ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී, 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව කෙළෙසීමට ලක් කැර මරා දැමූ සිව් දෙනාට අද නවදිල්ලි අධිකරණයෙන් (13) මරණ දඬුවම නියම කළේය.
විනිසුරු යෝගේෂ් ඛන්නාගේ එම තීරණයත් සමඟ නවදිල්ලි අගනුවරට රැස්ව සිටි දහස් ගණනක් දෙනා සමඟ ප්‍රීතී ඝෝෂා පැවැත්වූහ.
එම පිරිස, පසුගිය දින කිහිපය තිස්සේ නවදිල්ලි නුවරට රැස්වී උද්ඝෝෂණ පවත්වන්න වූයේ, විත්තිකරුවනට මරණ දඬුවම දෙන ලෙස ඉල්ලමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරිද ඔවුන් හතර දෙනා ලංකාවට එවන්න? දේශපලනයට ගැලපෙනවා නොවේද? (නි)
ලංකාවේ නම් මිනීමරුවන්ට ස්ත්‍රී දුෂකයන්ට සභාපතිකම්, ඇමතිකම් ලැබෙනවා.(නදී)
නියම දඩුවම (දී)
එල්ලුම් ගහ ක්‍රියාත්මක කළොත් මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා. ඒ නිසයි ක්‍රියාත්මක නොකරන්නේ. මොකද ලංකාව මානුෂික අයිතිවාසිකම් රැකීම ගැන ලෝකයේ කප් ගහපු රටක් නේ. (නි)
මේක අපේ අය දැනගත්තහම අනේ පවු කියාවි (නි)
මේ අදහස් බලලාවත් අපේ නායකයෝ, උසාවි වල විනිසුරුවරු, පොලිසියේ මහත්වරු දැන් තියන අවුරුදු ගණන් නඩු අහලා අපරාධකාරයෝ නිදහස් කරන ක්‍රමය වෙනස් කරලා රට හදන්න. නැත්නම් කවදා හෝ මිනිස්සු නීතිය අතට ගනීවී (නි)
හොඳ ආදර්ශයක්. අපේ ප්‍රාදේශීය නායකයෝ රැසක්ම ඉන්නව ලිස්ට් එකේ. ඉක්මනට නඩු අහලා ගස් යවන්න ඔවුන්ව යවමු ඉන්දියාවට. (නි)
ප්‍රමාද කරන්න එපා. ඉක්මනට යවන්න. ගහ ලංකාවෙත් පටන් ගන්න. (නි)
ප්‍රසිද්ධියේ එල්ලුවා නම් කාටත් සැනසීමක්. නැත්නම් යටින් පැනලා යන්නත් බැරි නැහැ. දඬුවමට කලින් අපරාධයට අදාළ ආයුධ විනාශ කළ යුතුව ඇත. (නි)
මේවා වැළැක්වීමට පාසල් විෂය මාලාවට ලිංගික අධ්‍යාපනය ඇතුලත් කළ යුතුය. (නි)
අගය කළ යුතු නඩු තීන්දුවක්. මෙය ඉක්මනට ක්‍රියාත්මක කරන්නත් ඕනෑ. (නි)
ලංකාවේ ඉන්න අයට මේක හොද ආදර්ශයක් (නි)
ඒක යසයි! (නි)
අපරාධය සිදුවී මාස 09 කටත් අඩු කාලපරාසයකදී නඩුව අසා තීන්දුවත් දුන්නා. ඒ මහා ප්රජාතන්ත්රවාදී රාජ්‍යයේ හැටිය. අර, අපි හිතන රටේ මිනීමැරුම් නඩුවක තීන්දු දෙන්න අවු . 17 යි. 21යි 16යි.මේ චූල ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක හැටිය. කිනම් ආශ්චර්යයක්ද? (නි)
අපේ රටේ නම් අවුරුදු 21ක් ම ගන්නවනේ. (නි)
ඉක්මණට නඩුව අහල තීන්දුව දුන්නා හොඳ ආදර්ශයක් (අ)
ඔන්න හරි තැනක නොඉපදුණු එකේ කරුමය.සුදුස්සාට සුදුසු තැන ලැබෙන ලංකාවේ වගේ රටක ඉපදුනානම් ප්‍රාදේශීය සභා සභාපතිලා හතර දෙනෙක් වෙන්න තිබුන මෙයාලට ඉන්දියාවේ ඉපදුන කරුමෙට හිස් ගැසුම් කන්න වෙලා.ලබන ආත්මෙවත් මෙහෙ ඉපදෙන්න පැතුමක් කරන්න .ගොඩම තමයි.(දී)
රක්ෂා දෙන්න අල්ලස් ලෙස ලිංක අල්ලස් ගන්න පාළුවෝ ගැන මොකද කියන්නේ (අ)
ඔය වගේ තීරණ ලංකාවෙත් ගන්න ඕනෑ (නි)
ඇයි ලංකාවේ අකරැස්සේ ප්‍රදේශිය සභාවේ සභාපතියාටත් හොදයි මරණ දඩුවම .න(අ)
නසාර් මොනවා ද නියම (අ)
ලංකාවට එන්න, මෙහෙ ප්‍රාදේශීය පට්ටමක් දෙන්නම් (අ)
ලංකාවෙ නම් පළාත් සබා ප්‍රාදේශීය සබා සබාපතිකම් දෙන්න තිබුනා (නි)
නියමයි (නි)