ඇමරිකාව කේන්ද්‍ර කරගනිමින් කි‍්‍රයාත්මක වන කාම චිත්‍රපට වල නිෂ්පාදන කටයුතු ඇන හිටීමේ අවදානමක් ඇතැයි වාර්තා වේ.
මෙකී කාම චිත්‍රපට වල රගන නළුවෙකු එච්.අයි.වී. ඒඞ්ස් ආසාදිතයෙකු බවට වෛද්‍ය පරීක්ෂණ වලින් සනාථ වී තිබීම මීට හේතුවයි.
මින් පෙර අවස්ථාවකදීද නළුවෙකු හා නිළියක එච්.අයි.වී ආසාදිතයන් යැයි තහවුරු වීම නිසා ඇමරිකාවේ කාම චිත්‍රපට සියල්ලගේ නිශ්පාදනයන් අත්හිටුවා තිබුණි.නමුත් පසුව තම තමන්ගේ සුපුරුදු කි‍්‍රයාකාරකම් වලට නිශ්පාදකයින් හා නළු නිළියන් යොමුවී සිටිනු දැකගත හැකිවිය.
යළිත් වරක් ඒඞ්ස් බිය පැතිර ඇති මේ අවස්ථාවේ පෙර මෙන් නොව කාම චිත්‍රපට වල රගන නලූවන්ට උපත් පාලන කොපු භාවිතය අනිවාර්ය කිරීමේ යෝජනාවක්ද ගෙන ඒමට සැළසුම් කර ඇතැයි සදහන්ය.
මෙම තත්ත්වය පිළිබඳ අදහස් පළ කරන බොහෝ දෙනා පවසන්නේ කාම චිත්‍රපට වල රගා ඒඞ්ස් ආසාදනය වීම කල කම් පල දීමක් වැනි වන බවයි.ලෝකයේ ස්තී‍්‍ර දුෂණයන්ට ළමා අපචාර වලට සෘජුවම වගකිව යුත්තේ මෙකී කාම චිත්‍රපට බව ඔවුන්ගේ අදහසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදහස් දාන ගොඩක් දෙනාට ඉතින් ඇමරිකාවට ගහන්න තියෙනවා නම් හරි සතුටුයි වගේ. ඇත්තටම ලංකාවේ නළු නිළියන්ගේ ක්‍රියා කලාප බලලා මේ වගේ තීරයකට ගත්තා නම් මේ වෙනකොට මෙහෙ ටෙලි නාට්‍ය හදන එක නවත්වලා ගොඩක් කල්. (නි)
"දැන් ඉතින් අපිට මොකද වෙන්නේ?" මුකුත් වෙන්නේ නැහැ හිටපු විදිහටම තමයි. (ස)
"මේ අරාබි රටවල් වල නම් ඔය විකාර මොකුත් නැහැ. මිනිස්සුන්ට ප්‍රශ්නයකුත් නැහැ." ඔය අරාබි මෙවැනි චිත්‍රපටි දැකල නැති නිසා නේද?? (ස)
"මමත් ළගදි චිත්‍රපටියක් කරන්න බලපොරොත්තු වෙනවා" නිලියට රඟපාන්න වෙන්නේ ඔබටම තමයි. නළුවෝ නම් සොයාගන්න පුළුවනි ඕනේ තරම්. (ස)
මේ අරාබි රටවල් වල නම් ඔය විකාර මොකුත් නැහැ. මිනිස්සුන්ට ප්‍රශ්නයකුත් නැහැ. (ස)
හැම රටේම තියෙන ඒව ලංකාවට ගැළපෙන්නෙ නැහැ. ලිංගික අධ්‍යාපනයක් මෙහෙට ඕනෑ නැහැ. ගණිකා වාත්තිය නීතිගත කරන්න කියන අයනේ ඉන්නේ මෙහේ. එනිසා ඕනෑ නැති දේවල් නොකියා අපරාධ වලට දඩුවම් කරමු. මිනීමැරුමක් හදිසි කෝපයෙන් කළාට, ස්ත්‍රී දුෂණයක් හදිසි කෝපයෙන් කරන්න බැහැනේ. සිරකරුවෝද මනුෂ්‍යයෝය කිවුවට මොවුන් මිනිස්සුද? (නි)
මේකත් එක්තරා රැකියාවක්.ඒ රටේ නතර වෙනකොට අපේ රටේ ඒවා නිෂ්පාදනය පටන් ගනීද ? (නි)
'දිට්ට ධම්ම වේදනීය කර්මය'' (නි)
කට්ටිය දැන් මෙහෙ බයිලා ගහනවා. අනේ නිකන් කට පියාගෙන ඉන්නවලා. ඕව නොබලපු උන් ලංකාවේ ඉන්නවද?? (ස)
අපේ ගමේ කෙනෙක් හිටියා, ඕවා බලල ගිහින් හවසට නගරයට ගිහින් පන්ති ඇරිලා ගෑනු ළමයි එන සෙනඟ පිරුණු බස් සොය සොයා නගිනවා. බස් එක කොහේ යනවද කියලවත් සොයන්නේ නැහැ. (ස)
