ඇග පුරා පච්ච කොටා ගැනීමෙන් නොනැවතී ඇසේත් පච්ච කොටාගෙන සිටිනා පුද්ගලයෙක් බ්රසීලයේ සිටී.
රොඩ්රිගෝ ෆර්නැන්ඩෝ ඩොස් සැන්ටොස් (39) නම් වන මේ පුද්ගලයා වෘත්තියෙන් පච්ච කොටන්නෙකි.ආකර්ෂණය දිනාගැනීමේ අරමුණින් තමන් ඇසේ පච්ච කොටා ගත් බව ඔහු කියයි.මේ සදහා විශේෂ ඉදිකටුවක් සහිත සිරින්ජයක් භාවිතා කළ බව ඔහු කියයි.ඇසේ සුදු ඉංගිරියාව සම්පූර්ණයෙන් කළු කර දැමිම ඔහුගේ අරමුණ වී ඇත.උපක්රමය සාර්ථක වුවද දින 2 ක් පුරා ‘‘කළු පැහැ කදුලූ‘‘සළමින් වේදනාවෙන් දුක්විදීමටද තමන්ට සිදුවූ බවත් ඔහු පවසයි.
ඇසේ සිදුකරන පච්චා කෙටීමද දැන් දැන් ලෝකයේ ප්රචලිත වෙමින් පවතී.මෙය වඩාත් ප්රචලිතව ඇත්තේ කාන්තාවන් අතර බව කියැවේ.ආකර්ෂණය කෙසේ වුවත් කල් ගතවීමේදී දෘෂ්ඨි රෝග වලට මුහුණ දීමට මේ මේ පච්ච කොටාගන්නන්ට සිදුවනු ඇතැයි විද්වතුන් කියයි.ඒ මේ සදහා යොදා ගනු ලබන තීන්ත ඇසට විෂ සහිත වන හෙයිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිතු පැතූ සැපත් ගෙන දෙන කප් රුක සේම, මේ රුදු සයුර තරණය කරනව සේම, භවයේ අඳුර වැනසූ සඳ හිරු සේම, සැලකු දහම කරනෙමි මම නැමදීම. ඇයි ඇස් අන්ධ කර ගන්නේ.(නදී)
බලන්න මිනිස්සු වල්මත්වෙලා.(නදී)
මානසික රෝගීන් ..... (නි)
මල්දෙනියේ සිමියොන් කියල කොටන්නේ නැතිද ?(නදී)
ඇසෙන්නේ පටන් ගත්තේ. මී ළඟට කන, නාසය, උර කුහරය, උදර කුහරය, පන්චේන්ද්රිය කරා දුවයි. නතර වෙන්නේ ඇටසැකිල්ලෙන්ද? (නි)
නිදහස!(නදී)
මමත් තැනක කොටා ගන්නයි ඉන්නේ . වෙලාවකට ලොකු වෙලා පේන්න. වෙලාවකට පොඩි වෙලා පේන්නයි මට ඕනේ.(නදී)
බලනකොට පච්චත් නොකොටන තැනක් තියෙනවද? (නි)