ධනය හා බලය ලැබේ යැයි අපේක්ෂාවෙන් සිදුකරන කුඩා ළමුන් බිළිදීම් මේ දිනවල උගන්ඩාවේ සිය ගණනින් සිදුවන බව පවසයි.
කුඩා දරුවන් ඝාතනය කිරීම ඔවුන්ගේ සිරුරු කොටස් කපා සංරක්ෂණය කර තබාගැනීම ආදී පිළිවෙත් ඇතැම් පුද්ගලයින් අනුගමනය කරන බව එම වාර්තාවන්ගේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම පුද්ගලයින් උගන්ඩාවේ ඉහළම පෙලේ ධනවතුන් වීමද විශේෂත්වයකි.
දරුවන් ඝාතනය කිරීම ඔවුන්ගේ සිරුරු කොටස් කපා වෙන්කිරීම ආදිය සිදුකරන්නේ විශේෂ යකැදුරන් පිරිසක් බව පැවසේ. මේ සඳහා ඔවුන් අති විශාල මුදලක් අයකරන බවද පැවසේ.
තත්ත්වයේ බරපතලකම වටහාගත් උගන්ඩා රජය මෙම වසර ආරම්භයේ සිටම විශේෂ ළමා ආරක්ෂණ වැඩපිළිවෙළක් යෙදුවද එයින් ඵලක්ව නොමැති වි තිබේ. එරට සහන සේවා සංවිධාන පවසන අන්දමට පාසැල් යන අතරතුර සෙල්ලමේ යෙදී සිටින විට දී කුඩා දරුවන් පැහැරගැනීම් සිදුවේ.
උගන්ඩා මැතිවරණය ළග එන හෙයින් ළමා බිළිදීම් තව තවත් වැඩියෙන් සිදුවණු ඇතැයි දැනටමත් බිය පළව තිබේ.

![29B1A3C900000578-3126758-image-a-37_1434527901699[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/29B1A3C900000578-3126758-image-a-37_14345279016991.jpg)
![29B139BF00000578-3126758-Business_This_witch_doctor_right_does_not_condone_human_sacrific-m-38_1434527988183[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/29B139BF00000578-3126758-Business_This_witch_doctor_right_does_not_condone_human_sacrific-m-38_14345279881831.jpg)
![29B139DE00000578-3126758-Abduction_Steven_was_killed_near_his_home_but_witch_doctors_ofte-a-45_1434528291818[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/29B139DE00000578-3126758-Abduction_Steven_was_killed_near_his_home_but_witch_doctors_ofte-a-45_14345282918181.jpg)
![29B139EB00000578-3126758-Atrocity_Boys_like_Allan_are_taken_to_witch_doctor_s_huts_like_t-m-32_1434527716636[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/29B139EB00000578-3126758-Atrocity_Boys_like_Allan_are_taken_to_witch_doctor_s_huts_like_t-m-32_14345277166361.jpg)
![29B1393100000578-3126758-image-m-11_1434524088523[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/29B1393100000578-3126758-image-m-11_14345240885231.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහේ අපි පොඩි කාලේ ළමයි අල්ලාගෙන යනවා කරවල වේලන්න. දැන් කරන්නේ දුෂණය කරලා මරණ එකනේ. (නි)
ඉලේපෙරුම, රොබට් නොක්ස් කියපු දේවල් ඔබ 100% විස්වාස කරනවද? මතක තියාගන්න ඔහු සිරකරුවෙක් ඒ නිසා ඔහු ලංකාව පිලිබදව වැරදි චිත්‍රයක් ලෝකයට මවා පාන්න උත්සහ කරලා තියනවා. ඒ නිසා කොමෙන්ට් දාන්වට පෙර අවබෝද කරගන්න (නදී)
ජෝශප්,ඕක කලින් කියන්න එපැයි.මම හොය හොයාම හිටියේ ඔබ වැනි කෙනෙක්. (නි)
මමත් තුන් කුලුඳුල්. අපේ අම්මා මට කියලා තියනවා ඒ බව කාටවත් කියන්න එපා කියලා. ඒත් දැන් නම් ලංකාව දියුණුයි. (නි)
උගන්ඩාව,කෙන්යාව,ස්වාසිලන්තය, සයිබිරියාව,ලිබියාව,ඉතියෝපියාව, සෝමාලියාව.......ඉස්සර අපේ හිතවත්ම රටවල්නේ. (නි)