අනේ ඒකත් ඉවරයි... මෙච්චරයි තිබුනේ... (ස)
මගේ මනාපය සිරිල්ට. (නදී)
මේ ප්‍රතිචාර දාන සිරිල් සංජු වගේ අයට නිවුස් එකවත් වටහාගන්න තරම්වත් දැනුමක් නැහැ. යන්නේ කොහෙද මල්ලේ පොල්.(නදී)
සමහරවිට ඒක අැමෙරිකවට ලොකු ප්‍රවෘත්තියක් වෙන්න පුළුවන්. මොකද එහේ සියයට අසුවක් විතර පවුල් කන්නේ නැහැ. එනිසා ඒක අපි එතරම හිතන්න ඕනෑ නැහැ. (නි)
පුළුවන් තරම් ලෝකෙට ලෙඩ බෝකරලා දැන් අත් හෝදගන්නවා.කරලා තියෙන්නෙත් කරන්නෙත් පටන් ගන්නෙත් ඒ මිනිසුමයි.(දිල්)
දැන් ඉතින් අපිට මොකද වෙන්නේ? (නි)
එය නරඹන පුද්ගලයා අනුව තිරණය වන්නක්.කාම චිත්‍රපටයක් බලලා මනුස්සයා ස්ත්‍රි දුෂණ,ළමා අපචාර වලට පෙලඹෙනවා නම් ඔහු නියත වශයෙන්ම මානසික රෝගියෙක්. එවන් අය කාම චිත්‍රපටයක් නොබැලුවත් කිනම් හෝ උත්තේජනයක් මත ස්ත්‍රි දුෂණ,ළමා අපචාරවලට පෙලඹිය හැකියි. (නි)
සිරිල් ඔය කියන කතාවේ අැත්තක් තියෙනවා. හැබැයි කිව්ව විදිය වැරදියි. කාමුක චිත්‍රපටි වලින් කෙනෙක් වින්දනයක් ලබලා ඒ නිසා ස්ත්‍රී දුෂණ ඒවා මේවා අඩු වෙනවා නම් හොදයි. හැබැයි වෙන්නේ ඕකේ අනිත් පැත්ත. කාමුක චිත්‍රපට ඒවා බලන කෙනාව පිස්සෙක් කරනවා. එතකොට ස්ත්‍රී දුෂණ වැඩි වෙන්න පුළුවන්. (නි)
දයා, ඇටෙන් පොත්තෙන් මෝරන අය කුතුහලය නිසා ලිංගික කාරණා වලට ආකර්ශනය වෙනවා.එය මනුස්ස ස්වභාවය. නිවැරදි ලිංගික අධ්‍යපනය තුලින් ඔවුන්ට හරි වැරදි කියා දිය හැකියි. ලිංගිකත්වය ගැන රටෙහි නිසි කතිකාවතක් නැතිකමින් තමා වයස10-15 දැරියන් තමන්ගෙ පියාගෙන් පවා දුෂණය වෙන්නෙ.ඇතැම් දරුවන්ට එය වැරදි ක්‍රියවක් කියාවත් අවබෝධයක් නැහැ පැමිණිලි කරන්නවත් (නි)
හොද නරක තෝරා බේරා ගැනීම නරඹන්නන් සතුයි.(නදී)
ඉදලා ඉවරයි.අපි මේවට විරුද්ධව උපවාස කරමු. (නි)
ඉවරයි! මමත් විනෝදෙකට කියලා කළේ ඔච්චරයි (නි)
මමත් ළගදි චිත්‍රපටියක් කරන්න බලපොරොත්තු වෙනවා. (නි)
සිරිල් කියන දේ තමයි මටත් කියන්න ඕනේ. කොහෙද අපි ලියන ඒවා දාන්නේ නැහැනේ.උණුසුම් අදහස් වලටත් ඉඩක් තියෙන්න ඕනේ. (ස)
සිරිල් ඔබේ අදහස විදියට ලිංගික අධ්‍යාපන, මානසික චික්තිසාව ප්රචලිතකිරීම් හොඳයි ඇටෙන් පොත්තෙන් මෝරන උන් ප්‍රායෝගිකව මේක ඇත්ත ද කියා නොබලයි ද ? (ස)
කාම චිත්‍රපටි තහනම් කරන එක ස්ත්‍රි දුෂණ,ළමා අපචාර වැඩි වීමටද හෙතුවිය හැකියි. මක් නිසාද යත් ලිංගික අසහනකරි පුද්ගලයන් කාම චිත්‍රපටි තහනම තුලින් අහිමිවු ආශ්වදය වෙනත් ක්‍රම වලින් සෙවිමට පෙලඹිය හැකි නිසා. මාගෙ අදහස වනුයේ ලිංගික අධ්‍යපනය හා මානසික චිකිත්සාව වඩා ප්‍රචලිත කිරිම ඵලදායි වන බවයි. (ස)
කෝ දැන් අපේ ඇමෙරිකාව පට්ට ගහන වීරයෝ? ඇමෙරිකාව ට හොඳ නැති ඕනෙම ලෙඩක් අපේ ශ්‍රී ලාංකිකයෝ උඩ පැනල බාර ගන්න වා. (ස)