හමුදා කුමන්ත්රණයකින් බලයෙන් පහ කැරුණු ඊජිප්තුවේ හිටපු ජනපති මොහොමඩ් මොර්සිගේ ආධාරකරුවන් 529 දෙනකුට එරට අධිකරණයක් අද මරණ දඬුවම නියම කළේය.
ඉකුත් ජූලියේ මොර්සි පහ කැරුණු පසු හමුදා පාලකයනට එරෙහිව ප්රචණ්ඩ ක්‍රියා කිරීම නිසා ඔවුනට එරෙහිව නඩු පැවරිණි.
සිය පාලන කාලයේ දී විරෝධතාකරුවන් මරා දැමීමට අණ දුන් බවටත් ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ වූ බවටත් මොර්සිට ද චෝදනා එල්ල වී ඇතැයි ද, එම චෝදනාවලට වරදකරු වුවහොත් ඔහුට ද මරණ දඩුවම හිමිවනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කයිරෝ නුවරදීය (ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ කොටි ත්‍රස්තවාදින්ට වත් මෙහෙම මරණ දඬුවම නියම කළේ නෑනේ (අ)
මේ වැඩෙත් පිල්ලේ නෝනට බාර දෙන්න පුළුවන්නේ. කොටි ඉන්නවනම් ෂුවර් එකට ඒ පැත්තට වැඩ. (ස)
කෝ මහලොකු මානව හිමිකම්.(නදී)
ඊජිප්තුවටත් දෙයියන්ගෙම පිහිටයි. (ස)
කෝ අර ජිනීවා මානව හිමිකම් සංවිදානය. (නදී)
කෝ මානව හිමිකම්..ජිනීවා ලොක්කන්ට මේවා පේන්නේ නැද්ද? (ස)
ලංකාවෙත් මේක කරන්න ඕනේ (දී)
අපෙත් 225 ඉන්නවා මරණ දඬුවම දෙන්න.(නදී)
ඔබාමටයි, පිල්ලේ නෝනටයි, එතකොට අර එංගලන්තේ කාටදයි මේවා පෙනෙන්නේ නැතුව ඇති. මොකද මේවා එයාලගෙම වැඩ නිසා.ඊජිප්තුව පිල්ලේගේ කවුන්සිලේ නැහැ වගේ. හිටියා නම් එයත් අපිට විරුද්ධව ඡන්දෙ දේවි (නි)
වරදට දඩුවම (දී)