ඉරානයේ සිටිනා අල් කයිඩා නායකයන් දෙදෙනකු ගැන තොරතුරු සපයන්නන්ට ඩොලර් ලක්ෂ 120ක් හෙවත් රුපියල් කෝටි 156ක් තෑගි මුදල් දෙන බව ඇමෙරිකාව කියයි. 2011 සැප්තැම්බර 11 ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට හා අල් කයිඩා සංවිධානයට සම්බන්ධ සැක කැරෙන ඉරාන ව්‍යාපාරිකයෙකු වන මුෂින් අල් ෂඩිල් සහ ඔහුගේ සහයකයෙක් වන අඩෙල් රාඩි අල් වහබි අල් හර්බි පිළිබඳ තොරතුරු ලබා දෙන්නකු හට මේ මුදල් ත්‍යාග පිරිනැමෙනු ඇත. සැප්තැම්බර 11 ප්‍රහාරයට මෙන්ම අල් කයිඩා සංවිධානයේ සාමාජිකයන් දකුණු ආසියාවේ හා මැදපෙරදිග රටවල ස්ථාන ගත කිරීමටද මොවුන් දෙපළ සම්බන්ධ බව සැක කෙරේ. මුෂින් අල් ෂඩිල් පිළිඹද තොරතුරු ලබා දෙන්නෙකුට ඩොලර් ලක්ෂ 70 ක්ද (රුපියල් ලක්ෂ 9700) ඔහුගේ සහයකයා පිළිබඳ තොරතුරු ලබා දෙන්නෙකුට ඩොලර් ලක්ෂ 50 ක්ද (රුපියල් ලක්ෂ 6500) පිරිනැමීමට ඇමරිකාව සූදානමින් සිටී. (කෝවිගු)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරාණයට ළගදීම ඇමෙරිකාව ගහයිද? (නි)
ඔය ඇමරිකන් ඩොලර්වලට ඒ අය අහුවෙන්නේ නෑ (ස)
ඔවුන්ට ආරක්ෂාව දෙනු විනා අල්ලා දීම නොවටී. (නි)
මෙය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට ගන්න බොරු චෝදනාවකි . (නි)