බටහිර අප්‍රිකාවේ පැතිරෙමින් ඇති එබෝලා වසංගතය පාලනය කිරීමට මාස හයක් පමණ ගතවනු ඇතැයි වෛද්‍ය සංවිධාන පෙන්වාදෙයි. ඔවුන් පවසන්නේ එබෝලා පාලනය කිරීමට පහසු කාර්යයක් ද නොවන බවයි.
පසුගිය පෙබරවාරියේ ගයනාවේ දී ආරම්භ වූ එබෝලා වසංගතය ලයිබීරියාව, සියරා ලියොන් සහ නයිජීරියාවේ පැතිර ගොස් ඇත. දැනට එබෝලා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1069කි. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වි ඇති ලයිබීරියාවෙනි. වෛද්‍ය අංශ පවසන්නේ පළමුව ලයිබීරියාවේ තත්ත්වය පාලනය කිරීමට නොහැකි වුවහොත් අප්‍රිකා කලාපයේ ම එබෝලා පැතිරයාමේ අවදානමක් පවතින බවයි.
එබොලා කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීම සිදුවන්නේ එම රෝගයෙන් පෙලෙන අයෙකුගේ ශරීරයෙන් පිටවන ශ්‍රාවයන් වෙනත් අයෙකුගේ ගැටීම හේතුවෙනි. පළමුව උණ ඇතිවන අතර පසුව ඇස්, විදුරුමස් වැනි ස්ථාන වලින් පවා රුධිරය ගැලීම සිදුවීමට ඉඩ ඇත. අභ්‍යන්තර ලේ ගැලීම් හේතුවෙන් ඉන්ද්රියයන් දුර්වල වීම සිදුවෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සෞක්‍ය අංශයේ අය නම් කියන්නේ මේකට අපි සූදානම්, අපිට මේක වලක්වා ගන්න පුළුවන් කියල. (දී)
පුදුම ලෙඩ මේවත් (නදී)
ඒ ලෙඩේ හැටි දන්නේ නැතුව ඔය කතා කරන්නේ.මෙහෙ මිනිස්සු මැරෙනවා සත්තු වගේ පර දිගේ.ලගින් ගියත් හැදෙනවා වගේ අපිටනම් හිතෙන්නේ. (දී)
ඕනෑම කුණු ගොඩක් නිකන් දෙනවා නම් ලංකාව බාරගන්නවා. එ්ක නිසා ගුවන් තොටුපොළ රටට ඇතුල්වන මගින් පරික්ෂා කරනවද මන්දා. මොකද ලංකාවට මෙවන් රෝගයක් වැරදිලවත් අවොත් මහා විනාශයක් වෙනවා. රෝහල් සේවකයික් ගහමරා ගන්න කාලයක්නේ හැමදාම තියෙන්නේ. දියුණු රට වලනම් තාක්ෂනය උපයෝගී කරගෙන මගීන් පරික්ෂා කරනවා. කොහොම උනත් එබොලා රෝගය ඉක්මනින්ම මුළු ලෝකයෙන්ම තුරන් වේවා. අහිංසක මිනිසුන්ට නිරෝගිසුව ලැබේවා. (නදී)
මේවට අපේ රටවලුත් දැන්ම තියා සුදානමින් ඉන්න එක ඇගට ගුණයි කලින්ම අනතුරු අගවලා තියෙන එකේ(දිල්)
දෙවියන් වහන්ස, ඔබගේ සියලු වැඩ පසෙකලා මෙයට මැදිහත් වන සේක්වා! ඔබ මැවූ ලෝකය ජරාජීර්ණ වෙන්නයි යන්නේ.බෙහෙත් නැතුව දරුණු ලෙඩ සුව කළ හැක්කේ ඔබට පමණකි. (නි)
හිරාන්,නොපෙනෙන දෙවියන්ගෙන් නොව අපි පෙනෙන දෙවියන්ගෙන් විසඳුමක් පතමු (නි)
කමල් හරි (නි)
කමල් හරියට හරි. හිරාන් (නදී)
ඔය හැම ලෙඩේටම මුල අපි මනුස්ස ගුණධර්ම ආරක්ෂා නොකිරීමයි නේද? අපි දැහැමි විදියට ජිවත්වුණදාට මුළු ලොවම සුවපත් වේවි (නි)
සුජානි මේක අපේ රටට එන එක වලක් වන්න ලොකු වැඩක් ගුවන්තොටේ එකේ කරනවා .. අපේ රටේ ය බොරු තොරතුරු වලට බය වෙන්න හොදන (අ)
මේ දේවල් මේ විදිහට වෙන්නේ දෙවියන්ගේ කැමැත්තට. මොකද දැන් මිනිසුන් දෙවියන්ව විශ්වාස කරන්නේ නැහැ (නි)
ඔය වෛරසය කව්රු හරි හදපු එකක්. ලෝකේ විනාශ කරන්නේ මිනිස්සුම තමා. දැන් ඕක පාවිච්ච්චි කරලත් ආයුධ හදාගනි (නදී)
ඇයි දෙවියනේ, මිනිසුන් මවද්දී හැමදෙනාම හොඳ මිනිසුන් විදියට මැව්වේ නැත්තේ? (නි)
දෙවියනේ මේ අහිංසක මිනිසුන්ට පිහිට වනු මැණ. රටේ එක එක දේවල් බෙදා ගන්න තිරිසන් මිනිසුන් බිහිවී ඇති සමාජයක. මෙවන් බිහිසුනු ලෙඩරෝග පැතිර යාම අරුමයක් නොව.එහෙත් අහිංසක මිනිසුන්ට මෙවන් විපත් නොකරනු මැන.(ස)