ඉන්දීය රුපියල් 500 සහ 1000 නෝට්ටු භාවිතය තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අඟහරුවාදා (8) නිවේදනය කළේය.
ඒ අනුව අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට එරට භාවිත මුදල් වලින් එම නෝට්ටු දෙක ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
බදාදා සියලු බැංකු වසා දමා ඇති අතර ඒටීඑම් (ස්වයංක්‍රීය මුදල් ලබාගැනීමේ) යන්ත්‍ර ක්‍රියාවිරහිත කර ඇති බව කියති.
ඒ අනුව එම මුදල් නෝට්ටු ද්විත්වය ඉදිරි දින 50 ඇතුළත බැංකුවලට හා තැපැල් කාර්යාලවලට බාරදිය යුතු බව ඉන්දීය රජය නිවේදනය කර ඇත.
ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් මෝදි මේ බව දැනුම් දී ඇති අතර ඉන්දියාවේ ව්‍යාප්ත කළු සල්ලි ජාවාරම මැඩපැවැත්වීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොද වැඩ පිළිවෙලක්, (බ)
හැත්තෑ ගණන් වල ඔය දේ ලංකාවේ කළානේ. නමුත් ලැබුන ප්‍රතිඵලයක් නම් නැහැ (නි)
මෙන්න ආදර්ශයට ගතයුතු වැඩපිළිවලක් , අපේ රටෙත් මෙවැන්නක් සිදුකර කළු සල්ලි ජාවාරමට වැට බදින්න ඕන (ම)
මම දන්නා හැටියට 70 දශකයේ එවකට මුදල් ඇමතිව සිටි අයත් මෙවැනි දෙයක් ලංකාවේ සිදුකළා. (නි)