ලෝක තෙල් මිල පහළ බසිමින් පවතින මේ සමය දියුණු වෙමින් පවතින රටවලට තම තමන්ගේ ආර්ථීකය ශක්තිමක් කර ගැනීමට ස්වර්ණමය අවස්ථාවක් යැයි ආසියා සංවර්ධන බැංකුව කියයි.
විශේෂයෙන් උද්ධමය අගය පහත හෙළාගැනීමට, නිශ්පාදන හා ප්‍රවාහන ක්ෂේත්රවල කටයුතු වඩා කාර්යක්ෂමව හා ලාභදායී ලෙස ක්‍රියාවට නැංවීමට තෙල් මිල අඩුවෙමින් තිබීමේ වාසිය යොදාගැනීමට දියුණු වෙමින් පවතින රටවල් වහාම කටයුතු කළ යුතුව තිබෙන බව ආසියා සංවර්ධන බැංකුව පෙන්වාදේ.
2015 සඳහා අනුමානයන්ද ඉදිරිපත් කර තිබෙන බැංකුව පවසන්නේ තත්ත්වය මෙළෙසම පැවතුණහොත් දකුණු ආසියා කලාපයේ සාමාන්‍ය උද්ධමන අගය සියයට 3.5 ක වැනි අගයක පවතිනු ඇති බවයි.එය මුලින් නිර්ණය කර තිබූ සියයට 3.7 අගයට වඩා සියයට දශම 2 ක පහළ යෑමකි.
දකුණු ආසියා කලාපයේ ඇති රටවල් සියල්ලකටම පාහේ මේ තෙල් මිල පහළ යෑමෙන් වාසි සළසා ගත හැකි බවද එසේ වාසි සළසා ගැනීමට නම් දැන්ම ක්‍රියාත්මක විය යුතු බවටද ආසියා සංවර්ධන බැංකුව උපදෙස් දේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ රජය නම් මේ වාසිය ඔය කාටත් ප්‍රථමයෙන් පුරවැසියාට ලබාදෙන්න පියවර අරගෙන තියෙන්නේ. ඒ නිසා තමයි නොකඩවා තෙල් සංස්ථාව පාඩු ලබන්නේ.(හේ)
ලෝක තෙල් මිල පහළ බසිමින් පවතින්නේ දැන් අවරුදු ගානක ඉඳලා.(හේ)
ඒ වාසියත් එහෙනම් ඇමතිවරුන්ගේ සාක්කුවට තමයි. ජය වේවා! (නි)
ඔයාල කරන දේශපාලනයක් කර ගන්න, ඒත් ඉතිහාසයේ අබීත වීර මාතාවන් ට අපහාස නොකරන්න. ඔයාල වගේ දේශය කැලි කැලි වලට විඉකේ නෑ.මිනිස්සු බේද භින්න කළේ නෑ (බ)
අපේ කොටස් වෙළදපොල වාසි ලැබුවොත් හරි (නදී)