගේ කකුල් හතරම ගැට ගහලා. ඌ මරන්න ගෙනියන්නේ. පව් අහිංසක සතා (නදී)
සත්ව හිංසනය (දී)
මිනිස්සුන්ට වඩා එළුවන්ට මොලේ ඇති ඒ රටේ (නදී)
සතුන්ගේ අයිතිය සහ ඔවුන් ගැන මිනිස් සිතට ඇතිවෙන චේතනා ගැන ලෝකයේ නිවැරදිම සහ සාධාරණම විනිශ්චය දුන්නේ බුදුන් වහන්සේයි. එය සදාකාලික සත්‍යයක්. (නි)
එළුවා රැකුනොත් හරි මිනිස්සු මැරුණට කමක් නැහැ (දී)
එළුවා පව් (අ)
මමනම් එළුමස් කන්නේ නැහැ මොකද ගණන් හින්දා (දී)
දේව පූජාවක් (දී)
ලංකාවේ මිනිස්සු ගැන මේ කල්පනා කලේ.....පොඩි දෙයක් දැක්කත් එක ලොකු කරගෙන ඔහේ හරක් වගේ කියවනවා ...... (දී)
එලුවයි යතුරු පැදිය පදවාගෙන යන කෙනයි දිහා හොඳට බලන්න. අනේ මන්දා මටනම් මොකක්ද වගේ. (දී)
මුට්ටියක්නේ දාන්න තිබුණේ (නි)
මිනිස්සුන්ට නැහැ (දී)
දැන් කවුද එළුවා මම දන්නා තරමින් සත්තු හෙල්මට් දාන්නේ නැහැ (දී)
මේ දෙන්නත් මතු අත්මවලදී, මේ විදිහටම ගෙනියාවී, සමහර විට මේ දෙන්න ගිය ආත්ම වලදී එළුවෝ වෙන්න ඇති, එළුවෝ දෙන්න මිනිස්සු දෙන්නෙක් වෙන්නත් පුළුවන්, පව කැරකෙන්නේ රෝදය වගේ, මිනිස්සු එක තේරුම් ගන්න කැමති නැහැ. තමුන්ගේ වාසිය නැතිවෙන නිසා. (දී)
බලන්න, සතුන් මරාගෙන කන්න අදහසක් තුන් හිතකවත් නැති මිනිසුන් එළු ඔලුවකට වුණත් දක්වන ආරක්ෂාව සහ සැළකිල්ල (නි)
අහිංසක සතුන්ව කොහේද ඔය ගෙනියන්නේ? (නි)
එළුවාට හෙල්මට් දැම්මට කෝ මිනිසුන්ට හෙල්මට්? (නි)
තමන්ගේ ඔලුවට වඩා එළුවාගේ ඔලුව වටිනවා කියල ඒ මනුස්සයට හිතුනද දන්නේ නැහැනේ? ඒ නිසා ඒ මනුස්සයන්ගෙන්ම අහල බලන්න ඕන ඇයි එහෙම කරන්න හිතුනේ කියල....(ස)
කොහේද දන්නෙ නැහැ ඌව හෙල්මට් පළඳවාගෙන ගෙනියන්නේ? (නි)
අනේ මන්දා මෙහෙමත් වැඩ! (නි)
එළුවා හරිම වටිනා සතෙක් වගෙයි (නි)
බලන්නකෝ අරගෙන යන විදිය.... (නි)
හෙල්මට් දමා ගෙනි යන්නේ ආපදාවකදී මැරෙයි කියාලා බයට. එහෙම වුනොත් කන්නට තහනම් නේ (නදී)
ඒ වගේ එළු වැඩක් කරපු එළුවා කවුද කියල හරියටම හොයා ගන්න අමාරුයි පින්තුරෙන්. (නදී)
කවුද එළුවා කවුද මිනිහ කියල හොයාගන්න බැහැ ඉරාන කාරයෝ ඔක්කොම එළුවෝ නිසා (නදී)
එළුවෝ දෙදෙනයි. මිනිසුන් දෙදෙනයි.එක යතුරු පැදියේ සිවු දෙනයි.අපේ රටේ හැටියට නම් දඩකොළ ගන්නවාමයි. (නි)
පවු. මේ සත්තු හරිම අහිංසකයි (නි)
අපිට වාගේම සතුන්ටත් රිදෙනවා, මැරෙන්න අකමැතියි කියලා නොතේරෙන අය හැම රටකම හැම ආගමකම ඉන්නවා. (ස)
ඔය සත්තුන්ට ආදරේට නම් ඔහොම කරනවා වෙන්න බැහැ. පෙනෙන්නේ නැද්ද සතාගේ කකුල් පවා ගැට ගගලා තියෙන විදිය. ළඟ එන උත්සව කාලෙට කල්තියා ලෑස්ති වෙන එකයි ඔය කරන්නේ. මම දන්නවා ඔය මිනිස්සු කොයිතරම් ආදරේද කියලා එළුවන්ට. (නදී)
හෘද සාක්ෂියට එකගව කියන්න බලන්න එළු මස් කන අය සහ නොකන අය (නි)
ඔව් සම්පත් ගෙනියන විදියෙන්ම කියන්න පුළුවන් ගෙනියන්නේ මොකටද කියලා. මම මේ කල්පනා කළේ කොහෙන්ද ඔය පින්තූරේ? (නදී)
මිනිස්සු සත්තු වෙලා සත්තු මිනිස්සු වෙලා (නදී)
හෙල්මට් එක ගළවන්න අමාරු වුණේ එහෙම නැද්ද දන්නෙ නැහැ (නි)
එතකොට කෝ පදින අයට හෙල්මට්? එළුවාට විතරද දන්නෙ නැහැ ඔලුවක් තියෙන්නේ? (නි)
අත් කකුල් බැඳලා අරගෙන යන විදිය නම් මට එච්චර අල්ලන්නෙ නැහැ (නි)
සත්ත්ව හිංසනය නම් කිසිසේත් අනුමත කරන්න බැහැ. (නි)