ළමයි මරලා මොනවද ලැබෙන්නේ? (නි)
ළමා සංහාරය දැන් ලෝකේ පුරාවටම දකින්නට ලැබෙනවා.මානව අයිතිවාසිකම් ගැන බැනර් උස්සගෙන පාරවල් ගානේ බෙරිහන් දෙන ඇත්තන්ට ඇත්තියනට මේවා නොපෙනේද? (බ)
බණ්ඩාගේ කතා.... (ර)
රූපවති, ඔබ හරි.තමන් මහන්සිවෙලා ධර්මයෙන් හම්බකරන සුළු මුදල අපරාධ කරලා හොයන මිලියන ගණනට වඩා වටිනවා. ලංකාවේ තිබෙන නිදහස ලංකාවේ ජීවත්වන අයට තේරුම් ගන්න බැහැ. මහා ලොකුවට කෑගහන මානව හිමිකම් කාරයන්ට ඔය ප්රවෘත්ති පෙනෙන්නේ නැද්ද දන්නේ නැහැ (නි)
උත්තරීතර යැයි කියා ගන්නා මානව හිමිකම් සන්ධාන උතුමන්ලානෙනි, උගන්ඩා ළමා සංහාරය නොපෙනෙන්නේද? ඔවුන්ට මානව හිමිකම් අයිති නැතිද? ඔවුන් උපන්නේ තවකෙකුගේ බිල්ලක් වීමටද? ඔබලාට සැබෑ මානව අයිතීන් වීමට ඇවැසිනම් මේ ළමා සංහාරයට වැට බඳිනු. (ස)
අනේ ටෙන්නිසන් සොයුර ..ඔය කොටි ප්‍රකෝටි ගණනින් බිස්නස් කරලා. වැරදි විදියට මුදල් උපයල ලෝකෙට ලන්සු තියන එක දනවත් මිනිසෙක් වත් හිතේ සතුටින් නිරෝගීව ජීවත්වෙනවද ? ඒ මල්ටි මිලියන්ලගේ එක ඩොලරයකට වඩා දහදිය වගුරලා තම ශක්තියෙන් ඉපයූ එක රුපියලකින් ලැබෙන සුළු දෙය ඉතාමත් ශක්තිමත් ...?හදවත දන්නවා එය ඉපයූ හැටි.ලෝකයේ පැවැත්මට ඔබ කියු සෑම දේම අවශ්‍යයි. එකනි ලෝකේ ගිනි කදු තිබෙන්නේත් අයිස් කදු තිබෙන්නේත් පැවැත්මට.එත් අසරණ මිනිසුන්ගේ මල්වැනි දරුවන්ගේ බෙලි කපල කෑලි වෙන් කරලා ඒ සිදුකරන දේවල් ලෝකයේ කිසිවෙකු අනුමත නොකරනු ඇතිබව් පුන පුනා කීමට අවැසි නැත !!! (අ)
ජීනවා වලදී ලංකාවට පක්ෂව ඡන්දය දීපු රටක්. (ර)
තිරිසන් ගති ඇති අය ලෝකේ කොහෙත් ඉන්නවා,(අ)
අලුත උපන් දරුවා නිසා මවුපියන්ට අපල බව කේන්දරකරුවන් කී විට එම දරුවන්ට මවුකිරි නොදී මැරෙන්නට හැරීමේ සිරිතක් තිබුණු බව රොබට් නොක්ස් වාර්තාකර තිබුනා නේද? (නි)
මේවා බල බලා ලෝකය හරිම දියුණුයි කියල පුරසාරම් දොඩවන්න තවත් හැකිවෙයිද අපට ....? (ස)
අපේ රටෙත් ළමයි අල්ලාගෙන යන බිල්ලෝ ඉන්නවා නේද? (නි)
අනේ දෙවියනේ! (නි)
ලෝක විනාශය තමයි මේ (නි)
ආ! අපේ කට්ටිය මෙතන අනුකම්පා අදහස් දාලා. (නි)
රූපවතී මේ ලිපිය හොදින් කියවන්න. කාටද දෙවියන්ගේ සාපය වැදිලා තියෙන්නේ. කාටද දෙවියන්ගේ බැල්ම ලැබිල තිබෙන්නේ. ලෝකය දිහා බලන්න ගිනිඅවි නිෂ්පාදනය, මත් කුඩු, මත් පෙති, මත් පැන්, වස විස, වඳ පෙති නිෂ්පාදකය, මේ ඔක්කොම මිනී මරුවෝ. උන්ගේ වත්කම් කොපමණද? (නදී)
ඉබි අමින් ගෙන් පැවත එන්නන් වෙන්න ඇති.(නදී)
සිංහලයා මහා ජාතිය වෙලා ඉන්න නිසා ලංකාව වැඩිය නරක නැහැ. මේක ජාතිවදී නිසා කිවා කියල හිතන්න එපා. ලෝකේ වෙන දේවල් දැකලා කියන්නේ. (ස)
ඇඟ කිලිපොලා යනවා බලන කොට.අනේ! මේවා අහන්න දකින්න තරම් අපි පව් කාරයෝ උනා නේද? බුදු හාමුදුරුවනේ!! (ස)
දැන් තේරෙනවා නේද අපේ රටවල් කොච්චර වාසනාවන්තද කියලා ඒ අතින් බැලුවහම. (නි)
ඒක තමයි ඒ රටවලට හැමදාම හෙණගෙඩි පාත්වෙලා තියෙන්නේ.ඔය වගේ බිලි පුජා ඇදහිලි පසුපස යන අසරණ දරු පැටවුන් අමු අමුවේ මරාදමන කිසිම ජන කොටසකට සෙතක් නම් බලාපොරොත්තු විය නොහැකියි. දෙවියන්ගේ ශාපය මිස...? (නි)
තුන් කුළුදුල් බිල්ල සිහිවුණා.අවිද්‍යාවට සීමා නැත (නි)
උගන්ඩාව කියන්නේ අපේ හිටපු රජතුමාගේ බොහොම හිතවත් රටක් ....(ම)
සහගහන අපරාධ මේවා (ම)