උතුරු කොරියා ජනපති කිම් ජොන්ග් යුන් අසනීප තත්වයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු හෘද්‍යාබාධ හා දියවැඩියාව යන රෝග වලින් පෙලෙන බවත් ඔහුට ප්‍රතිකාර කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් 130 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා ඇති බවත් වාර්තා වෙයි.
ඔහු ප්‍රංශ චීස්, වයින් හා වර්ණවත් ආහාර සඳහා වැඩි කැමැත්තක් ඇති බවත් ඔහුගේ මෙම ආහාර රුචිකත්වය ඔහුගේ ලෙඩරෝග වලට මූලික හේතුව බව වෛද්‍යවරුන්ගේ මතයයි.
කිම් ඉල් සුන් විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු හා වෛද්‍ය පීඨ සිසුන් තම රටේ ජනපතිවරයා සුව කිරීම සදහා පර්යේෂණ කටයුතු සිදු කරන බව බලධාරීහු පවසති.ඒ සදහා විදේශ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ද ලබා ගන්නා බවද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සාතන්ගේ මිනිස් පුතෙක්. (බ)
වෛද්‍යවරු 130ක් මොකටද?(හේ)
මෙවන් පුවත් ගෙනඑන ලංකාදීපයට ස්තූතියි! (නි)
ඉතාම සුළු පිරිසකට පමණක් රථ වාහන හිමි උ.කොරියාව 85%ක් දේශීය ආහාර වලින් යැපෙන රටක්. ඒ වගේම මිනිස්සු බයවෙලා වගේ ජීවත්වෙන රටක්. මඟපෙන්වන්නෙක් නැතුව කිසිදු සංචාරකයෙක්ට සංචාරය කිරීමට නොහැකි රටක්. ලෝකෙන්ම වහන් වෙලා ජීවත්වෙන මේ රටේ දොස්තරලා 130ක් මේ නායකයා වෙනුවෙන් කැප වෙනවයි කියන එක සාමාන්‍ය දෙයක්. (නි)
අපි ඉතින් මොනවා කරන්නද? (නි)
ඉපදුන දාසිට මෙයාට දරුණු මොලේ අමාරුවක් තියෙනවා. හැබැයි නියම බෙහෙත තවම ලැබිලා නැහැ. (බ)