මැදපෙරදිග කලාපයේ උෂ්ණත්වය මේ දිනවල දිගෙන් දිගටම ඉහළ යාමේ නිසා මෙම රටවල වෙසෙන සියලු වැසියන් විවිධ අපහසුතාවයන්ට මුහුණ පාති. විශේෂයෙන්ම සෞදි අරාබිය , කුවේට් දේශය , බහරේන් යන රටවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ගොඩනැගිලි කර්මාන්තයේ සහ අනිකුත් එළිමහන් ස්ථානවල රැකියාවන් කරන විදේශගත ශ්‍රමිකයින් අත් විඳින දුෂ්කරතාවයන් රාශියකි.
කුවේට් දේශය , සෞදි අරාබිය සහ බහරේන් මේ වනවිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 සිට 55 දක්වා ඉහළ ගොස් ඇති අතර (හියුමිඩිටි) නොහොත් සාපේක්ෂ ආද්‍රතාවය ඉතා ඉහළ මට්ටමක පැවතීම නිසා එළිමහනේ ගැවසෙන සියලු දෙනා තෙතබරිත වීම දැකගත හැකිය.
සෞදි අරාබිය සහ කුවේට් දේශයේ මධ්‍යහන කාලයේදී අවු රස්මියෙන් විවිධ පුද්ගලයන් විනෝදාස්වාදය සඳහා බිත්තර සහ පපඩම් බැදීමටද පෙළඹෙමින් සිටින බව මේ දිනවල සමාජ වෙබ් අඩවි වලින් දැකගත හැකිය. අධික උෂ්ණත්වය හේතුවෙන් සෞදි අරාබි රජය විසින් මධ්‍යහන 12.00 සිට පස්වරු 3.00 දක්වා කාලයේ ගොඩනැගිලි කර්මාන්තයේ සහ අනිකුත් එළිමහන් රැකියාවන් වල සේවකයන් නිරත නොකරන ලෙස එම ආයතන බලධාරීන් වෙත නියෝග පවා නිකුත් කර ඇත. අධික උෂ්ණත්වය මගින් මිනිස් සිරුරට ඇතිවන හානි පිළිබඳව දැනුම්වත් කරමිනි.එම කාලය තුළ සේවයේ යෙදවීම දඩුවම් ලැබිය හැකි වරදක් බවද බලධාරීන් පවසයි. කෙසේ වුවද මෙම අති දුෂ්කර කාලය තවත් මාස තුනකින් නිමා වනු ඇත්තේ සීත කාලය උදාවීමත් සමඟය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කියලා මොනවා කරන්නද?(හේ)
ලංකාව රත්තරන්. මේ රටවල් වල කොයිතරම් ධනය තිබුණත් අමු අපායවල් මාස 6ක් රස්නේ මාස 6ක් ශීතල 2ටම පණ යනවා (ම)
අපේ මන්ත්‍රිවරු අපිට මේ දේවල් කියන්නේ නැහැ, අපි දුක් වෙයි කියලා. ඉක්මනටම මේ දේශගුණය වෙනස් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා (ම)
අපේ රටටත් හොද ක්‍රමවේදයක් තිබුණා නම් බුද්ධිමත් නායකයන් හිටියා නම් අපි අද මොතරම් දියුනු ජාතියක්ද (අ)
බිත්තර ,පපඩම් බදින්න නම් බැහැ. වෙලන්න පුලුවන්. (අ)
මේ කතාව ඇත්ත. මේ පැත්තේ දැන් ඉන්නම බෑ.(හේ)
ප්‍රේමලාල් මහත්තයෝ බිත්තර බදින්න වත් එලියට යන්නේ කොහොමද? එළියේ ගින්දර වගේනේ. (අ)
මම කියන දේ බොරුවක් නම් සෞදියේ දහවල් 12.00 සිට 2.30 දක්වා කාලය තුල ප්‍රයි පැන් එකක් එළියේ තියල තෙල් පොඩ්ඩක් ගාල බිත්තරයක් කලා දාල බලන්න අපි ගෙදර හදන විදිහටම බැදෙනවා ..හැබැයි ගිනි අව්ව්ව බලාගෙන . (අ)
අපේ ලංකාවේ ඉන්න ඇමති ගොල්ලන්ට මාසයක් ඇවිදින් මෙහෙ වැඩ කරන්න කියන්න. එතකොට තේරෙයි අපේ රටේ වටිනාකම. මොනතරම මුදල් විනාශයක්ද අපේ රටේ කරන්නේ. අපි මෙහෙම දුක් විදින්න ඕනේ නැහැ අපේ රට හරියට තිබුනා නම් (නදී)
ලංකාව ඉතාමත්ම වාසනාවන්ත රටක් ! ලෝකයේ බොහෝ රටවල් හා සසදා බලන විට අපිට ඉතාමත් ආඩම්බර විය හැක. (නදී)
මේ කතාව ඇහුවම මගේ හිතත් පිච්චිලා ගියා.අපේ රටේ කී දෙනෙක් එහෙ රැකියාවල් කරනවද ? ?මෙච්චර වාසනාවන්ත රටක ඉපදිලත් අපි තාමත් දියුණු වෙන්න හිතනවා විතරයිනේ (නදී)
අපි මේ විදින දුක දන්නේ උඩ ඉන්න දෙවියෝ පමණි. මම සෞදි වලට ඇවිත් අවුරුදු 13 වෙනවා. මේ වගේ රස්නයක් කවදාවත් තිබුනේ නෑ. (නදී)