පැදගෙන යා හැකි ජංගම නිවහනක් නිපදවීමට බි්රතාන්යය ජාතික කාර්මික ශිල්පියෙක් සමත්ව තිබේ.
ඇන්ඩි සොන්ඩර්ස් නම් මෙම කාර්මික ශිල්පියා ‘ක්රැම්පර් වෑන්‘ ලෙස හැදින්වෙන මේ අමුතු පන්නයේ ජංගම නිවහන නිපදවා ඇත්තේ පාපැදියක් හා මෝටර් රථ වලින් ඇදගෙන යන ජංගම නිවහනක් එකට බද්ධ කිරීමෙනි.
ප්‍රමාණයෙන් කුඩා වුවත් නිවහන ඇතුළත 4 දෙනෙකුට සරිලන ඉඩ පහසුකම් ඇත.නිදා ගැන්මට අවශ්‍ය වන්නේ නම් වහලයේ සවිකර තිඛෙන ඇද භාවිතා කළ හැක.ආහාර පිස ගැනීමට ගෑස් උදුනක්,පිගන් කෝප්ප සෝදා ගැනීමට ජලය ලබා ගත හැකි කරාමයක් ආදී පහසුකම්ද මේ නිවහනේ ඇත.
මෙය නිපදවීමට පවුම් 1000 ක් (රුපියල් 195000) පමණ වැයවී ඇතැයි සදහන් වේ. පාපැදියක් හැටියට ගනන් ගැනෙනා බැවින් මාර්ගයේ ධාවනයට ලියාපදිංචි කිරීමක්ද අවශ්‍ය නොවන බව ඇන්ඩි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට කියන්නේ "කැරවැන්" කියල. මේවගේ ජිවත් වෙන සංස්කෘතියක් යුරෝපේ තියනවා. ඒවගේ ඇතැම් වෙලාවට ඉන්නේ කෝටිපතියෝ. ඒවා නම් වාහනවලිනුයි ඇදගන යන්නේ.(ස)
මේකනම් නියමයි. (ස)
පිස්සු වැඩ නේද? නිදාගෙන ඉන්නවිට හැප්පුනොත් හෙම කම්මුතුයි. ගහක් යට නිදාගන්නවා සැපයි කියලා හිතෙනවා.(නදී)
අපේ රටටත් හොදයි, මුහුබද හා තැනිතලා ප්‍රදේශ වලට. හැබැයි කඩුගන්නාව පාගන්න ගිහාම තමයි තරු පෙනෙන්නේ. ඇදගෙන යන්න වාහන අපට කොයින්ද ? (නි)
කැරවැන් කියන්නෙ තවලමට. තවලම් ගියෙ ආදිකාලෙ. මිනිස්සු කරත්තවල බඩු පුරවාගෙන වෙලදාමෙ. දැන් ඒක මොඩ්වෙලා කෝටිපතියො යන්න පටන්ගෙන. (නි)
මිනිස්සු කරන දේවල්
කදිමයි. ලංකාවටත් ගෙන්වමුද ? (ස)
අනාගතයේ ලෝකයේ ජනගහනයට අනුව ඉඩම් ප්‍රමාණය මදි වෙන නිසා මෙය හොද සොයාගැනීමක්. (ස)
ඔය ගාණටනම් පාඩු නැ. එත් ඔය වගේ එකක් අපේ රටේ මනුස්සයෙක් හැදුවොත් ඒක සත පහකටවත් ගණන් ගන්නේ නැ.හැමදෙයක්ම පිට රටින් කන්න බලාගෙන ඉන්න අය ඉන්නේ.(ස)
මේක ඒ තරම් ප්‍රසිද්ධ වෙන එකක් නැහැ (නි)
මේවා බොහෝ කලකට පෙර සිටම තිබෙන දේවල්. නමුත් ඒවා වෙනත් පොඩි වාහනයකින් ඇද ගෙන යනවා.අධි සුඛෝපබෝගී කැරවන් කියා කියන්නේ. (නි)